දඹුල්ල හා නාවුල ගොවිජන සේවා මධ්‍යස්ථානවල එළවළු මිලට ගැනීමේ මධ්‍යස්ථාන දෙකක් අරඹා අතරමැදි තැරැව්කරුවන්ගෙන් ගොවියා හා පාරිභෝගිකයා රැක ගන්නා බව මාතලේ දිසාපති හෙලන් මීගස්මුල්ල මහත්මිය කියන්නීය.
සෙනසුරාදා ඇරඹෙන මෙම මධ්‍යස්ථානවලින් මිලට ගන්නා එළවළු ලක් සතොසින් කොළඹට යවන බව ඇය කියන්නීය.
දඹුල්ලේ සිට කොළඹට එළවළු ප්‍රවාහනය කිරීමේදී කිලෝවට රුපියල් පනහක් අතරමැදියා අතට යතියි දිසාපතිනිය කියන්නීය. එළවළු මිල ඉහළයෑමට හේතුව එය බව ද ඇය සඳහන් කරන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියට අපගේ ප්‍රණාමය! (නි)
ඔහොම වෙලා මදි. (නි)
ඊළගට නුවරඑළියේ පටන් ගනිමු. (නි)
මෙතුමියගේ මේ උතුම් ක්‍රියාවට බලපෑම් නොවේවායි පතමි..!(නු)
අතරමැදියන්ගේ ලොක්කා ඉන්නේ මැනිං වෙළද පොලේ.. ගොවියට තැරැව්කරුවන්ට ඇඩ්වාන්ස් අරයට මෙයාට ජරාව.. එහෙම තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්නෙ..(නු)
මෙන්න රටට ආදරේ ..ඒ රටේ ජනතාවට ආදරේ කරන කෙනෙක්. අනෙකුත් දිසාපති තුමල්ලාත් මෙයාව ආදර්ශයට ගන්න.(නු)
මේක උතුම් ලංකාවයි..!(නු)
මැතිණියනි ඔබට මගේ ප්‍රණාමය.. ඒත් ඔබතුමිය ප්‍රෙව්සම් වන්න.. මේ අසිරිමත් ශ්‍රී ලංකාව..!(නු)
පිරිමියෙකුටවත් කරන්න තියා හිතන්නවත් බැරි වැඩක් කරන්න පෙරමුණ ගත් ඔබතුමිය ගැන මට හරිම ආඩම්බරයි. (නි)
මහජනතාවගේ ප්‍රණාමය! ඒත් මට බය ඔය කියන අතරමැදි මාෆියාව ඔබතුමියට මොන අලකලංචියක් සැළසුම් කරයිද කියලයි. (නි)
ඔන්න වැඩ..නියමයිනේ (ස)
කාගේ කාගේත් මඩිය ගැන නොසිතා රටවැසියාගේ යහපත ගැන හිතනවා නම් ඔන්න කරන්න පුලුවන් වැඩ... (නි)
මේ දවස් වල මැඩම්ලාට හරි අපලයි. කෝකටත් ඔබතුමියත් පරිස්සමින්. (නි)
හෙට අනිද්දාට දඹුල්ලෙන් උද්ඝෝෂණයක් එහෙම බලාපොරොත්තු වුණාට වරදක් නැහැ. (නි)
ගොවියෝ එලවලු හිටවතිතරමැදියෝ ඒවා විකුණති. ඒ මැද සතොස ගිමන් හරියි. අපිවාගේ පිළිවෙලට වැඩ කරන තවත් ජාතියක් ලෝකයේ ඇතිද? (නු)
දිසාපතිනියගෙ සේවය අතරමැදියාගෙන් රැක ගමු. (නු)
නියමයි මේ වගේ අදහස් තියෙනක ගොඩක් අය ඉන්නවා.. එත් කරන්න දෙන්නේ නැහැ.. අපේ අය නිකං ඉදලා සල්ලි හොයන්න නෙ බලන්නේ..! (නු)
ඉතාම කාලෝචිත පියවරක්.. එත් පරිසසමින්..ඔබවත් හොරකම් කිරීමේ චෝදනාවට ලක්වෙන්න පුළුවං.. ඔබ දන්නවානේ දඹුල්ලෙ තත්ත්වය.. ආර්ථික මධ්‍යස්ථානය ඇතුලෙ කප්පම් හොදට යනවා.. (නු)
මැඩම්. මේ ක්‍රමය තමයි නිවැරදි ක්‍රමය රජය මේක දියුණු කළ යුතුයි.. අපි ගොඩක් ප්‍රමාධයි මේවා කරන්නට..! (නු)
නියමයි, නමුත් කරගෙන යන්න ඉඩ දෙයිද? (ස)