උතුරු, නැගෙනහිර, උතුරුමැද, වයඹ සහ ඌව පළාත් වල විටින් විට වැසි ඇති වේ. අපර භාගයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්තික්ක වලත් ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේත් වැසි ඇතිවීමට ඉඩ තිබේ.
උතුරු, වයඹ සහ ඊසාන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද වැසි බලාපොරොත්තු වේ. පැයට කිලෝ මීටර 30 ත් 40 ත් අතරවූ වේගයකින් ඊසාන දෙසින් හෝ වයඹ දෙසින් සුළං හමා එයි. බස්නාහිර, නිරිත සහ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැයට කිලෝ මීටර 50 ක් 60 ක් දක්වා ඉහළ යාමට ද ඉඩ තිබේ. මන්නාරම බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයිනට බස්නාහිර, නිරත සහ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය විටෙක රළු වේ. දිවයින අවට මුහුදු ප්‍රදේශයේ සහ දිවයිනේ මෝසම් සුළං වල වැඩිවීමක් විටින් විට ඇතිවේ.
මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd