මාතර රෝහලේදී දැමූ ගල් ප්ලාස්ටරයකින් පසු කොළඹ ජාතික රෝහලේදී අත කපා දැමුණු අචලා ප්‍රියදර්ශනී නීති ශිෂ්‍යාවගේ මව ජී ලීලාවති මහත්මිය ලෙබනනයේ සිට තම දියණිය බැලීට කොළඹ ජාතික රෝහලට අද පැමිණියාය.
ඇය ගෙන්වා ගැනීමට රජය උදව් උපකාර කළ බව ශිෂ්‍යාවගේ පියා ඩබ් කේ සුගතදාස මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත නැතිවුනාට නංගිට මොලේ තියෙනවානේ.(නදී)
ඉතාමත් සංවේදි අවස්ථාවක්. මේ දරුවට තුනුරුවන්ගේ සරනයි. තව දුරටත් ඉගෙනගෙන රටට සේවය කරන්න ලැබේවා...! (ස)
හුගක් සංවේදී අවස්ථාවක්. (නි)
මොනවා නැති වුනත් අම්ම ලග ඉන්නවනේ.(නදී)
මේක පතාගෙන ආපු හැටි වෙන්න ඇති. නොසැලී ඉදිරියට යන්න. ඔපට දලදා සමිදු පිහිටයි.(නදී)
අපි මොනවා කීවත් සියල්ල සිදු වී හමාරයි. අපි කොහොමද එයාගේ ඒ අඩුව පුරවන්නේ (ස)
ඇයගේ මව මේ තරම් ඉක්මණින් ගෙන්වා ගත්තේ කෙසේද? (නි)
මිහිමඩලේ අදුරු පෙතේ දිය උල්පත අම්මා ........වළාකුලින් මරු කතරට වහින වැස්ස අම්මා ..........(ස)
අම්මා විදේශ රැකියාවකට ගියේ දුවගේ උසස් අධ්‍යාපනයට උදව් කරන්න වෙන්න ඇති, දුවගේ දෑත් ශක්තිමත් කරන්න උත්සාහ කල අම්මාට අන්තිමේ දකින්න ලැබුනේ දුවනියගේ එක් අතකි (දී)
අචලා ඔයාට ඉක්මන් සුවය ලැබේවා! ආණ්ඩුව අචලාගේ අම්මා ලංකාවට ගෙන්නන්න උදව් කළා වගේ, තව අසරණ වෙච්ච් ළමයින්ගේ ගොඩක් දෙමාපියන් රට ඉන්නවා. ඒ ළමයින්ගේ දෙමාපියන් ගැනත් රජය හොයලා බලලා කටයුතු කළොත් හොදයි. ඒක ඒ පවුල්වල අයටත් සතුටක් සැනසුමක් නේද? රජයේ හා විදේශ සේවා ආයතනයේ අවධානය යොමු වේවා! (නි)
වේදනාවෙන් පෙලෙද්දී නොසලකා හැරිය හෙදිය හා නොපැමිනි අකාර්යක්ෂම වෛද්‍යවරයා හට නිසි දඬුවම් ලබා දිය යුතුයි. (ස)
නොසැළී ඉදිරිටම යන්න. සුභ පැතුම්! (නි)
අති සංවේදී පුවතක් (දී)
දවසේ ප්‍රවෘත්තිය... (නි)
ආදරණීය අම්මේ, ඔබගේ දුවණිය ඉතාත්ම ධෛර්යසම්පන්නයි. (නි)
කරන දෙයක් ඒ ළමයා වෙනුවෙන් නිහඩව කරන්න. (නි)
ඉගෙන ගන්න වාසනාව තිබුණත් අතක් නැතිව ජීවත් වෙන්න වූ සිදුවීම ගැන ඒ අම්මා මොනතරම් නම් හිතෙන් කම්පා වෙනවා ඇද්ද? හිතේ තියෙන ගින්දර නිවන්න දැන් මොනවා දීලත් බැහැ .දෛයිවය මොන තරම් කුරිරුද? (නි)
අම්මේ, ආයි නම් රට යන්න එපා. (නි)
.තවත් මොනවා කියන්නද අපි? (දී)
මම එනතුරු ඉදිකඩ ළග ඉන්නවාද අම්මේ... (නි)
තාත්තා තාම ආවේ නැද්ද?(නදී)
කොපමණ දැනුමක් තිබුනත් මොකටද අතක් නැතුව (දී)
රට යන වයසකද මේ අම්මා ඉන්නේ? (නි)
අපේ රටේ ඉගෙනගන්න ළමයින්ගේ කාලය හොද නැහැ අක්කි. (නි)
නංගී පව්, කවුරු මොනවා කිව්වත් එයාට මොනවා හිතෙනවා ඇද්ද? (නි)
මවු සෙනෙහසක තරම (දී)
තවත් මොනවා කියන්නද අපි? (නි)
මටත් දුවලා ඉන්නවා. මට නම් දුක ඉවසගන්න බැහැ. (නි)
අහිමි වූ දේ දරාගත නොහැකිය. නමුත් එය ගැන සිතීම මැරි මැරි ඉපදෙනවා වැනි වෙිදනාවකි. නමුත් ආ මග කෙටිය. යා යුතු මග දුරය.(නදී)
මෙරට ඔබ විඳි දුක් ගැහැටෙන් මුදනු සිතා නොරට ගියේ නුඹේ දෑත් සවිමත් කරනු නියා වමතට ඔබේ සිදුවූ දේ දරා ගත නොහැකි නිසා සුරතට සවිය දෙමි මගේ දිවිතෙක් ඇති තුරා(නදී)
අත නැතිවුනාට මගේ රත්තරන් පුතේ මට ඔයා ඉන්නවානේ.(නදී)
අනේ මගේ රත්තරන් දුවේ. නොසැලකිල්ල නිසා ඔබට වුන දෙයක්. නුඹේ අම්මා අංගසම්පූර්ණ ශරීරයකින් උපද්දපු ඔබට අද අතක් අහිමි වෙලා.(නදී)
කරුණාකර මොවුන්ගේ දුරකතන අංකයක් ලබාදෙන්න. (නි)
මෙවැනි සිදුවීම් නවතා දැමීමට මොකක්ද ගන්න පියවර?(නදී)
සොයුරියනි, මමද ඔබ මෙන්ම කදුළු වගුරමි. (නි)
කෘතිම අතින් සාමාන්‍ය ජීවිතය අරඹන දිනය ඉක්මණින් උදාවේවා! (නි)
මෙවන් මවකගේ දෑසින් වැටෙන කදුලක උණුසුම මැනිය හැකිද? (නි)
ජනතාවගේ සල්ලි වලින් ඉගෙනගෙන මෙහෙම කරන දොස්තරලාට නම් හොදක් වෙන්න එපා. (නි)
වැරදිකරුවන්ට ඉක්මණින් දඩුවම් දියයුතුයි. (නි)
අම්මා රට ගියෙත් ළමයින්ට හොදට උගන්නන්න වෙන්න ඇති. (නි)
අනේ පවු දෙයියනේ අසරණ කෙල්ල. දළදා හාමුදුරුවන්ගේ පිහිටින් ඉක්මන් සුවය ලැබී ඉදිරි අනාගතය සාර්ථක වේවා! (නි)
රුහුණේ උපන් වීර දියණියනි, අපේ රටේ දුක්විදින ජනතාව වෙනුවෙන් හඩ නගන්න. (නි)
පව්, ඇත දකින කොට කදුළුත් එනවා (දී)
දෙදෙනාටම දැනෙන හැඟීම් හිතාගන්නත් අමාරුයි. දියනියක් සිටින පියෙක් ලෙස, දෙදෙනාටම දලදා සමිදු පිහිටයි..(ස)
නැගනිය ඔබ ඉදිරියටම යන්න හොද නීතිඥවරියක් වෙලා අසාධාරණයට ලක් වු අහිංසක මිනිසුන් වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉටුකරන්න වෛද්‍ය නොසැලකිල්ල සමිබන්ධ දිලීක්ත නීතිය පොත පතට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව භාවිතා කිරීමට දැන්වත් උනන්දු වුවහොත් හොදයි නේද මම නීතීඥ සන්ධ්‍යා ගීතානි - 2011 කණ්ඩායම
මේ මවගෙයි, දුවගෙයි සිත් ශක්තිමත් වේවා.(නදී)
දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ නංගිගේ අනාගත ජීවිතය පහසු වේවා!(නදී)
අම්මා කෙනෙකුගේ දුක තේරෙනවාද
අම්ම කෙනෙකුගේ වැලපිල්ල (දී)
මේකට දොස්තර විතරක් නෙමෙයි වාට්ටුව බාර හෙදියත් වගකියන්න ඕනේ. (නදී)
දිරිය මවකට රට යන්න වයසකුත් අවශ්යද? නංගි ඔබ දිරිමත්ව ඉදිරියට යන්න. මේ අම්මා මේ දුක ඉවසගෙන ඉන්න එක පුදුමයි නේද..(ස)
හරිම අවාසනාවන්ත සිදුවීමක්. මේ ළමයට උගන්වන්න අම්මා කෙතරම් මහන්සි වෙන්න ඇත්ද? (ස)
මේ සිද්දියේ වර්තමාන නීතිමය තත්වය කුමක්ද (දී)
මොනවා කරන්නද පුතේ? ඔයාගේ පණ බේරුණ එකත් ලොකු දෙයක්. (නි)
මේ අම්මගේ වේදනාව මුළු ජාතියටම දැනේවා. මුදල් හම්බකරන ව්‍යාපාරික දොස්තරලාට තිත තියන්න කාලය හරි. ජාතියක් වශයෙන් පෞද්ගලික සායනවලට විරුද්ද විය යුතුයි.(නදී)
හරිම ශෝකජනක වැඩක්. මේක නම් හැබැයි අර එම්. ආර්. අයි. ස්කෑන් යන්ත්‍ර යේ මිය ගිය ළමයටත් මේ වගේම ප්‍රතිචාරයක් ඕන. (ස)
ආදර අම්මේ! ඔයා රට ගියේ දුවට හොදින් උගන්වන්න නේද? ඔබ වීර කාන්තාවත්. සංසාරේ මොනවා හරි කර්මයකට ඔයගේ දුවට මෙහෙම වුනාට දුක් වෙන්න එපා. එයත් ශක්තිමත්ව ජීවිතයට මුහුන දේවි.(නදී)
අපි කරපු කුසල් අකුසල් වලට තමයි පුතේ මෙහෙම වෙන්නේ, ඒත් හිත අදෛහිර්ය කර ගන්න එපා. මෙවන් දෙයක් මතු ආත්මයක නොවන්නට වැඩි වැඩියෙන් කුසල් රැස් කර ගන්න. හිතෙන් වැටෙන්න එපා. ශක්තිමත් වන්න. ඔබට ජය... !! (ස)
නැති වුනාට අත - නුබ තනිවී නැත අම්මා ලග ඇත- නාඩන් ජය ඇත.(නදී)
නංගී ඔයාට ඉක්මණට අතක් ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා....!!! (ස)
අමිමට මොනවා හිතෙන්න ඇද්ද?(නදී)
අනේ පව් අචලා (ස)