දිවයින පුරාම ප්‍රධාන වශයෙන් වැසි නොමැති සිසිල් කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. ඌව, මධ්‍යම, නැගෙනහිර සහ දකුණු පළාත් වල වැසි ස්වල්පයක් ඇතිවීමට ඉඩ තිබේ.
දිවයිනට නැගෙනහිර, ගිනිකොණ සහ දකුණු වෙරළ තීරයට ඔබ්බෙන් වන මුහුදේ තැන තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඊසාන දිශාවෙන් හමා එන සුළඟේ වේගය පැයට කිලෝ මීටර 30-40 අතර වේ. නැගෙනිහර, ගිනිකොණ සහ දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සුළඟේ වේගය පැයට කිලෝ මීටර 60 දක්වා ඉහළ යනු ඇත.
මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයිනට නැගෙනහිර, ගිනිකොණ සහ දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරය රළු ස්වභාවයක් ගනී.
මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd