දිවයිනේ නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් වල විටින් විට ඇතිවන වැසි බස්නාහිර, සබරගමුවව, දකුණු සහ මධයම පළාත් වලට ද පැතිර යාමට ඉඩ තිබේ. දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශයේ විටින් විට පැටය කිලෝ මීටර 60 ක් දක්වා වූ මෝසම් සුළං අපේක්ෂා කැරේ. සුළං හැමීම ඊසාන දෙසින් සිදුවේ. මන්නාරම බොක්ක සහ දිවයිනට බස්නාහිර, නිරිත සහ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදේ දී සුළඟේ වේගය පැයට කිලෝ මීටර 60 ක් පමණ වේ. එම ප්‍රදේශවල මුහුද රළු ස්වභාවයක් උසුලයි.

මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව