IMG-LOGO

අචලාට වැලිකඩින් ලක්ෂ දෙක හමාරක්

වම් අත කපා ඉවත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන  කොළඹ නීතී සරසවි පිඨයේ අචලා ප්‍රියදර්ශනී ශිෂ්‍යාවට ක්‍රෘතීම අතක් ලබා  ගැනීම සදහාවැලිකඩ බන්ධනාගාර රැදවියෝ  අද දිවා හා රත්‍රි ආහාර වෙනුවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වෙන් කළ දෙලක්ෂ තිස්පන්දහසකට ආසන්න  මුදල ඔවුන්ගේම දැඩි ඉල්ලීම මත පරිත්‍යාග කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්.කොඩ්ප්පිලි මහතා පැවසීය. එම මුදලට අදාල චෙක්පත කොමසාරිස්වරයා අචලා ශිෂ්‍යාවගේ පියාට හා සොහොයුරාට අද වැලිකඩ දී පිරි නැමීය. ‘‘සිරකරුවොත් මනුෂ්‍යයෝය‘‘ යන පාඨයට කදිම නිදසුනක් ලෙස මෙම සත්කාරය සැක නැති  බව බන්ධනාගාර කොමසාරිස්වරයා කීවේය.

 



අදහස් (0)

අචලාට වැලිකඩින් ලක්ෂ දෙක හමාරක්

චමින්ද Monday, 04 February 2013 02:58 PM

කදිමයි, බොහොම හොද වැඩක්.(නදී)

:       0       0

සුසන්ත Monday, 04 February 2013 03:03 PM

එය උසස් ක්‍රියාවක්. (නදී)

:       0       0

සන්දිපා Monday, 04 February 2013 03:04 PM

වචනෙන් කියන්න බැරි ගොඩාක් පින් සිද්ද වෙන වැඩක් (දී)

:       0       0

චුට්ටා Monday, 04 February 2013 03:04 PM

මේ ඒ අය කරපු පළමු වැඩේ නොවේ (දී)

:       0       0

රෝසා Monday, 04 February 2013 03:04 PM

‘‘සිරකරුවොත් මනුෂ්‍යයෝය‘‘ (දී)

:       0       0

සංජු Monday, 04 February 2013 03:04 PM

‘‘සිරකරුවොත් මනුෂ්‍යයෝය‘‘ ගොඩාක් පින් සිද්ද වෙන වැඩක් (දී)

:       0       0

සංජු Monday, 04 February 2013 03:04 PM

‘‘සිරකරුවොත් මනුෂ්‍යයෝය" (නි)

:       0       0

සන්ජු Monday, 04 February 2013 03:04 PM

ගොඩක් හොද වැඩක්. පින් සිදු වේවා!(නදී)

:       0       0

සන්ජු Monday, 04 February 2013 03:04 PM

‘‘සිරකරුවොත් මනුෂ්‍යයෝය‘‘ පින් සිද්ද වෙන ගොඩක් හොද වැඩක්.(නදී)

:       0       0

සන්ජු Monday, 04 February 2013 03:04 PM

‘‘සිරකරුවොත් මනුෂ්‍යයෝය‘‘ පින් සිද්ද වේවා ගොඩක් හොද වැඩක්.(නදී)

:       0       0

චාමි Tuesday, 05 February 2013 09:52 AM

ඒ වැඩේ ඇති උතුම් වැඩක් (දී)

:       0       0

ග්‍රේස් Tuesday, 05 February 2013 04:29 PM

ගැහැණු දරුවෙකුගේ අතේ විටිනාකම කියලා නිම කරන්න බැහැ. අත කපා දාපු අය වන්දි දෙනවා මිසක් ඇයි හිරේ ඉන්න අය බඩගින්නේ තිබිබේ?(නදී) l

:       0       0

ලලිත්-කටාර් Monday, 04 February 2013 03:11 PM

සහෝදරවරුනි, කියන්න වචන නැහැ. (නි)

:       0       0

බන්දුල Monday, 04 February 2013 09:42 PM

කවදාවත් හිතුවද මේ වගේ මිනිස්සු එතන ඉන්නවා කියලා (දී)

:       0       0

නිරාන් Monday, 04 February 2013 03:28 PM

උතුම් ක්‍රියාවක්, ඔබ සැමට මගේ ආචාරය.(නදී)

:       0       0

රොෂාන් Monday, 04 February 2013 03:30 PM

හොද වැඩක්! මේ අයත් හිරේ ඉන්නේ සමහර වැරදි වලට. වැරදි කරපු සාධකය මොකක්ද කියලා හොයා ගත්තා නම් තවත් යහපත් සමාජයක් බිහි කරන්න පුළුවන්.(නදී)

:       0       0

අනුර Monday, 04 February 2013 03:59 PM

අගය කළ යුතු උතුම් ක්‍රියාවක්. (නදී)

:       0       0

නිමල් Monday, 04 February 2013 04:01 PM

හොද වැඩක්. කෝ ඔය දොස්තරලා හැමදේටම වර්ජනය කරන්නේ. දැන් සද්ද නැහැ.(නදී)

:       0       0

ඔසන් සලාම් - දෝහා Monday, 04 February 2013 04:01 PM

යකඩවලට මැදිවී සිරවී සිටියද එය පවා උණුවන හදවත් ඇති මිනිසුන් සිටින බව මෙම සමාජයේ වරදින්ම වැරදිකරුවන්වූ මෙම උතුම් මිනිසුන් තමන් නිරාහාරව සිට අවාසනාවන්ත ලෙස අතක් අහිමිවූ මෙම සිසුවිය වෙනුවෙන් කළ සත්ක්‍රියා අප සියල්ලන්ටම බලවත් ආදර්ශයක්.(නදී)

:       0       0

නිශාඩ් Tuesday, 05 February 2013 10:28 AM

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ !!!

:       0       0

හේමසිරි Monday, 04 February 2013 04:03 PM

අරයත් වැලිකඩ හිටියනම් ලකුනු ටිකක් දාගන්න තිබුනා. අපි අපරාදේ එලියට ගත්තේ.(නදී)

:       0       0

යුදේශ්වර Monday, 04 February 2013 04:06 PM

ශ්‍රේෂ්ටයි! ඔබට ඉක්මනින් නිදහස් වී යහපත්ව ජීවත් වීමට හැකි වේවා!(නදී)

:       0       0

සුජීව පද්මකුමාර Monday, 04 February 2013 04:08 PM

නගේ පරෙස්සමෙන්. ඉතින් අනේ රැවටෙන්න එපා.(නදී)

:       0       0

පෙරුමාල් Tuesday, 05 February 2013 10:51 AM

තමන්ට ඇතුලට එන්න උදව් කරන වර්ගයේ අයට ඒ ගොල්ලොත් උදව් කරන්න එපායැ!! (ස)

:       0       0

සිල්වා Monday, 04 February 2013 04:31 PM

වචනෙන් කියන්න බැරි උදවුවක් (දී)

:       0       0

අනුර Monday, 04 February 2013 10:23 PM

ඔවුන් සියලු දෙනාමත් අපේම සහෝදරයින් වැනිය. (නි)

:       0       0

අනුර Tuesday, 05 February 2013 11:07 AM

අගය කල යුතු වැඩක් (දී)

:       0       0

ලක්ෂාන් Monday, 04 February 2013 04:46 PM

මතක තියා ගන්න්න, සමාජයේ කොන් වෙච්චි කට්ටියක් තමයි මේ සත් ක්‍රියාව කලේ, හොදයි කියන අපි මොනවයින්ද ඒ ළමයට උදව් කලේ (දී)

:       0       0

ඇන්ටන් Monday, 04 February 2013 04:48 PM

නියම දේශප්‍රේම්න් මේ අය. ඔබ සැමට ඉක්මනින් නිදහස ලැබේවා!(නදී)

:       0       0

යොහාන් Monday, 04 February 2013 05:10 PM

නිදහස් දිනයේ 1200 ක් නිදහස් වුනා වගේ අනිත් අයටත් ඉක්මනින් නිදහස ලැබේවා.(නදී)

:       0       0

යොහාන් Monday, 04 February 2013 05:13 PM

මේන්න විශේෂ නිවේදනයක්! අද දිනයේ වැලිකඩ බන්දනාගාරයේ කුස්සියේ වැඩකරන සේවකයින්ට නිමාඩු ලබා දී ඇත.(නදී)

:       0       0

කෝලිත Monday, 04 February 2013 05:23 PM

හිරේ හිටියත් එතන ඉන්නේ මනුෂ්‍යෙයෝය. මනුස්සකම හිරේ දාන්න බැහැ. යහපත් පුරවැසියන් විදියට අපි දවසක ඔබව දකීවි.(නදී)

:       0       0

අංජලා Tuesday, 05 February 2013 01:17 PM

උතුම් ක්‍රියාවකට දායක වූ ඔබ සැමට අපගේ ප්‍රණාමය (ස)

:       0       0

තිසල් Tuesday, 05 February 2013 01:50 AM

‘සිරකරුවොත් මනුෂ්‍යයෝය‘ ඒ මිනිස්සුන්ව නිදහස් කරන්න වටිනවා (දී)

:       0       0

මාර්ක් Tuesday, 05 February 2013 01:56 AM

සියලු දෙනාටම හුගක් පින්! සියලු දෙනාටම ඉක්මණින් නිදහස ලැබේවා! (නි)

:       0       0

භක්ති Tuesday, 05 February 2013 02:02 AM

රැදවියන් නම් එහෙම කළා. අත කපන්න උදවු කළ දොස්තරලා මොනවද කළේ? (නි)

:       0       0

සිල්වා Tuesday, 05 February 2013 02:07 AM

මෙහෙම අයගේ සල්ලි ගන්න එපා කියලයි මම නම් කියන්නේ. (නි)

:       0       0

මංජුල Monday, 04 February 2013 07:06 PM

ඊලග ආත්මයේ නුඹලා සිරකරුවෝ නොවේවා.(නදී)

:       0       0

හර්ෂ Monday, 04 February 2013 07:14 PM

සිරකරුවන් වනාහි මනුෂ්‍යයෝය (දී)

:       0       0

සුජීව Monday, 04 February 2013 07:16 PM

උතුම් වැඩක්. ඔබට පින්.(නදී)

:       0       0

මුතුකුඩ Monday, 04 February 2013 08:12 PM

සිරකරුවොත් මනුෂ්‍යයෝ තමයි. නමුත් සමාජයේ පවතින නීති පද්ධතියේ දුර්වලතා නිසාත් සාර්ධර්මයන්ගේ පිරිහීම නිසාත් ආගමි ධර්මවල පවතින බෙලහීනත්වය නිසාත් සමහර උදවිය මේ අයුරින් වැරදි වැඩවලට පෙළඹී සිරබත් කෑමට සිදුවීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. නමුත් සමහර අවස්ථාවල සිරකරුවන්ද තවදුරටත් දරුණු අපරාධකරුවන් බවට පත්වන්නේ බන්ධනාගාරතුල සිදුවන්නාවු දුෂණයන් හේතු කොට ගෙන බව මෑතක සිදුවු පරික්ෂණ මගින් තහවුරු විය. සත්වයින් අතුරින් උත්තරීතරම සත්වයා මනුෂ්‍යත්වයා බැවින් සිරකරුවන් තුලද මානුෂික ගුණාංග ඇතිවීම කාහටත් නොවැලැක්විය හැකි කරුණකි. මෙයද මානුෂික හැගීමි උප්පාදනය කරන්නාවු උචිචතම අවස්ථාවකි. එම නිසා වැරදි කරන්නේද මනුෂ්‍යයාමය. වැරදිවලට පොළඹන්නේද මනුෂ්‍යයාමය. වැරදි නිවැරදි කළහැක්කේද මනුෂ්‍යයාටමය. සමාව ලබාදිය හැක්කේද මනුෂ්‍යයාටමය. මේ හේතූන් නිසා අද පන්සල් විවෘතව තිබුණද මිනිසුන් ඒහි නැත. සිර ගෙවල් වසා තිබුණද මිනිසුන් එහි පිරී ඇත. සිපිරිගෙයි වසන්නා වු මානුෂික හැගීමි ඇත්තනී ඔබට අපේ පුණාමය. (නදී)

:       0       0

පිටිගල Monday, 04 February 2013 08:27 PM

පින් ගැන හිතන්න තිබුනේ මිනී මරන්න, ස්ත්‍රී දූෂන කරන්න කලින්. මේ දේවල් දඩුවම් ලිහිල් කරන්න හේතු නම් නෙමෙයි.(නදී)

:       0       0

ප්‍රියන්ත Monday, 04 February 2013 08:34 PM

වෛද්‍යවරුද මනුෂ්‍යෙයෝය. 2013-02-03 ලංකාදීප කතු වැකිය කියවන්න.(නදී)

:       0       0

කුමාරි Tuesday, 05 February 2013 08:09 AM

‘‘සිරකරුවොත් මනුෂ්‍යයෝය‘‘එතකොට දොස්තරලා අමනුෂ්‍යයෝද ? . අතට වැරදි ප්ලාස්ටර් දාපු දොස්තර කියන්නේ. . . ඒ ළමයාගේ වෙලාව කියල (ස)

:       0       0

චතුල වෙරෝනා Monday, 04 February 2013 02:48 PM

වෑලිකඩින්ම ඈමති මන්ඩලයට තෝරාගෑනීමට හෑකියාවක් ඈත්නම් රට මෙයිට වඩා ලස්සන වෙයි.(නදී)

:       0       0

ගාමිණී Monday, 04 February 2013 02:48 PM

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන්ගේ සද්භාවය බෝගමිබර, කලුතර ඇතුළු අනෙත් බන්ධනාගාරවලට ආදර්ශයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 260 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 440 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 785 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site