දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති සිසිල් කාලගුණක් පවතී. නුවරඑළියේ ඇතැම් ස්ථාන වල බිම් තුහින ඇතිවීමට ඉඩ තිබේ. ඊසාන දෙසින් හමා එන සුළඟ පැයට කිලෝ මීටර 30 ත් 40 ත් අතර වේ. දකුණු සහ ගිනිකොණ දිග වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයන් හිදී මෙම සුළං වේගය විටෙක පැයට කිලෝ මීටර 50 ත් 60 ත් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ යාමට ඉඩ ඇත.

දිවයිනට ගිනිකොණ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මන්නාරම් බොක්ක ප්‍රදේශය සහ දිවයිනට බටහිර, දකුණු සහ ගිනිකොණ දිග වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශ විටෙක රළු ස්වභාවයක් ගනු ඇත.

මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව