සෙනසුරාදා රාත්‍රී අහසේ දිස්වූ එළිය විහිදුවන ආකාශ වස්තුවක් දැක ගාල්ලේ ගල්වඩුගොඩ ප්‍රදේශවාසීන් භීතියට පත්විය. පැයක පමණ කාලයක් ඒ මේ අත ගමන් කරමින් මේ අමුතු වස්තුව බිම වැටිණි. එවිට දැක ගත හැකිවූයේ බත් දවටන වැනි තුනී පොලිතීන් අළවා සැකසූ බැලුනකි එහි ඇති ඉටිපන්දමක් වැනි උපකරණයක් දල්වා හීලියම් වායුව මගින් උඩ යවන මෙම බැලුනය රුපියල් 500 ට වෙළෙඳ පොලේ අළෙවි කැරේ. ඒවා ගෙන්වා ඇත්තේ චීනයෙනි. විවිධ වර්ණයෙන් මිලදීගැනීමට ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට රතු වැසි (දී)
පිටසක්වල ප්‍රහාරයක් (දී)
යටින් පන්දමක් එල්ලලා උඩ යන්න මටත් පුළුවන්. (නි)
දකුණට ඉතින් මැජික් තමයි. (නි)
බැලුමක් හදාගන්නවත් මිනිහෙක් ලංකාවේ නැද්ද? ඒකත් චීනෙන්ද ගෙන්වන්නේ? කම්මල් පිහියත් මේ චීන පිහි නිසා නැතිවෙලා ගිහිල්ලා. කාට කියන්නද මේ කරුමය? ඔබත් කම්මල් පිහිය අතහැරලා චීනපිහියක් මිලට ගෙන කුස්සියේ ඇති. හොදට බලන්නකො. සැමදේම පිටරටින් ගේන මේ රටට අනාගතයක් කොයින්ද? ආශ්චර්යයක් කොයින්ද? (නි)
කලින් රැවටුනෙත් මේ වටද දන්නේ නැහැ (දී)
අමිල, කරුණාකර [email protected] ලිපිනයට ඔබගේ ඡායාරූප එවන්න. (නි)
මට නම් එහෙම හිතන්න බැහැ (දී)
නැහැ පිට සක්වල වැඩක් (දී)
දකුණේ කට්ටියගේ වැඩක් වෙන්න ඇති. (නි)
සිංහලයා මෝඩයා-කැවුම් කන්න යෝධයා... කියන්නෙ නිකමටද ?අනේ පව් කියල හිතෙනවා මේවා ඇහෙනකොට. (නි)
වෙන්නත් පුළුවන්.... නොවෙන්නත් පුළුවන් (දී)
අමිල, කරුණාකර [email protected] ලිපිනයට ඔබගේ ඡායාරූප එවන්න. (නි)
එතකොට ලෝකේ අනිත් රට වලත් පෙනුනේ හීලියම් බැලුන්ද, නිකන් බොරු කියන්න එපා (දී)
දකුණේ අය කොහොමත් අනෙක් අයව බය කරනවානේ. (නි)
දකුණ මී කිරි වලට වගේම මෙහෙම අඥානයින්ටත් ප්‍රසිද්ධයිනේ. (නි)
අමිල, [email protected] ලිපිනයට ඔබගේ ඡායාරූප එවන්න. (නි)
පිටසක්වළ පීරිසිත් මෙහෙම ඒවමද දන්නෙ නැහැ. (නි)
මම ගොඩාක් බය උනා (දී)
ඇති යන්තම්, මම මේ බෝට්ටුවක් හොය හොයා හිටියෙ ඕස්ට්‍රේලියාවටවත් පැන ගන්න කියලා. (නි)
දකුණේ කට්ටියනේ... (නි)
එහෙනම් මේකයි හොරේ! (නි)
එතකොට අර වැහැපු වැහි (දී)
ඕක මහා ලොකු දෙයක් නෙමෙයි. බත් ඔතන්න ගන්න කොළ විස්සක් විතර තිබුණා නම් ඕක ලේසියෙන්ම හදන්න පුළුවන්. ඊට පස්සේ ඕකට දුම පුරවලා යටින් පන්දමක් එල්ලලා උඩ යවනව. හීලියම් ඕනෑ වෙන්නේත් නැහැ. අපේ පැත්තේ කොල්ලෝ වෙසක් කාලෙට ඕවා යවන්නේ තරගෙට. දැන් ඕවත් චීනෙන් ගෙන්නන්න පටන් අරගෙනද? (නි)
හැමදෙයක්ම එහෙම වෙන්නෙ නැහැ. (නි)
ඕවට තමයි අපේ මෝඩ මිනිස්සු පහුගිය දවස්වල රැවටුණේ. (නි)
මෙන්න බොලවු! දැන් චීනෝ ලංකාවේ අහසෙත් ඉන්නෝ! (නි)
අනේ මන්දා (දී)
පිටසක්වල යානා කියන්නේ නම් නැහැ. එත් මම ගත්තු ෆොටෝ වගයක අහසේ අමුතු දෙයක් තියෙනවා. මමත් ඒක දැක්කේ පරිඝනකයට දාලා විශාල කරලා බැලුවහම. ඒක නම් සරුංගලයක් වෙන්න බැහැ. බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මම දෙන්නම්. මටත් ඕනෑ ඒක මොකක්ද දැනගන්න. (නි)
පොල්අතු වහළක් උඩට වැටුණොත් ගින්දරක්ම තමයි. (නි)
මේ පිළිබදව මිනිසුන්ව තව තවත් දැනුවත් කිරීම ජනමාධ්‍යයෙන් කළයුතුයි. (නි)
කාටවත් කියන්න බැහැ මේවා අතර නොපෙනෙන බලවේගයක් නැහැ කියලා (දී)
ගගනගාමියෙක්ගේ වැඩක්ද දන්නෙ නැහැ. (නි)
දකුණේ අය හරියට රැවටෙනවනේ. (නි)