උතුර සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේ දී වැසි ස්වල්පයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති සිසිල් කාලගුණ තත්ත්වයක් පවතී. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු පිනි) ඇතිවීමට ඉඩ තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට නිරිත දෙසින් පැයට කිලෝ මීටර 40 ත් 60 ත් අතර වේගයෙකින් හමන තරමක් තද සුළං ඇතිවීමට ඉඩ ඇත.
දිවයිනට නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ ස්ථාන ස්වල්පයක වැසි ඇති වේ. ඊසාන දෙසින් හමා එන සුළඟේ වේගය පැයට කිලෝ මීට 40 ක් දක්වා වර්ධනය වේ. මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයිනට ගිනිකොණ දිග සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය විටෙක රළු වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd