දිවයින පුරාම වැසි නොමැති සිසිල් කාලගුණ තත්ත්වයක් පවතින නමුත් දිවයිනේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ වැසි ස්වල්පයක් ඇතිවීමට ඉඩ ඇත. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන ඇතිවේ.
ගිනිකොණදිග වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ ස්ථාන ස්වල්පයක වැසි ඇතිවේ. ඊසාන දෙසින් හමන සුළඟ පැයට කිලෝ මීටර 40 ක පමණ වේගයකින් හමායන අතර මන්නාරම බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දිවයිනට බස්නාහිර දකුණු සහ ගිනිකොණදිග වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ දී සුළං වේගය පැයට කිලෝ මීටර 60 ක් දක්වා ඉහළ යයි. එම ප්‍රදේශවල මුහුද ද රළු ස්වභායක් ගනී.
මූළාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd