දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති සිසිල් කාලගුණ තත්ත්වයක් පවතී. දිවයිනට නැගෙනහිර සහ ගිනිකොණදිග වෙරළට ඔබ්බෙන් වන මුහුදේ තැන තැන වැසි ඇතිවේ. පැයට කිලෝ මීටර40 ක් දක්වා වූ සුළං ප්‍රධාන වශයෙන් ඊසාන දිශාවෙන් හමා එයි. මන්නාරම බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයිනට බස්නාහිර සහ ගිනිකොණ දිග වෙරළට ඔබ්බෙන් වන මුහුදේදී සුළං වේගය ඇතැම් අවස්ථාවලදී පැයට කිලෝ මීටර 60 දක්වා ඉහළ යාමට ඉඩ තිබේ. එවැනි අවස්ථාවලදී මුහුද වඩාත් රළු ස්වභාවයක් ගනී.

මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව