ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ක‍්‍රීඩක වෙන්දේසි ක‍්‍රමය හදුන්වා දුන් ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 (අයි. පී. එල්.) ක‍්‍රිකට් තරගාවලියේ මෙම වසරේ (2013) ක‍්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා පිට දඟ පන්දුයවන ක‍්‍රීඩක අජන්ත මෙන්ඩිස් ඇමෙරිකානු ඩොලර් 725,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 900 ආසන්න මිලකට අළෙවි විය. මෙවර ක‍්‍රීඩක වෙන්දේසිය අද (03 වැනිදා) පැවැත්විණි.
මෙවර අයි. පී. එල්. වෙන්දේසියේදී දෙවැනි වැඩිම මිලට අළෙවි වූ ක‍්‍රීඩකයා බවට ද අජන්ත මෙන්ඩිස් පත්විය.
ඕස්ටේ‍්‍රලියානු නවක තුන් ඉරියව් ක‍්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් මෙවර වෙන්දේසියේදී වැඩිම මිලකට අළෙවි වූ ක‍්‍රීඩකයා බවට පත්වූ අතර මුම්බායි ඉන්දියන්ස් පිල විසින් ඔහුව ඩොලර් ලක්‍ෂ 10 කට (රුපියල් ලක්‍ෂ 1240 කට ආසන්න) මිලදී ගන්නා ලදි.
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා ඩොලර් 675,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 840 කට ආසන්න මිලකට සන්රයිසස් හයිද්‍රාබාද් පිල විසින් වෙන්කර ගන්නා ලදි. පිට දඟ පන්දුයවන සචිත‍්‍ර සේනානායක ඩොලර් 625,000 කට (රුපියල් ලක්‍ෂ 775 කට ආසන්න) කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එකතු විය.
ජීවන් මෙන්ඩිස්ට ඩොලර් 50,000 ක (රුපිල් ලක්‍ෂ 62) ද, යොවුන් ක‍්‍රීඩකයන් වන අකිල ධනංජයට සහ කුසල් ජනිත්ට ඩොලර් 20,000 (රුපියල් ලක්‍ෂ 25 කට ආසන්න) බැගින් නියම කෙරිණ.
අයි. පී. එල්. තරගාවලිය ලබන අපේ‍්‍රල් මස 3 වැනිදා ආරම්භ වීමට නියමිතය.
මෙවර වෙන්දේසියේදී අළෙවි වූ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ
ක‍්‍රීඩකයා මිල (ඇ.ඩො.)
අජන්ත මෙන්ඩිස් (පූනේ) 725,000
තිසර පෙරේරා (හයිද්‍රාබාත්) 675,000
සචිත‍්‍ර සේනානායක (කොල්කටා) 625,000
ජීවන් මෙන්ඩිස් (දිල්ලි) 50,000
අකිල ධනංජය (චෙන්නායි) 20,000
කුසල් ජනිත් (රාජස්ථාන්) 20,000

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි අජන්ත නියමයි (දී)
මේ අය වගේම චාමර කපුගෙදරත් අළෙව් වෙන්න තිබිබා. කපූ කියන්නෙ ඊලගට නායකයා වෙන්න හිටපු කෙනා. එයාට හරි චාන්ස් එකක් හම්බ වුනේ නැහැ.(නදී)
නියමයි අජන්ත මල්ලි(දී)
අපේ ර්‍ක්‍රඩයන්ට ලැබුන අවස්ථාව ගැන මම සතුටු වෙනවා. නමුත් ලෝක කුසලානය දිනන්න පෙර ඉන්දියාව අපේ ඉන්න හොදම ර්‍කුඩකයෝ අරගෙන අයිපීඑල් ගැහුවා. අපේ සුපිරි පිතිකරුවන්ගේ සහ පන්දුයවන්නන්ගේ හොද නරක එයාලා දැනගත්තා. අන්තිමට එයාලා ලෝක කුසලානය දිනාගත්තා. අපේ ප්‍රවීන ක්‍රීඩකයින්ගේ අඩුපාඩු ගැන ඉන්දියාව දැනගෙන ඉවරයි. දැන් බලන්නේ අපේ අළුත් අයගේ තියෙන අඩුපාඩු මොනවාද කියලයි. පුළුවන් නම් අයිපීඑල් වලට ක්‍රීඩකයන්ව නොයවා ඉන්න බලන්න. වරදවා හිතන්න එපා.(නදී)
එතකොට ලසිත් මාලිංගට මොකද වුනේ(නදී)
සනත්, මම නමි හිතන්නේ අයිපීඑල් එකෙන් පන්දුයවන්නෝ හදුනාගත්තට ඉන්දියාවට පුළුවන් වෙයි කියලා ටී20 ලෝක ශූරයෝ වෙන්න. අනිත් කරුන තමයි මේ පිටරට සල්ලි ක්‍රීඩකයන්ට ලැබෙන්නේ නැහැ. (නදී)
මට කියන්න වචන නැහැ (දී)
අයි.පී.එල්. එකෙන් සල්ලි නම් ලැබෙනවා තමයි. අපේ කොල්ලන්ගෙ වටිනාකම ඉහලයි. නමුත් අපෙ කොල්ලන්ගෙ හැකියාවන් අධ්‍යයනය කරලා තමන්ගෙ වාසියට වැඩ කර ගන්න තමයි මේ තරඟාවලිය භාවිතා කරන්නෙ. මාලිංගට උනෙත් ඒකම තමයි. මාලිංගට දැවැන්ත ප්‍රහාර එල්ල කරන්නට ඉන්දියාවට හැකි උනේ ඒ නිසයි. මේ නිසයි කොදෙව්වොත් මාලිංගගෙන් ලකුණු ගොඩක් ගත්තෙ. දැන් සචිත්‍ර,ධනංජය වගෙ නැගී එන ක්‍රීඩකයන්ටත් ඒකම වෙනවා. අනික් රටවල් වලින් එලියට දෙන්නෙ යල් පැනගිය පන්දු යවන්නෝ විතරයි. පිතිකරුවන්ගෙ මොන හැකියාව තිබුනත් පන්දු යවන්නව හඳුනා ගැනීම තමයි අයි.පී.එල් එකෙන් කරන්නෙ.(නදී)
2011 ලෝක කුසලාන කණ්ඩායම නියෝජනය කරන්නවුනත් දක්ෂකම් තිබිච්ච චන්දිමාල්, ඇන්ජොලෝ පෙරේරා, රොශේන් සිල්වා, මලින්ද පුෂ්පකුමාර වගේ ක්‍රීඩකයින්හට තේරුම් කමිටු සාමාජිකයින්ගෙත්, සදාකාලිකව කණ්ඩායමේ ඉන්න බලාගෙන ඉන්න සමහර සාමාජිකයින්ගෙත් දුරුවලකම් හින්ද අද වෙනකලුත් ඔවුන්ගෙ ලැබියයුතු ස්ථාන ඔවුන්ට ලැබිල නෑහැ. ඒ නිලධාරීන්ගෙ දුර්වලකම් හින්ද අද චන්දිමාල්ට මේ වාරයේ අයි.පී.එල් එකෙන් එලියට යන්නවෙලා තියෙනවා. සචිත්ත්‍ර සේනානායකට එයාට සුදුසු පිළිගැනීම ඉන්දියාවෙන් හා ඕස්ට්‍රේලියාවෙන් ලැබිච්චඑක ගැන ලොකු සතුටක් දැනෙනවා.(නදී)
දක්ෂයාට ඉල්ලුමක් (දී)
කොහොමද පින පල දීම (දී)
නියමයි. අපේ වීරයන්ට ජය!
දක්ෂ කමට තමයි ගෙවන්නේ (දී)
සුභපැතුම් මල්ලි (දී)
අයිපිඑල් වලට තෝර ගත්තු දරුවන් හැමටමයි මේ කියන්නේ, දරුවනේ අතට මුදල් වැඩිපුර ලැබිම ගැන උඩඟු නොවන්න. තව තවත් නිහතමානි ලෙස හිතන්න, ජිවත් වෙන්න, හිතා ගෙන පුහුණුවීම් ප්‍රගුණ කර ඔබේ ස්ථාවරත්වය තහවුරු කරගෙන රට වෙනුවෙන් කළහැකි උපරිම සේවය ඉටු කරන්න. එවිට ඔබලා නිරන්තරයෙන්ම්ම ඉහලටම එසෙවෙනවා. ලෝකය ඉදිරියේ ජනප්‍රිය වී ඇති ඔබලා ඒ වෙනුවෙන් අමුතුවෙන් නොහිතන්න. මුදල් වියදම් නොකර ඒ මුදල් නැති බැරි කෙනෙකුට ලබාදී සත් ක්‍රියාවකට දායක වෙන්න. ලක් මෑණියන්ට ඔබලා ලොකු ගෞරවයක් පුතුනේ.(නදී)
ප්‍රේමසිරිගේ කතාව ඇහුවහම හරිම සතුටුයි. (නි)
රටට විදේශ විනිමය හොයලා දෙන්නෙ, කීර්තිය ගෙන දෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩකයා වුණාට ඔවුන්ට මාධ්‍යයෙන් ලැබෙන ප්‍රචාරය ඉන්දියාවත් එක්ක සැසඳුවාම බොහොම සුළුයි. උදාහරණයක් හැටියට සචිත්‍ර සේනානායකව ගත්තොත්, එයාගෙ වටිනාකම ලංකාවෙ අයට වඩා ඉන්දියාවෙ අය දන්නවා. කුඩා ළමයෙක්ගෙන් ඇහුවොත්, කවුද ලංකාවෙ ජාතික අභිමානය නැතිනම් කීර්තිය වැඩිකරන්න දායක වෙන්නෙ කියලා,ඒ ළමයා ගත්කටටම කියයි "චංඟුමී" කියලා. අන්න ඒ වගේ ප්‍රේක්ෂකයා දැනුවත් කිරීමක් තමයි අද ලංකාවෙ තියෙන්නෙ. ලංකාවෙ ඉන්න සැබෑ වීරයො කවුද කියලා බොහෝ දෙනා දන්නෙ නැහැ. (නි)
මේවා සල්ලි නිසා කරන්න වුණාට අපේ රටේ දක්ෂයෝ අගාධයට යවන වැඩක්. (නි)
මේක තමා 2013 වසරේ දැනට ඇති වැඩිම විදේශ විනිමය. (නි)
ක්රිකට් ගහන එකත් මැණික් පතල් හාරනවා වගෙයිනේ. (නි)
ඇතැමුන් කියාවි මුදලට ක්‍රිකට් කියලා. නමුත් ඔබ විදේශ විනිමය ගෙනෙන්නේ මගේ රටටයි. (නි)