දිවයිනේ නැගෙනහිර කොටසේ පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් පවතී. උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල තද වැසි ද ඇතිවේ. අපර භාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ද ඇති වේ.