බණ්ඩාරගම මහමග දමාගොස් සිටි දරු තිදෙනා උසාවියට ඉදිරිපත් කර ළමා නිවාසයකට බාරදෙන බවත් පියාට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.
එම දරුවන්ට මවගේ රැුකවරණ නොලැබෙන බව පෙනේයැයිද ජයකොඩි මහතා කියයි.
මෙවැනි සිද්ධිවලට සම්බන්ධ මව්පියන් අත්අඩංගුවට ගැනීමේ බලතල ජාතික ළමා රක්ෂණ අධිකාරියට ඇතැයි එහි සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න තියෙන බව ඇත්ත.ඒ වුණාට මේ විදිහට දරුවෝ පාරට වීසි කරන එක හෙණගහන අපරාධයක්.ආර්ථිකය කඩා වැටෙනවට වඩා අධිවේගයෙන් මේ මිනිස්සුන් ගේ මිනිස්කම කඩා වැටිලා.මේ රටේ ඕනෑතරම් මිනිස්සු යන්තම් එදා වේල පිරි මහගෙන දරුවො රැක බලාගෙන ජීවත් වෙන්නේ නැද්ද? ‘නැති බැරිකම් මැද ඉවත දමන්න ද නුඹෙ මව් ළමැදේ කිරි එරුනේ‘ කියන එක තමයි අදත් අහන්න වෙන්නේ. (නි)
ළමයි බලාකියා ගන්න බැරිනම් ළමයි හදන්න එපා.(ස)
මොනව කියන්නද මංද? කවුද කියන්නෙ සිංහල ජාතිය වඳ වේගන යන ජාතියක් කියල අත ඇරල තැන් තැන් වල දාල යන්න තරම් ඉන්නව කියන්නෙ වැඩිවෙන්නත් එක්ක ඉන්නව කියන එක නෙවේද ?(ස)
ඉන්ද්‍රජිත් නියමයි (ස)
අහිංසක දුප්පත් මිනිසුන්ටත් ජීවත්වන්න පුලුවන් පරිසරයක් රටේ හැදුවා නම් ප්‍රශ්න අඩුයි තමයි. (නි)
මෙතන ප්‍රශ්නය වෙලා තියෙන්නේ කන්න දෙන්න නැතිකම නෙමෙයි. දරුවන්ගේ අම්මගේ අලුත් සැමියා ළමයින්ට අකමැතිවීමයි. (නි)
මේ අයව නුසුදුසු පුද්ගලයින් හට අහුවුණා නම් කුමක් සිදුවේවිද? (නි)
දරුවන්ට නිසි රැකවරණය ලැබේවා (ස)
දැන් ඔය මනුස්සයට දඩුවම් කළාම අම්මගෙ සෙනෙහස ලැබෙනවද?... අම්ම ඇයි ඔය ලමයින්ව මහ පාරේ දාල ගියේ ඇයි කියල හොයල බලන්න.. ඔය කෑගහන ලොකු ලොකු නෝනලාට වඩා පොඩි මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි කාලයක්... ඉස්සර හාල් ගන්න බැරි මිනිස්සු පාන් හරි කන්න දීල ළමයින්ගේ බඩවල් පිරෙව්වා... දැන් ඒව බෑ... ඒ නිසා දුප්පත් මිනිස්සුන්ට ආදායම් මාර්ගයක් හදන්න... ඒතකොට ඔහොම වෙන එක අඩු වෙයි...(නු)
ඉන්දුජිත් ඇත්ත තමයි. සහතික ඇත්ත (ස)
මරන්නේ නැතුව දාල ගිය එකත් හොඳයි . කවුරු හරි හදාගනීවිනේ (ස)
එක අතකට දාලා ගිය එකත් හොදයි. දැන් කවුරුහරි එයාලව හදා ගනියිනේ. (නි)
ළමා වයසේදීම දෙමාපියන්ටත්, අවසානයේ රටටත් බරක් වෙන ලෙස අහිංසක දරුවන් මෙලොවට ගෙන්වා අතරමං කරනවා වෙනුවට උපත් පාලනය ගැන හා පවුල් සැලසුම්කරණය ගැන ජනතාව දැනුවත් කරන්න පියවර ගන්නවා නම් හොඳයි නේද ? මෙහෙම දරු උපත් වැඩිකිරීමෙන්ද අපේ ජාතිය නගා හිටවන්නේ? ඇතැම් ජනකොටස් වල දුගී පවුල් වලට ඒ ආගමික මධ්‍යස්ථාන වලින් උපකාර කරන වැඩපිළිවෙලක් තිබෙනවා. අපේ මිනිස්සුන්ට ආගමික පැත්තෙන් හම්බවෙන්නේ 'ඔය පින්වතුන් ජාතිය වැඩිකරන්න, අපි අනුශාසනා කරන්නම්..' කියන පණිවිඩය විතරයි නේද? (සමහරුන්ට මේවා අහනකොට ඉවසුම් නුවණ නැතිවෙලා අපිව උල තියන්න සැරසෙන බව නොදැන නොවෙයි මේ අදහස දමන්නේ. ඔබතුමාලා අදහන බුද්ධාගමත් අප පිළිපදින බුදු දහමත් එකක් නොව දෙකකි.) (නි)