අධිකරණයේ අද තීන්දු පිළිකුල් සහගත යැයි රවුෆ් හකීම් අධිකරණ ඇමැති පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමේ යෝජනාව පිළිබඳ විවාදයේ දී ඔහු එසේ පැවැසුවේය. ජ්‍යෙෂ්ඨ ඇමැති ඩීව් ගුණසේක මහතා සඳහන් කෙළේ අද අධිකරණයේ ගැටුමක් හා අර්බුදයක් මතු වී ඇති බවයි. අධිකරණය හ විධායකය හා විව්‍යස්ථාදායක වග කිවයුතු බව ඔහු කීවේය.
මෛත්‍රිපාල සිරිසේන ඇමැති
නොමනා ක්‍රිය කලාපයක් සම්බන්ධයෙනුයි මේ විවාදය පැවැත්වෙන්නේ. රජයේ නිලතල දරන අය නීති ගරුක විය යුතුයි සදාචාර විය යුතුයි.
ලක්ෂ්මන් කිරි ඇල්ල (එජාප)
අපට ඕනෑ ඇත්ත දන ගන්නයි එහෙත් අග විනිසුරුවරියට එරෙහි තේරීම් කමිටු විභාගයෙන් ඇත්ත දැන ගන්න බැරි වූණා.
චෝදනා ඉදිරිපත් කළ එහෙත් මාසයක් ගියත් අපට ලියවිලි ලැබුණේ නැහැ. ඒ විභාගය ඒක පාක්ෂිකයි. සාධාරණය යුක්තිය ඉටු වූයේ නැහැ.
ජ්‍යෙෂ්ඨ ඇමැති ඩියු ගුණසේකර
අද අධිකරණයේ අර්බුදයක්, ගැටළුක්, අවිනිශ්චිත තත්ත්වයක් නෙවිල් සමරකෝන් හිටපු අගවිනිසරුගේ දෝෂාභියෝගයෙන් පස්සේ වසර 35ක් ගත වුණත් නීතියේ හා මැතිසබේ ස්ථාවර නියෝග අඩුපාඩු හදාගන්න බැරි වුණා. ඊට අධිකරණය, විධායක හා විවස්ථාදායකයත් වග කිව යුතුයි.
අජිත් කුමාර (ප්‍රජාත්න්ත්‍රවාදි ජාතික සංධානය)
ආණ්ඩුපක්ෂයේ මැති ඇමැතිවරුන් මේ යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්නේ කැමැත්තෙන් නොවේ. ඒ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයි. අපි කතා කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනයි. රටේ නීතිය සර්ව සාධාරණ ලෙස ක්‍රියාත්මක කිරීම ගැනයි.
ඇමැති වාසුදේව නානායක්කාර.
අග විනිසුරුට එරෙහි දෝෂාභියෝගයේ දී රජය ව්‍යවස්ථානු කූලව ක්‍රියා කළා. හොඳින් ක්‍රියා කළා. සර්ව සාධාරණව ක්‍රියා කළා. අද අපි අධිකරණයේ ලෝගු ගලවනවා.
අධිකරණ ඇමැති රාවුෆ් හකීම්
පාර්ලිමේන්තුව උත්තරීතරයි. අද අධිකරණයේ තීන්දු පිළිකුල් සහගතයි. වරැදීයි. පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය නැති කරන්න කාටවත් බෑ.
පවිත්‍රා වන්නි ආරච්චි ඇමැතිනිය.
කවුරුන් වැරදි කළත් ඒ අය ඉවත් කළ යුතුයි. එය අපේ වගකීම.
විජයදාස රාජපක්ෂ (එජාප)
සොක්‍රටීස්ට වස පොවා මැරුවා. ඔහුට සාධාරණය ඉෂ්ට කෙළේ නැහැ. ජේසුතුමන්ටත් සාධාරණය ඉෂ්ට කෙළේ නැහැ. ශිරාණි බණ්ඩාරනායක මහත්මියටත් සාධාරණය යුක්තිය ඉෂ්ට වන්නේ නැහැ.
ඇමැති විමල් වීරවංශ
විපක්ෂය කතා කරන්නේ ශිරාණි බණ්ඩාරනායකෙගේචෝදනා ගැන නොවේ. නීතිමය ක්‍රියාකලාපය ගැනයි. විපක්ෂය ඉන්නේ ‘හෙර සමග හෙළුවෙන් ‘ ඇය උසාවියට ගිහින් සර්ටියෝරාරි ආඥාවක් ගත්තා එහි නිවැරදි නම ‘ශිරාණිටියෝරාරි ආඥාවයි‘. විපක්ෂය එතෙර මෙතර සතරු බලවේග සමග එක්වී සිටිනවා.
ජෝන් අමරතුංග එජාප
සිරිමා බණ්ඩාරනායක හා පීලික්ස් ඩයස් බණ්ඩාරනායක කාලෙත් මේවගේ නීති විරෝධී වැඩ කළා. ඔවුන් අන්ත පරාජයකට පත් වූණා. අද කෙරෙන්නෙත් සිරිමා පිලික්ස් සමයේ වූ දේමයි. ඒ වරද කරන පාලකයන්ට ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. කාවදා හරි වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ලංකාවේ සමාජවාදය කතාකරන අය... (නි)
මේවයේ නියම ඵල තව ටිකකාලෙකින් නෙලාගන්න පුලුවන්. (නි)
අපේ අනාගත දරුවන්ටයි මේවට වන්දි ගෙවන්න වෙන්නේ. (නි)
ඒ කතාව නම් 100% අපි පිලි ගත යුතුයි (දී)
මේකට කියන්නේ සුබ අනාගතයක් කියලා (ස)
අජිත් කරුණාරත්න, බමුණුසිංහ, නිරෝෂන්, සමන්, මුල සිට ඔබලාගෙ අදහස් අප දුටුවා. අද විපක්ෂයට අත්වී ඇත්තෙ අළුත් අර්ථ නාමයකි. සත්‍ය වසන් කරන්නට බැරිය. (නි)
කොහෙන් ගියත් අවසානේ වන්දි ගෙවන්න වෙන්නේ ජනතාවට තමයි (ස)
කාට නැතත් අවසානයේදී ජනතාවට තමයි වන්දි ගෙවන්න වෙන්නේ. (නි)
සෞදියේ නීති ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ නීති අක්‍රිය වෙනවා. (නි)
රටේ ප්‍රශ්න වලට අපි ඔක්කොම පොදුවේ වගකිවයුතුයි (දී)
නමුත් මේ අධිකරණ ගැටලුව වහා ඉක්මනින් විසදිය යුතුයි (දී)
එක්කෙනෙකුට සමාජයේ ඉගෙනගත් අය සමග ඇත්තේ පුදුම වෛරයක්නේ. (නි)
වාසුදේව ඇමතිතුමා මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මේ තියෙන අරබුදයෙන් කාටවත් ගැලවෙන්න බැහැ තමයි, නමුත් මතක තියා ගන්න ඕනේ අධිකරණයේ විතරයි ප්‍රශ්න නොතිබුනේ කියලා (දී)
මම හිතනවා ජෝන් අමරතුංග මහත්තයා හරි කියලා. (නි)
හොදයි හොදයි. (නි)
වැරදි කල කාටත් යන්න වෙනවා??? එතකොට අහවලා ඉන්නවද? (නි)
ඉස්සර අධිකරණයේ අර්බුධයක් තිබ්බෙත් නැහැනේ (දී)
"අධිකරණයේ ලෝගු ගලවනවා"ලු. එතකොට මීටපස්සේ නඩු අහන්නේ පාර්ලිමේන්තුවේද? (නි)
ඒ කතාව ඇත්ත, අපි පොදුවේ රටට වගකියන්න ඕනේ (දී)
කවුද ඕක ඇති කලේ (දී)
මමනම් හිතන්නේ මේ රටේ මිනිස්සු මීට වඩා බුද්ධිමත් විය යුතුයි ... (ස)
අපිත් වග කියන්න ඕනේ මව් ප්‍රශ්න වලට (දී)
අපි මොකුත් කියුව් කලෙත් නැහැ, ඒ නිසා අපිවනම් ඕවට ගාව ගන්න එපා (දී)
ඊළග අගවිනිසුරු කවුද? (නි)
එසේ නම් ඇය විසින් විභාග කරන ලද සියළු නඩු තීන්දු අහෝසිකර නැවත විභාග කළ යුතුයි නේද? (නි)
අපිවනම් ගාව ගන්න එපා (දී)
ලංකා වාසින් සියල්ලන් මේ ප්‍රශ්නයට අදාලයි (දී)
ලංකාව අරන් තියෙන ණය වලින් ලංකා වාසි කාටවත් මිදෙන්න බැහැ වගේ (දී)