කඩ බදු නොගෙවීයේ යැයි නාගරික සංවර්ධන අධිකාරිය සෙල්ලකතරගම කඩ හතලිස් අටකට අද අලුයම වන තුරු සීල් තැබු නමුත් ඔවුන් පිටව ගිය පසු කඩ හිමියෝ සීල් කඩා එම කඩ වලට ඇතුළු වුහ. හමුදා ආරක්ෂාව මැද නිලධරයෝ එහි ආහ. මේ වන තුරු සීල් තැබීමේ කටයුත්තේ නිරත වී සිටියහ.
රුපියල් ලක්ෂ දෙකහමාරක මුලික මුදලක් ගෙවා කඩබාරගත් පසු තිස්පන්දහසේ මාසික බද්ද ගෙවා නැතැයි දැනගන්නට ඇත.
කගරගම ප්‍රාදේශිය සභා සභාපති හා උප සභාපති එහි පැමිණ පොලිසිය සමග එක් වී උණුසුම්කාරී තත්ත්වය සමනය කීරිමට උත්සාහා ගත්හ.
සෙල්ල කතරගම වෙළද සංගමයේ සභාපති පී අල්ගෙවත්ත මහතා පැවසුවේ ගෙවිය යුතු රුපිල් තිස්පන්දහසේ වාරිකය දික්කර ගැනීම සදහා තිස්සමහාරාම අධීකරණයේ නඩු පහළොවක් ගොනු කැර තිබියදී කඩ සීල් තැබු බවයි. නාගරික සංවර්ධන අධිකාරියේ කඩ 160 ඉදි කළ අතර ඉන් 140ක් බදු දී තිබේ.
සීල් තැබීමට එරෙහිව කඩ හිමියෝ කපුරු දල්වා පොල් ගැසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මහ රෑ ගියේ ? දවල් යන්න බයේද? (ත)
එතකොට ඒ මිනිස්සුන්ගේ වෙළදාම (දී)
කොහොමද එහෙම කරන්නේ (දී)
ඒක හරි වැඩක් නේ (දී)
බැතිමතුන් සූරාගෙන කන කට්ටිය (ස)
මේ අය කපුරු දල්වා පොල් ගැහුවේ කතරගම දෙවියන්ටද ? මේ රටේ දෙවියන්ට පොල් ගහල වැඩක් නැති බව තවම මේ අය දන්නේ නැහැ වගේ. (ස)
රොහාන්, ඔබ නිවැරදියි. (නි)
අසරණ මිනිහටම තමයි ඔක්කොම (දී)