IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අධිකරණ අර්බුදයෙන් කාටවත් බේරෙන්න බෑ

 

 

අධිකරණයේ අද තීන්දු පිළිකුල් සහගත යැයි රවුෆ් හකීම් අධිකරණ ඇමැති පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමේ යෝජනාව පිළිබඳ විවාදයේ දී  ඔහු එසේ පැවැසුවේය. ජ්‍යෙෂ්ඨ ඇමැති ඩීව් ගුණසේක මහතා සඳහන් කෙළේ අද අධිකරණයේ ගැටුමක් හා අර්බුදයක් මතු වී ඇති බවයි.  අධිකරණය හ විධායකය හා විව්‍යස්ථාදායක වග කිවයුතු බව ඔහු කීවේය.

මෛත්‍රිපාල සිරිසේන ඇමැති

නොමනා ක්‍රිය කලාපයක් සම්බන්ධයෙනුයි මේ විවාදය පැවැත්වෙන්නේ. රජයේ නිලතල දරන අය නීති ගරුක විය යුතුයි සදාචාර විය යුතුයි.

ලක්ෂ්මන් කිරි ඇල්ල (එජාප)

අපට ඕනෑ ඇත්ත දන ගන්නයි එහෙත් අග විනිසුරුවරියට එරෙහි තේරීම් කමිටු විභාගයෙන් ඇත්ත දැන ගන්න බැරි වූණා.

චෝදනා ඉදිරිපත් කළ එහෙත් මාසයක් ගියත් අපට ලියවිලි ලැබුණේ නැහැ. ඒ විභාගය ඒක පාක්ෂිකයි. සාධාරණය යුක්තිය ඉටු වූයේ නැහැ.

ජ්‍යෙෂ්ඨ ඇමැති ඩියු ගුණසේකර

අද අධිකරණයේ අර්බුදයක්, ගැටළුක්, අවිනිශ්චිත තත්ත්වයක් නෙවිල් සමරකෝන් හිටපු අගවිනිසරුගේ දෝෂාභියෝගයෙන් පස්සේ වසර 35ක් ගත වුණත් නීතියේ හා මැතිසබේ ස්ථාවර නියෝග අඩුපාඩු හදාගන්න බැරි වුණා. ඊට අධිකරණය, විධායක හා විවස්ථාදායකයත් වග කිව යුතුයි.

අජිත් කුමාර (ප්‍රජාත්න්ත්‍රවාදි ජාතික සංධානය)

ආණ්ඩුපක්ෂයේ මැති ඇමැතිවරුන් මේ යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්නේ කැමැත්තෙන් නොවේ. ඒ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයි. අපි කතා කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනයි. රටේ නීතිය සර්ව සාධාරණ ලෙස ක්‍රියාත්මක කිරීම ගැනයි.

ඇමැති වාසුදේව නානායක්කාර.

අග විනිසුරුට එරෙහි දෝෂාභියෝගයේ දී රජය ව්‍යවස්ථානු කූලව ක්‍රියා කළා. හොඳින් ක්‍රියා කළා. සර්ව සාධාරණව ක්‍රියා කළා. අද අපි අධිකරණයේ ලෝගු ගලවනවා.

අධිකරණ ඇමැති රාවුෆ් හකීම්

පාර්ලිමේන්තුව උත්තරීතරයි. අද අධිකරණයේ තීන්දු පිළිකුල් සහගතයි. වරැදීයි. පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය නැති කරන්න කාටවත් බෑ.

පවිත්‍රා වන්නි ආරච්චි ඇමැතිනිය.

කවුරුන් වැරදි කළත් ඒ අය ඉවත් කළ යුතුයි. එය අපේ වගකීම.

විජයදාස රාජපක්ෂ (එජාප)

සොක්‍රටීස්ට වස පොවා මැරුවා. ඔහුට සාධාරණය ඉෂ්ට කෙළේ නැහැ. ජේසුතුමන්ටත් සාධාරණය ඉෂ්ට කෙළේ නැහැ. ශිරාණි බණ්ඩාරනායක මහත්මියටත් සාධාරණය යුක්තිය ඉෂ්ට වන්නේ නැහැ. 

ඇමැති විමල් වීරවංශ

 විපක්ෂය කතා කරන්නේ ශිරාණි බණ්ඩාරනායකෙගේචෝදනා ගැන නොවේ. නීතිමය ක්‍රියාකලාපය ගැනයි. විපක්ෂය ඉන්නේ ‘හෙර සමග හෙළුවෙන් ‘ ඇය උසාවියට ගිහින් සර්ටියෝරාරි ආඥාවක් ගත්තා එහි නිවැරදි නම ‘ශිරාණිටියෝරාරි ආඥාවයි‘. විපක්ෂය එතෙර මෙතර සතරු බලවේග සමග එක්වී සිටිනවා.

ජෝන් අමරතුංග එජාප

සිරිමා බණ්ඩාරනායක හා පීලික්ස් ඩයස් බණ්ඩාරනායක කාලෙත් මේවගේ නීති විරෝධී වැඩ කළා. ඔවුන් අන්ත පරාජයකට පත් වූණා. අද කෙරෙන්නෙත් සිරිමා පිලික්ස් සමයේ වූ දේමයි. ඒ වරද කරන පාලකයන්ට ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.  කාවදා හරි වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.



අදහස් (0)

අධිකරණ අර්බුදයෙන් කාටවත් බේරෙන්න බෑ

බණ්ඩාර Friday, 11 January 2013 10:03 PM

ඔන්න ලංකාවේ සමාජවාදය කතාකරන අය... (නි)

:       0       0

කිවි Saturday, 12 January 2013 07:40 AM

මේවයේ නියම ඵල තව ටිකකාලෙකින් නෙලාගන්න පුලුවන්. (නි)

:       0       0

කීර්ති Friday, 11 January 2013 10:01 PM

අපේ අනාගත දරුවන්ටයි මේවට වන්දි ගෙවන්න වෙන්නේ. (නි)

:       0       0

බන්දුල Saturday, 12 January 2013 07:54 AM

ඒ කතාව නම් 100% අපි පිලි ගත යුතුයි (දී)

:       0       0

දිසා Saturday, 12 January 2013 08:51 AM

මේකට කියන්නේ සුබ අනාගතයක් කියලා (ස)

:       0       0

නිරන්ජන් Friday, 11 January 2013 10:59 PM

අජිත් කරුණාරත්න, බමුණුසිංහ, නිරෝෂන්, සමන්, මුල සිට ඔබලාගෙ අදහස් අප දුටුවා. අද විපක්ෂයට අත්වී ඇත්තෙ අළුත් අර්ථ නාමයකි. සත්‍ය වසන් කරන්නට බැරිය. (නි)

:       0       0

නිරෝෂාන් Friday, 11 January 2013 06:04 PM

කොහෙන් ගියත් අවසානේ වන්දි ගෙවන්න වෙන්නේ ජනතාවට තමයි (ස)

:       0       0

නිරෝෂන් Friday, 11 January 2013 06:07 PM

කාට නැතත් අවසානයේදී ජනතාවට තමයි වන්දි ගෙවන්න වෙන්නේ. (නි)

:       0       0

විලේගොඩ Friday, 11 January 2013 11:12 PM

සෞදියේ නීති ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ නීති අක්‍රිය වෙනවා. (නි)

:       0       0

ජගත් Friday, 11 January 2013 06:38 PM

රටේ ප්‍රශ්න වලට අපි ඔක්කොම පොදුවේ වගකිවයුතුයි (දී)

:       0       0

උදය Saturday, 12 January 2013 12:59 PM

නමුත් මේ අධිකරණ ගැටලුව වහා ඉක්මනින් විසදිය යුතුයි (දී)

:       0       0

සමන් Friday, 11 January 2013 06:59 PM

එක්කෙනෙකුට සමාජයේ ඉගෙනගත් අය සමග ඇත්තේ පුදුම වෛරයක්නේ. (නි)

:       0       0

සුමනා Friday, 11 January 2013 07:05 PM

වාසුදේව ඇමතිතුමා මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

නිශාන්ත Saturday, 12 January 2013 09:41 AM

මේ තියෙන අරබුදයෙන් කාටවත් ගැලවෙන්න බැහැ තමයි, නමුත් මතක තියා ගන්න ඕනේ අධිකරණයේ විතරයි ප්‍රශ්න නොතිබුනේ කියලා (දී)

:       0       0

බමුණුසිංහ Friday, 11 January 2013 07:14 PM

මම හිතනවා ජෝන් අමරතුංග මහත්තයා හරි කියලා. (නි)

:       0       0

සූමී Tuesday, 15 January 2013 04:07 AM

හොදයි හොදයි. (නි)

:       0       0

තරුෂ Saturday, 12 January 2013 12:16 AM

වැරදි කල කාටත් යන්න වෙනවා??? එතකොට අහවලා ඉන්නවද? (නි)

:       0       0

සුරංග Saturday, 12 January 2013 09:46 AM

ඉස්සර අධිකරණයේ අර්බුධයක් තිබ්බෙත් නැහැනේ (දී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 11 January 2013 07:28 PM

"අධිකරණයේ ලෝගු ගලවනවා"ලු. එතකොට මීටපස්සේ නඩු අහන්නේ පාර්ලිමේන්තුවේද? (නි)

:       0       0

අජිත් Friday, 11 January 2013 07:31 PM

ඒ කතාව ඇත්ත, අපි පොදුවේ රටට වගකියන්න ඕනේ (දී)

:       0       0

සාලිය Saturday, 12 January 2013 09:56 AM

කවුද ඕක ඇති කලේ (දී)

:       0       0

රජිත් Saturday, 12 January 2013 01:04 AM

මමනම් හිතන්නේ මේ රටේ මිනිස්සු මීට වඩා බුද්ධිමත් විය යුතුයි ... (ස)

:       0       0

හනිස් Saturday, 12 January 2013 10:01 AM

අපිත් වග කියන්න ඕනේ මව් ප්‍රශ්න වලට (දී)

:       0       0

කෝලිත Friday, 11 January 2013 07:54 PM

අපි මොකුත් කියුව් කලෙත් නැහැ, ඒ නිසා අපිවනම් ඕවට ගාව ගන්න එපා (දී)

:       0       0

මධූ Saturday, 12 January 2013 01:13 AM

ඊළග අගවිනිසුරු කවුද? (නි)

:       0       0

කුමාර් Saturday, 12 January 2013 06:29 PM

එසේ නම් ඇය විසින් විභාග කරන ලද සියළු නඩු තීන්දු අහෝසිකර නැවත විභාග කළ යුතුයි නේද? (නි)

:       0       0

චන්න Saturday, 12 January 2013 03:51 AM

අපිවනම් ගාව ගන්න එපා (දී)

:       0       0

ලලිත් Saturday, 12 January 2013 11:10 AM

ලංකා වාසින් සියල්ලන් මේ ප්‍රශ්නයට අදාලයි (දී)

:       0       0

පාලින්ද Saturday, 12 January 2013 05:50 AM

ලංකාව අරන් තියෙන ණය වලින් ලංකා වාසි කාටවත් මිදෙන්න බැහැ වගේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site