රෝසපැහැති අලංකාර මල් පොකුරුවලින් පිරී ඇති ආදරවන්තයන්ගේ ගස හෙවත් වැලන්ටයින් ට්‍රී නැමැති මෙම ආක්‍රමණශීලි ශාකය කපා පුළුස්සා දමා ශ්‍රී ලංකාවෙන් තුරන් කළ යුතු පරිසරවේදීන් කියයි.
ආදරවන්තයන්ගේ දිනය සමරණ පෙබරවාරි මාසයේ දී මලින් බරවන නිසාම ආදරවන්තයන්ගේ ශාකය ලෙස නම් ලැබූ මෙහි මලෙහි ඇති සුන්දරත්වය හේතුවෙන් මල් වවන්නෝ ශ්‍රී ලංකාවට ගෙනවිත් බෝ කළහ. මෙරට ස්වභාවික පරිසරයට විනාශකාරී ලෙස පැතිරයන ආක්‍රමණකාරී ශාකයක් බවට නම්කොට ඇති මෙම ශාක විශේෂය දැන් මෙරට සියළුම දේශගුණික කලාපවල පැතිරෙමින් තිබේ.
පිලිපීනය නිජභූමිය කැරගත් වැලන්ටයින් ශාකය පිලිපීන ෆයර්වරක්ස්, බ්‍රෝන්ස් ලිව්ඩ් ක්ලොරොඩෙන්ඩ්‍රම්, පිලිපීන ග්ලෝරි බොවර් සහ ස්ටර්බ්ර්ච්ට් යන නම් වළින් ද හැඳින්වේ. ක්ලෙරොඩන්ඩ්‍රම් ක්වැඩිරිලෝකුලරේ නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වන වැලන්ටයින් ශාකය මීටර පහක් දක්වා උසට වැඩෙන අතර පත්‍රයක් අඟල් හතක පමණ දිගැතිව වැඩේ.
තද කොළපැහැති පත්‍රයේ යටි පැත්ත දම්පාටින් යුතුවන බැවින් පහසුවෙන් හඳුනාගත හැකි ශාඛයකි. මල් හටගැනීමෙන් අනතුරුව ඇතිවන ඵලය කුරුල්ලන් ආහාරයට ගත්තද ඔවුන්ගේ උදරයේදී එහි බීජය ජීර්ණය නොවී මළපහ සමග දිවයින පුරාම ව්‍යාප්ත වීම සිදුවේ. මුල් සහ පුංචි අතුකැබලි වලින් ද නව ශාක හටගන්නා බැවින් එය වඳ කිරීම පහසු කටයුත්තක් නොවේ. මැලේසියාවේ මෙම ශාකය වඳ කිරීම සඳහා රුපියල් කෝටි ගණනක මුදල් වැයකැර තිබේ.
පරිසරවේදීන් පවසන්නේ මේ ශාකය ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අලංකා කිරීමට බවයි.
ඕනෑම ශුෂ්ක පරිසර තත්වයේදීත් උඩරට ශීත දේශගුණයේදීත් එක හා සමාන ලෙස වර්ධනය වන වැලන්ටයින් ශාකය ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට මැනවින් අනුවර්ථනය වී තිඛෙන බව පෙනීයයි.
පරිසරවේදීන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවේ පරිසරයට අතිශය හානිකර ශාකයක් වූ වැලන්ටයින් ශාකය මෙම දිනවලදී පහසුවෙන් හඳුනාගත හැකි බැවින් ඒවා කපා දමා ගිනි තබා විනාශකොට ශ්‍රී ලංකාවේ වටිනා පරිසර පද්ධතිය රැකගත යුතු බවයි.
(ඡායාරූප ජූඩ් සමන්ත)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ශාකය පරිසරයට අහිතකර වෙන්නේ මොන විදියෙන්ද කියලා කියන්නේ නැතුව නිකම්ම විනාස කරන්න කියල කියන එක හරිද?? අනික කිසිම ශාකයකින් පරිසරයට විනාශකාරී කියන්නේ කොහොමද අනික මේ වැලන්ටයින් දිනයට බනින මිනිස්සු ඔය කට්ටිය ආදරය කරලම නැද්ද ඔය විදියට කතා කරන්නේ (ස)
අපේ පරිසරය අපි රක ගනිමු (දී)
දියවන්නාව පැත්තේ වෙනස් කරන්න ඕනේ ගස් කොයිතරම් වැවිල තියෙනවද ?(ස)
විනාශකාරී දෙයක් නම් ඉවත් කර යුතුයි (ස)
දිල්හානි මගේ පෙම්වතියට ඔය කියන දවස තුන්සිය හැටපස් දවසටම වලංගුයි. (ස)
පරිසරයට විතරක් නෙමෙයි රටටම පිළිලයක් වෙන විනාශකාරී හැම දෙයක්ම අතු ගා දැමිය යුතුයි. (ස)
මෙම ශාකය ලංකාවට ගෙන්වන්න ඇත්තේ මල්පැළ විකුණා මුදල් හම්බකරන්නන්. එයාලට පරිසරයට වැඩිය සාක්කුව බරවෙනවාට කැමතියි. ප්‍රසිද්ධ විසිතුරු මල් ප්‍රදර්ශන වලදී ගෙන්වපු රටේ නමත් කියලා, සාත්තු කරන හෑටියත් කියලා දීලා ,දිරවාගන්න බැරි මිලකුත් කියනවා. තම්න්ගේ බිරිද සනසවන්න එය අරන් දුන්නා කියමුකෝ. ගෙදර ඇවිත් නැවත සිටුවිමේදී යම්යම් අසාදන තත්වයන්ට මුහුන දෙනවා. පරිසරවේදින්ට කියන්නේ ලොකු ලොකු ප්‍රදර්ශන වල තිබෙන ශාක වර්ග ගැන සොයා බලන්න. රටේ ව්‍යප්ත වුණාට පසු කෑගසලා වැඩක් නැහැ. වෙන්න කලින් සොයාබලා ඒවා ඉවත් කරන්න. (නි)
වැලන්ටයින් ශාකය පමණක් නොව වසංගතයද විනාශ කර යුතුයි. (ස)
පරිසරවේදීන් යම් වගකීමකින් මෙවැනි ප්‍රකාශයක් කරන්නඇති.. කුරුල්ලන් ආහාරයට ගන්නේ මිනිසුන් වවවන ගස් වැල් වලින් (වනාන්තර හැර) ඉතිං යම් ශාකයකින් අනතුරක් නම් මිනිසුන්ගේ යුතුකම එය ඉවත් කිරීමයි..!(නු)
ගස් වලින් පරිසරයට වෙන අහිතකරය මොකක් අපේ ගෙදරත් මේ ගහ තියෙනවා. වැඩීම බොහොම හෙමින් මොන අහිතකරයක් වත් නැහැ. මමත් ගස් වැල් ගැන හොඳට හොයන කෙනෙක් මේ ගසේ මහ නිදිකුම්බා තරම් සීඝ්‍ර වැඩීමක් නෑ. වැඩුනත් පළාතම ලස්සන කරගෙන් මල් පිපෙයි. අනෙක මේ ගහ ගෙවතු වලින් පිට ට යන එකක් නැහැ. මේ වගේ පත්‍ර විශාල ගස් ඒ තරම් කටුක පරිසර වලට ඔරොත්තු දෙන්නේ නැහැ. අරලිය ගස් නම් ඔරොත්තු දෙනවා. ගසේ තියෙන කිරි නිසා. (ස)
මේ ශාකය බෝ වීම ඉතාම ඉක්මන්.(නු)
මොන පරිසරවේදියද මෙහෙම ඉල්ලන්නේ. නමක් දෙකක් පල කරන්න. එයාලට වෙන වැඩ නැද්ද අනේ. ගිහින් බලන්න හෝටල් වල කුණු කාණු. නැත්නම් සිංහරාජ වනාන්තරයේ වෙන අකටයුතුකම් වගේ දේවල්. (ස)
මේ ශාකය බෝ වීම ඉතාම ඉක්මන්. අහිතකර බලපැම් විදියට තියෙන්නේ වට පිටාවෙ තියෙන ගස් වල වැඩීම වලක්වනව. මෙකේ මුල් හැම තැනම පැතිරෙනවා. මේ ශාකය හදන්න අවශ්‍යමනම් පෝච්චියක හදන්න. වැඩි විස්තර අන්තර්ජාලයේ තියෙනවා. (නු)
අපේ රටෙන් ඔය වැලන්ටයින් වසංගතය තුරන් කරන්න බලධාරීන් වගබලා ගත යුතුයි. (නි)
මොනතරම් නම් නපුරු අදහසක්ද? (නි)
අනේ දරුවනේ ආදරවන්තයන්ට වෛර කරන්න එපා. ගහ කොළ සතා සිව්පාවාට පවා ආදරය කරන්න පුරුදු වෙන්න. (ස)
අනේ වැලන්ටයින්, ඔයාව කපා පුලුස්සා දැමීමට අපිට දුකයි. (නි)
හරියට දන්නේ නැතිව වැලන්ටයින් දිනයේ තේරුම මෙහෙ අයත් විකාර කරනවා.. එදාට විතරක් ආදරය තිබුණොත් ඇතිද? වෙන රටවල කරන ඒවා මෙහෙත් කරන්න යනවා.. ගස විනාශ කිරීම වෙනම වැඩක්.. මේ වැලන්ටයින් දිනය තහනම්කරන්න..!(නු)
මට දැන් 60ත් පැනලා. ඒත් මම තවමත් හිතන්නේ ලලිත් මහත්තයා වගේ තමයි. (නි)
මේ ශාකයේ මුල් කැපුණු තැන් වලින් අතුරු ශාක ඉක්මනින් වර්ධනය වෙනවා (ස)
පිටරටකින් එනවා නම් අපේ රටේ අයට ඕනෑම දෙයක් හරිම ඉහළයිනේ. (නි)
මොකක්ද මේ පරිසරයට අහිතකරයි...අහිතකරයි කියලා කියන්නේ? මොකක්ද මේ අහිතකරය.....? කියන්නකෝ සාධක ඇතුව. (නි)
ඔය ශාකය පමණක් නොව ඒ වෙනුවෙන් නම් කර ඇති දිනයද අපිට නොගැළපේ. (නි)
වැලන්ටයින් දිනයට විරුද්ධව කොච්චර කෑගැහුවත් ඒක දැන් ලංකාවේ ස්ථාපිත වෙලා ඉවරයි. (නි)
බදිනකම් තමයි ඔය දින සමරන්නේ. බැන්දට පස්සේ උපන් දිනේ මතකත් නැහැ. සල්ලි තියෙන අයට මේවා හොදයි ඉතින්. මේවා දැකපුවම 60,70 දශක මොනතරමි හොදයිද කියලා හිතෙනවා.(නදී)
ගහකොල වඳ වෙලායන කාලෙ ඔයවගෙ ඒව අගය කරන්න ඕනෙ. කුරුල්ලන්ට කොටස දෙන්නෙ අයවැයෙන්ද. අන්තිමට සු එකෙත් ඉතුරු වෙන්නෙ දෙපා සත්තු විතරයි. දෙහිවල අතෑරල වැලිකඩ සු එකට තමයි යන්න වෙන්නෙ. (ස)
පරිසරවේදීන් පවසන්නේ මේ ශාකය ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අලංකාර කිරීමට බවය. මේ වගේම ක්‍රිකට්ද ලංකාවෙන් තුරන්කළ යුතුය. (නි)
365 දවසේම වැලන්ටයින් නම් ඔයාට ඉන්නේ පෙමවතියක් නෙමෙයි ලලිත් (ස)
ලලිත් මහත්තයට තියෙන්නේ ඊර්ෂියාවක්. එයාට 365 දවසම හොඳයි. අපිට එක දවසක් වෙන් කරාම කෑගහනවා (ස)
ඔබ වාසනාවන්තයි ලලිත්.,!(නු)
ලලිත් හරි. අද කාලේ සල්ලි වලටනේ ආදරේ කරන්නේ. හරි ආදරයක් අද ලෝකේ නැහැ. තියෙනවනම් සියයට එකක් විතරයි. (ස)
ඇයි දිල්හානි තවම තනිකඩද, (ස)
ලලිත්,ඔබ වන් පෙම්වතෙක් ලද පෙම්වතිය වාසනාවන්තයි. (ස)
දඹුල්ල ක්‍රීඩංගණය හදන්නත් කලින් සිට මෙම ශාකටය ලංකාවේ තිබුණා. (ස)
සමහරුන්ට මේක නොතේරෙන බව පේනවා. මම ඇමරිකාවේ ඉන්කොට පන්සලට ආවා ලංකාවේ කෙනෙක් එයාගේ සුදු ඇමරිකන් ජාතික බිරිඳ සමග. ලංකාවේ කාන්තාවක් එයාගෙන් ඇහුවා ළමයි හදන්නේ නැද්ද කියලා. ගත් කටටම එයා කීව මම කළවම් ළමයි හදන්නේ නැහැ කියලා. හේතුව ළමයගේ අනන්‍යතාවක් නැති වෙනවා. රටක ජාතියක අනන්‍යතාවය වැදගත් හැබැයි එ්ක ජාති වාදය නොවේ. ආවේණික දේවල් රැකගත යුතුයි. ඇමෙරිකාවේ ඇළ දොල ගංගාවල ඉන්න සංක්‍රමණික මාලු අල්ලලා විනාශ කරනවා. එහෙම නොකළොත් ස්වභාවික රටාව වෙනස් වෙනවා. තව බොහෝ හේතු තියෙනවා. පොත් පත්තර කියවා දැනුවත් වෙන්න. (ස)
ලලිත්ට පෙම්වතියක් නැද්ද? (නි)
පරිසරය රක ගැනීම අපේ යුතු කමයි (දී)
එතෙරින් බෝවුණු පරිසර විනාශකාරී ශාඛ තුරන් කරන අතරම පරිසර හිතකාමී ඒවා ද එතෙරින් ගෙන්විය යුතුය. තව ද සංවර්ධනය වන රටකට අහිතකර වූ කාලය විශාල වශයෙන් කා දමන ටෙස්ට් ක්‍රකට් ක්‍රීඩාව ද තුරන් කළ යුතුය. (ස)
වැලන්ටයින් ආවට පස්සෙද ලාංකිකයො ආදරය පටන්ගත්තෙ දිල්හානි? (ස)
ගහේ නෙවෙයි වැරද්ද නමේ. (ස)
අයියෝ මේක මොකක්ද ? අර පාර්ලිමේන්තුවේ ඉන්න තියෙන ගස් ටික කපල දාන්න කෙනෙක් නැද්ද ?(ස)