ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යොජනාව මන්ත්‍රීවරු සිවු දෙනෙක් පාර්ලිමේන්තුවේ දී කතානායක චමල් රාජපක්ෂ මහතාට අද උදේ බාර දුන්හ. ඇගේ ‘විෂම‘ පැවැත්ම ගැන එහි සඳහන් විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තලගොයා කඹරගොයා වෙලා.. අපි බලා ඉන්නවා....උපමා උපමේයන් වෙනස් වෙන ආකාරය (ස)
මේ නෝනට ඒ දවස්වල කඩිමුඩියේ මේ තණතුර බාර දෙනවිට මේ වගේ දෙයක් හීනෙන්වත් පෙනෙන්න නැතිව ඇති නේද?(නු)
අයියෝ සල්ලි
සමෘධි අරමුදලක් ගිය දුර..... (ස)
සාධාරණයක් කරන්න
නියමයි..! අපි ආශ්චර්යයේ ආසන්නයේ..!(නු)
බුදු කෙනෙක් යලි ඉපදේවා !!!!!! ..(ස)
මේ සේරටම මුල ඉසඩ් ස්කෝර් උසස් පෙළ ගැටලුවේදි මෙතුමිය ගත් නිවැරදි තීන්දුවයි.. ඒ නිසා වැරදි තීන්දු ගෙන පස්සට යනවාද? නිවැරදි තීන්දු තීරණ ගෙන රට ඉදිරියට යනවාද? තීන්දුව ඔබ අතේ..?(නු)
විෂම පැවැත්ම තියෙන්නේ කාටද කියාල අපිනම් පේනවා.. මගේ රටට යහපතක්ම වේවා..!(නු)
දචිලිප් අනුන්ගේ දුක සැප හොයන්න එපා.. ඇස් ඇරගෙන ලෝකය දිහා බලාගෙන කතාකරන්න..!(නු)
තියෙන අදහස් වලින් පෙනෙනවා ජනතාව අවදියෙන් කියලා. ඒත් දේශපාලකයින් කෝ? (නි)
ඔව් චන්ද්‍රසිරි මෙයට ජනාධිපති තුමාට විරුද්ධ වෙන්න පුළුවං.. මට ඔයා ගැන හා ඔයාගේ දැනුම ගැන හරි දුකයි.. ලංකාවෙද ඉන්නෙ..?(නු)
" බල්ලොත් එක්ක බැහැ.." මේ දවස්වල බලන්න තියෙන හොදම නාට්‍යයක්..!(නු)
අද විධායකයේ අසීමිත බලය ගැන කතා කරන උදවිය අධිකරණ ක්‍රියාවලදී හැම විටම කෙළින් ඉඳගෙන හරි තීන්දු ගත්තා නම් අද මේ වගේ දේවල් වෙන්නේ නැහැ. අධිකරණය කෙලින් තීන්දු ගන්නවා නම් දැන් වුණත් ප්‍රමාද නැහැ. දැන්වත් මේක තේරුම් අරන් රටේ ජනතාවගේ පැත්තේ ඉඳගන තීන්දු ගන්න. අතීතයේදී හරි පාලකයන්ගේ පැත්තේ ඉඳන් තීන්දු ගත් එකේ විපාක තමා මේ. (නි)
චන්ද්‍රසිරි මොනාද මේ ඔයා කියන්නේ.? ඔයා මොන විදියටද අපේ රටේ නායකයො ගැන හිතාගෙන ඉන්නෙ..? නින්දෙන් නැගිටින්න කරුණාකරලා..!(නු)
මොන්ටෙස්ක්‍යු, ඩයිසි, මහාචාර්ය ජී. එල්. පීරිස්ලා උගන්නපුවා දැන් වැරදිද මන් දා ? (නි)
එතකොට ඔය ඕන තරම් පාලකයන්ගේ "විෂම" පැවැත්මවල් වලට ඒ උදවියට දෝෂාභියෝග ගේන්නේ නැතිද? මෙයත් මෙයාලගේ පැත්තේ හිටියනම් විෂම නොවේ "අසමසමයි" ..(ස)
හිනා හිනා..... (ස)
අයියෝ අපේ රටට මොකද මේ කරන්න හදන්නේ? මේ අය හිතන්නේ මුලු රටේම ඉන්නෙ මෝඩයින් කියලද? අනේ දෙවියනේ මේ අයගෙන් මගෙ රට බේරලා දෙන්න.............!
තමන්ට එරෙහි වන සියලූම බලවේග විනාශ කිරීමේ මෙහෙයුමේ තවත් එක් පියවරක් (ස)
අයියෝ සල්ලි
විසෙන් විස නැසීම (ස)
තව සවුත්තු වෙන්න ඉස්සර නුවණින් වැඩ කළොත් හරි. තව දුරටත් මෙහෙම ගියොත් රටත් සුන් ඔබත් සුන් (නි)
අතීතයේ මෙයිට වැඩියෙන් කට්ටිය දැගලුවා.. එත් වැඩිකල් ගියේ නැහැ. ජේ.ආර්ට විතරක් සාමාන්‍ය මරණයක් හිමි උනා..!(නු)
සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි (ස)
වැඩක් නැහැ
මම මොකුත් දන්නේ නැහැ
නියමයි (ස)
ළගදීම වෙන දේ බලන්නකෝ. (නි)
වයධම්මා සංඛාරා (ස)
කුමටද මේ රටට අධිකරණ සහ විනිසුරුවන් .........? (ස)
අනිච්ඡා වත සංඛාරා (ස)
ඊළග අග විනිසුරු කවුද?(නු)
අය්යෝ අපේ රටට මොකද මෙ කරන්න හදන්නේ? මේ අය හිතන්නේ මුලු රටේම ඉන්නෙ බුරුවො කියලද? මෙ විදියට රට කනවනම් ගඩෆිලට,සදාම් හුසෙන්ට උනදේම අපේ පාලකයන්ටත් වේවා....! මේ වගෙ නාස්තිකාර විනාසකාරි උන්ට වඩා ප්‍රභාකරනුත් හොදයි කියල දැන් හිතෙනව...! අනේ දෙවියනේ මේ අයගෙන් මගෙ රට බේරල දෙන්න.............!(නු)
කොන්ද කෙළින් බව දැනගත්තහම තමයි සේරම ප්‍රශ්න. (නි)
කිව්වා වගේම ඒකාධිපතිත්වයට යන ගමනක්.. ජය වේ ලංකා...!(නු)
නීතිය ගෙදර යවා රට සුරාකෑමේ උපායක්ද කොහෙද?(නු)
මට මතක නෑ කියලා කවුරු හරි කියාවිද ?(ස)
මමත් පවිත්‍රා කෙනෙක්.. නමුත් අපවිත්‍ර වැඩ කරන කෙනෙක් නෙමෙයි.. මැතිණියනි.. ඔබේ ආචාර්ය උපාධිය උගත් කමෙන් ගත්ත එකක්. අපරටේ ඒකට තැන නැහැ.. මුදල් දීලා ගත්තොත් තමයි නම්බුව..!(නු)
අපුරු චින්තනයක් පෙරදැරි කොටගෙන අර නැගුම මේ නැගුම ඔස්සේ සුබ අනාගතයකට ගමන් ගන්නා අයුරු...(ස)
මෙතනදි කවුරු හරි ද කවුරු වැරදි ද කියල බලල නිගමයක් ගන්න ඕන.විනිසුරු ලෙස පත් වුණාම හිතනවා අපි මහ ලොක්කො කියල.පොදු ජනතාව එයාලට අමතකයි.යන්නෙ උඩින් කියල තමයි හිතාගෙන ඉන්නෙ.අපි අමතක කරන්න හොඳ නැ රටේ පාලකයන් කියල කොටසක් මේ ජනතාව පත් කර තිබෙන බව.පාලකයන්ට බලය ඇත්තෙ ජනතාව ආයෙත් පත්කරන තුරු බව එයාලත් හිතට ගත යුතුයි.හරියට තම රාජකරිය කලානම් කිසි ලෙස බයවිය යුතු නැහැ.අධිකරණයට අත ගැසුව අපේ බොහෝ රජයන් පරාජය වී තියනව මීට පෙරදි.(ස)
තැනට සුදුසු නියම පුද්ගලයා පත්වී නොමැත. (ස)
ඇත්තටම විෂමද? හොයලා බලන්න..!(නු)
මඩම්.. රටේ ජනතාව ඔබ සමගයි.. මේ අයට වෙන්නේ පකිස්ථානෙට මාලදිවයිනට අයට උන දේ තමයි..!(නු)
රටට වරදක් වෙනවානම් පළමුවම දැනෙන්න් පෙනෙන්නේ ජනතාවට.. අගවිනිසුරුගුමිය ගැන අපට නොපෙනෙන නොදකින දෙයක් මන්ත්‍රීලට ඇමතිලාට පෙනුනෙ කොහොමද?(නු)
අධිකරණයට සම්බන්ධ ලේකම් කෙනෙකුට තඩිබෑව කියන්නෙ හැබෑද ආයුබෝවං !(නු)
කුමක් වෙයිද දන්නේ නැහැ
බලය රැක ගන්න කරන්න තියෙන හැම දෙයක්ම කරන ආණ්ඩුවක් මීට කලින් ලංකාවේ තිබිල නැහැ කියල මට හිතෙන්නේ.(නු)
අහෝ ! ! ! නූගතුන් විසින් උගතුන් පාලනය වන රටක් දැකීමට අප පවු කර ඇත්තෙමු. . .(ස)
මේ රට හදන්න නම් එයාලගෙ කෙනෙක් මෙතනටත් පත් විය යුතුයි..!(නු)
ඒක තමා මේ මොරසූරණ වැහි වහින්නේ..(නු)
අපි කතා නොකරමු
ඩිලාන් මම ඔයත් එක්ක සම්පූර්ණයෙන්ම එකඟයි (ස)
අයියෝ සල්ලි
මම නම් හිතන්නේ ඔතනට හොදම රාජපක්ෂ කෙනෙක්..!(නු)
මෙතුමිය වැදගත් නඩු තීන්දු නොබියව ප්‍රකාශ කරපු කෙනෙක්. බලමු මොකද වෙන්නෙ කියලා. තේරීම් කාරක සභාවකට එ.ජා.ප. සහයත් දෙනවලු. (නි)
කකා බිබී නටන අතර - නරුම යහළු යෙහෙලියන් කුමට මෙරට අධිකරණය - නීතිය සහ විනිසුරන් (ස)
පළාත් සභා ක්‍රමයට පක්ෂව අදහස් දක්වන කාව වුනත් එලවා දමන එක ලොකු දෙයක්. පළාත් සභා ක්‍රමය මෙච්චර මේ රටට වින කරල තියෙද්දි මෙයා එකට පක්ෂව කතා කරනව. උගත් කමින් ඇති වැඩේ කුමක්ද මේ මිනිස්සුන්ට රටේ ජනතාවගේ දුක තේරෙන්නේ නැත්තන්.(නු)
අපුරු චින්තනයක් පෙරදැරි කොටගෙන අර නැගුම මේ නැගුම ඔස්සේ සුබ අනාගතයකට ගමන් ගන්නා අයුරු...(ස)
මෙයාගේ මහත්තයාට එරෙහිව කෝටි ගානක අල්ලස් නඩුවක් තියෙනවාලු..!(නු)
විනිසුරු ශිරාණී - සිටියා මුලාවී හොඳකල සිනාවී - තෑගිත් ලබාවී නීතිය රකිද්දී - උරණව බලාවී ආකල සුනාමී - මැළවී ගියාවී (නු)
සැරදේ නායකයාණනි ! (ස)
අපිට දැන් වීධායකය සහ ව්‍යවස්ථා දායකය යන දෙකම විස්වාස නැහැ . (ස)
දේශපාලකයින් ඉස්සෙල්ලාම ආදර්ශමත් වෙන්න. එවිට සියලුම වෘත්තිකයන් හරිමගට ඒවි .අදිකරණයේ ස්වාධීනත්වට රකින්න....(ස)
මේවා කියවලා දැනෙන දුකට චන්ද්‍රසිරිලා වගේ අය දාල තියෙන ඒවා දැක්කම තවත් දුක හිතෙනවා. මොන දේවල් හිතාගෙන ඉන්න මිනිස්සුද මන්ද? වහින එක බලලා මොලේ හිරිවැටිලද කොහෙද? (නු)
කරුණාකර තමන් වැපිරූ දේ තමන්ට කපාගන්න වෙන බව දැනගෙන කරන දෙයක් කරන්න. මොකද මෙහි අදහස් පළකළ චන්ද්‍රසිරිලා වගේ බත් කන මෝඩයින්ටත් කවදා හෝ ඇත්තට මුහුණ දෙන්න වෙනවා. එදාට ඔවුනුත් දේශපාලනිකව හිතන්න ඉඩ තියෙනවා. (නි)
ඇයි මෙයාව එලවන්නේ , කරුණාකර පැහැදිලි කරන්න (ස)
මින් ඉදිරියට අධිකරණයෙන් නීතියට අනුකූල සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු වෙන්න එපා. (නි)
අයියෝ සල්ලි
අපිට දැන් වීධායකය සහ ව්‍යවස්ථා දායකය යන දෙකම විස්වාස නැහැ .(නු)
මොකද්ද මේ අනුවන තීරණය ..(ස)
මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද ??..(ස)
මට මොකද ඉතින්
තුලාව ගෙන නෙත් බද රෙදිකඩකින් නීතියේ යුවතිය වජබෙඉ අද නිදුකින් ........ පොලිසිය උන්ගේ කූඩුව අපේ උන්ගේ....... නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ.---නන්දා මාලනී---(ස)
ආශ්චර්‍යය කරා යන පාරද මේ.....ජය වේවා (ස)
"...ඇගේ ‘විෂම‘ පැවැත්ම ගැන එහි සඳහන් විය..." අහෝ ශ්‍රී ලංකා!!!!!!!!!(ස)
ලංකාවත් තවත් එක් පකිස්ථානයක් වෙන්නද යන්නේ?.(ස)
හොදයි
මෙයට විරුද්ධ වීමට ජනාධිපතිතුමාට බලයක් ඇත..!(නු)
අපේ රටේ හිතට එකඟව වැඩ කරන අයට දෝෂාභියෝග, නින්දිත වැඩ කරන අයට සම්මාන (ස)
ජයවේව
චන්ද්‍රසිරි වගේ අය ගැන මට ගොඩක් දුකයි (ස)
අයියෝ සල්ලි තමයි
මේ යන්නේ කොයි පාරේ . අපි යන්නේ ගාඩාෆි ගිය පාරේ (ස)
කලකදී රසලු ............. කලකදී වස වෙනවාලු....(ස)
මම දන්නේ නැහැ
පාර්ලිමේන්තුවේ සමහරුන්ගෙත් විෂම පැවැත්ම ගැන දෝෂාභියෝගයක් ගෙනාවා නම් මීට වැඩිය හොදයි. (නි)