දිවයිනේ උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන වැසි ඇතිවේ. අපරභාගයේදී හෝ රාත්‍රී කාල්යේදී හෝ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

සුළං ඊසාන දිශාවෙන් හමන අතර වේගය පැයට කිලෝ මීටර 40 ක් පමණ වේ. ගිනිකොණදිග වෙරළට ඔබ්බෙන් මුහුදේ දී සුළගේ වේගය පැයට කිලෝ මීටර 50 ත් 60 ත් අතර දක්වා ඉහළ යාමට ඉඩ තිබේ. දිවයිනට නැගෙනහිර සහ ගිනිකොණ වෙරළට ඔබ්බෙන් මුහුදේ තැනින් තැන වැසි ඇති වේ.