ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් සඳහා රජයේ මන්ත‍්‍රීන් සියයට වැඩි පිරිසක් අත්සන් කැර ඇතැයි රජයට සමීප ආරංචි කියයි. අගවිනිසුරුවරියගේ ක‍්‍රියා කලාපයට එරෙහිව මේ යෝජනාව කතානායක චමල් රාජපක්‍ෂ මහතාට බාරදීමට නියමිතය. මෙවැනි යෝජනාවකට රජය අරඅදිතිය එක්සත් ජාතික පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පසුගිය දින කිහිපයේ චෝදනා කළේය. අධිකරණ විනිසුරුවරයකු ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තිය යටතේ පනවා ඇති විධිවිධාන මෙසේය. අධිකරණ ස්වාධීනත්වය 107 - (1) අග‍්‍රවිශ්චයකාරවරයා ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාවනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චයකාරවරයෙක් ද ජනරජයේ ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන යටතේ වූ අධිකාර පත‍්‍රයක් මගින් පත් කරනු ලබන්නාහ. (2) ඉහත කී සෑම විනිශ්චයකාරවරයෙක් ම යථා පැවැත්මෙන් සිටිනා තාක් ධුරය දරන්නේය. ඒ යම්කිසි විනිශ්චයකාරවරයකු ඉවත් කිරීම සඳහා ඔප්පු වී ඇති විෂම පැවැත්ම හෝ අබලතාව හෝ පදනම් කොට ගෙන (නොපැමිණි මන්තී‍්‍රවරයන්ද ඇතුළුව) පාර්ලිමේන්තුවේ මුළු මන්තී‍්‍රවරයන් සංඛ්‍යාවෙන් බහුතර සංඛ්‍යාවක් විසින් සම්මත කරන ලද පාර්ලිමේන්තුවේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් කරන ලද නියමයකින් හැර ඒ විනිශ්චයකාවරයකු ඉවත් කළ නොහැක්කේය. එසේ වුවද එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ දැන්වීම පාර්ලිමේන්තුවේ මුළු මන්තී‍්‍රවරයන් සංඛ්‍යාවෙන් යටත් පිරිසෙයින් තුනෙන් එකක් විසින් අත්සන් තබා ඇත්නම් හා චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව පිළිබඳ සම්පුර්ණ විස්තර එහි දක්වා ඇත්නම් මිස කථානායකවරයා විසින් එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ කිසිම යෝජනා සම්මතයක් භාරගැනීම හෝ පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කිරීම හෝ නොකළ යුත්තේය. (3) ඒ යෝජනා සම්මත කිරීමේ කාර්ය පටිපාටියද ඇතුළුව එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව වූද චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව විමර්ශනය කිරීම සහා ඔප්පු කිරීම සම්බන්ධ වූද විනිශ්චයකාරවරයාට පෞද්ගලිකවම හෝ නියෝජිතයකු මගින් හෝ පෙනී සිටීමට සහ කරුණු දක්වා සිටීමට ඇති අයිතිය සම්බන්ධව වූ ද සියලූ කාරණා සඳහා පාර්ලිමේන්තුව විසින් නීති මගින් හෝ ස්ථාවර නියෝග හෝ විධිවිධාන සැලැස්විය යුත්තේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන අදහස් දාල තියෙන අය ගැන සන්තෝසයි. මොකද ඇත්ත තේරෙන කට්ටියත් ඉන්නවා කියලා හිතෙනවා. එතුමිය කෙලින් වැඩ කරන නිසා දැන් කැමති නැහැ, අපේ රටට ගිය කල? (නි)
ලොක්කන්ට නැමිලා රජ සැප විදිනවට වැඩිය හොදයි, කොන්ද කෙලින් තියාගෙන හිගාකනවා. (නි)
අපේ මිනිස්සු මැරිලා ඉපදුණු අයද කියලා හිතෙනවා මේ අදහස දැක්කහම. (නි)
මටනම් කනගාටුයි
අයියෝ සල්ලි
අයියෝ සල්ලි
මහජනයට ඉතුරුවෙලා තියෙන්නේ අධිකරණය විතරයි...ඒකත් නැති කරන්නද හදන්නේ.. (ස)
මම දන්නේ නැහැ
කනගාටුයි
අපිට මොකද
දෙයියෝ සාක්කි
දැන් දැන් කට්ටියට තේරෙනවනේ මේ කට්ටියගේ තරම. අර අහසේ ගැවෙන ගොඩනැගිලි ටිකක ෆොටෝ ටිකකට රැවටෙන කට්ටිය තේරුම් ගත්තොත් ඇති. අපේ කට්ටිය රැවටෙන්නේ පාරට කාර්පට් දැම්මහම. සරත් ෆොන්සේකාට තීන්දු දෙනකොට අධිකරණය හොදයි. දැන් නරකයි. (නි)
එතුමියට විරුද්ධ චෝදනාව වන්නේ යුක්තිගරුකව වැඩ කිරීමයි. (නි)
අයියෝ සල්ලි
අසීමිත බලය ලැබුණහම මිනිස්සුන්ගෙ ඇස් අන්ධ වෙනවා කියන්නෙ ඕකට තමා. වැස්ස වළාහක දෙවියනේ, අපේ දේශපාලඥයින් ටික රටින් චුත කරලා දෙන්න. (නි)
මෙයාලා එක්ක බෑ මැඩම් (ස)
අයියෝ සල්ලි
බොහොම ලැජ්ජයි. එතුමිය හරියට රාජකාරිය කළා. මොකක්ද මේ රටට වෙන්න යන්නේ ? (නි)
අයියෝ සල්ලි
අයියෝ සල්ලි
අග්‍රවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගය ගෙනෙන්න ප්‍රථම රටේ ජනතාව ඇයට විරුද්ධව ඇති චෝදනාව කුමක්දැයි දැනගතයුතු නැද්ද ? ඇයව පත්කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩ කරන්නද? නැතිනම් නීතිය ක්‍රියාත්මක කිරීමටද? ඇයි අප රටේ අධිකරණ ක්‍රමයේ හෝ අපගේ ව්‍යවස්ථාවේ මේවා පැහැදිලි මදිද ? මෙය අර "ඌ මට ගහනවා මට ඌ ගහනවා" යන විහිළු දෙබස මතක්වෙන අවස්ථාවක් නොවේද ? (නි)
අයියෝ සල්ලි
මට කියන්න දෙයක් නැත
මෙය රටේ අවශ්‍යතාවයක්ද? නැත්නම් එක කට්ටියකගේ පමණක් අවශ්‍යතාවයක්ද? (නි)
ජනතාව ඔබතුමිය සමගයි. ඔබට ජය! (නි)
වැරදිකරුවන්ට දේවශාපය ඒකාන්තයි. (නි)
අයියෝ සල්ලි
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගෙ..!(නු)
සුදුස්සට සුදුසු තැන නැති රටක් (ස)
අපිට ඉතුරු වෙලා තිබුණේ අධිකරණයේ පිහිට විතරයි.දැන් ඒකත් අඩපන කරන හැඩයි (ස)
මේ රටේ ඉන්න සියල්ලන්ම මෝඩයින් කියලා කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් ඒක මේ තීරණයට පස්සේ කාට කාටත් බලාගන්න පුලුවන් වේවි. (නි)
ඔබ සමග නීතියට ගරුකරන සියලු ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. (නි)
අධිකරණ විනිසුරන් මේ ඇතිවීගෙන යන බිහිසුණු තත්වය තේරුම් ගෙන, ඊළඟට පත් වෙන කෙනාත් මේ වගේ කෙලින් ඉඳලා හරියට රාජකාරි කළොත් මෙයාලට මොනවද කරන්න පුළුවන්? කණගාටුවෙන් වුණත් කියන්න වෙන්නේ මේ තත්වය ඉල්ලාගෙන ඇත්තෙත් එතුමන්ලාගේ දුරදිග නොබලා ගෙනගිය උදාසීන ක්‍රියාමාර්ගය නිසා බවයි. දැන් ඉතින් රටේ ජනයාට තැබිය හැකි එකම බලාපොරොත්තුව අධිකරණය මේවා සමබර කරන්න යම් වැඩ කොටසක් කරාවි කියන එක විතරයි. (නි)
පාලනයේ සාඩම්බරය සනිටුහන් වුණූ වගයි. (නි)
කෝටුව පෙන්නලා පොඩි ළමයි බය කරනවා වගේ වැඩක් (ස)
මට වැඩක් නැහැ
ඉදිරි දැක්ම ..........................???? (ස)
මෝඩ චූන් .අනේ මෙහෙමත් රටක් (ස)
ඇයි රනිල්ට සපෝට් ප්‍රතිචාර විතරක් දාන්නේ.(නදී)
අයියෝ සල්ලි
කනගාටුයි
බුදු අම්මේ! ඇයි මේ කට්ටිය මෙච්චර බයවෙලා? එතුමිය නිවැරදි නම් ,හරිනම් ,යහපත් නම් ,මේවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. (නි)
මොකද මේ වෙන්නේ? (නි)
ලංකාවේ සියලුම විනිසුරු කටයුතු දේශපාලකයින්ට ලබාදිය යුතුයි. (නි)
කොන්ද පණ තියෙන ප්‍රායෝගික නායකත්වයක් විපක්ෂයට නැති අඩුව තමයි මේ.......... (නි)
ඕවා ඔක්කොහ ඡන්දදායකයින්ගේ වැරදි තමයි. (නි)
ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් . ජනතාවාදී තීන්දු තීරණ දෙන ඔබ තුමියට ත්‍රිවිධ රත්නයේ පිහිටයි..!(නු)
ඇගේ වරදක් නැහැ..!(නු)
රටේ නායකත්වය විසින් මේවගේ දේවල් ප්‍රතික්ෂේප කළ යුතුයි..!(නු)
එතුමිය හරියට රාජකාරිය කලා. (නු)
එතුමිය හරියට රාජකාරිය කලා.අනික ඔයපෙත්සමට අත්සන් කරපු අය දන්නෙත් නැ මොකටද අත්සන් කරන්නේ කියල ඔහේ කව්රුහරි කියන්නන් වාලේ අත්සන් කරන්න ඇති.(නු)
හේතුව මේ අයට මේතුමිය හීලෑ නැතිකම..!(නු)
ජෙනරාල් ෆොන්සේකාට දීපු තීන්දුවට දෙන තෑග්ගක් වෙන්න ඇති මේක.!(නු)
මේ විදියෙ දෝෂාභියෝගයක් ජනාධිපතිටත් කරන්න ඕන කොන්ද පණ තියෙන කෙනෙක් ඉන්නවානම්..!(නු)
දේශපාලනයේ පිරිහීමද මේ පෙන්නුම් කරන්නෙ..?(නු)
කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනවානේ.. එවොගෙමයි කන්න බැරි උනාම තලගොයත් කබරගොයා වෙනවා.. ඕකයි තත්ත්වය..!(නු)
කට්ටිය හැමතැනම දිවුරලා කිව්වා නේද එහෙම දෝෂාභියෝගයක් ගැන තීරණයක් නැහැ මේක ජනතාවාදී රජයක් කියලා.. දැං මොකද කියන්නේ..?(නු)
රජයක් හැටියට ලැජ්ජයි මෙවැනි කොන්ද කෙලින් තියෙන ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්න කෙනෙක්ට දෝෂාභියෝගයක් ගෙන ඒම ගැන..!(නු)
ජයවේවා
මම යූකේ වල ඉන්න කෙනෙක්..මට ඇත්තටම ලැජ්ජයි ලංකාව සහ පාර්ලිමේන්තුව ගැන.. මම දන්නෙ නැහැ ලංකාවෙ අය ඇස් ඇරගෙනද ඉන්නෙ කියලා..(නු)
ශිරානි බණ්ඩාරනායක ඔයා බය නැතිව තීරණ ගන්න.. මේ අයගෙන් රට බේරාගන්න..!(නු)
යුද්දෙ දිනුවනේ ඕව මොනවද?(නු)
විධායකට විරුද්ධවෙන හැම බලවේගයක්ම ඉවත්නොකලොත් රටේ සංවර්ධනය අඩාලවෙන නිසා ඡනාධිපති තුමා ඉතා ඉක්මනින් අගවිනිසුරු තුමිය ගෙදර යැවීමට තීරණය කිරීම ඉතා කාලෝචිත වේ..!(නු)
අනේ මන්දා ඔයාලම පත්කරනවා ඔයාලම වරදින කොට එළවනවා බලය තියෙනවනේ 2/3ක් එළවමු...(නු)
මේක කොමඩි රටක්...!(නු)
බලාගෙනයි !අකුණු කුණාටු බොහොමයි .දෙසැමිබර් 21 ත් ළගයි . (නු)
කුමක්ද මේ වෙන්න යන්නේ..!(නු)
මේ දේශපාලනය රට විනාශ කරන හැටි.අපිට හරියට කාටත් එක විදියට යුක්තිය ඉටු කල මහත්මා ගුණ ඇති අගවිනුසුරුවරියට ද මෙහෙම කරන්නේ..අපිත් නිකන් ඉන්නේ නැහැ...බලමු ඊලග පාර ඔය කට්ටියටත් ගෙදර යන්න වෙයි....
ඔය වගේ දේවල් ඉවරයක් නැද්ද, මොකද මේ රටට වෙන්න යන්නේ ? (අ)
ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ
මට වැඩක් නැහැ
ශිරානි මැතිණිය රජයට පාරාවලල්ලක් වූ වගයි............ (ස)
අපට හිතුනා උසස් පෙළ Z ගැටළුවෙදි නිවැරදි තීන්දුවක් දුන්නම ඇමතිවරුන්ට ඔබතුමියගේ දිහා බලන්න ඉන්න බැරි බව... මොකද? ඉතින් සමහරු අඩුම තරමේ උසස් පෙළත් සමත් නැති, අචාර්ය පදවි ද තිබෙන මැති ඇමතිවරු සිටින පාර්ලිමේනතුවක් නේ අපට තියෙන්නේ... (ස)
නීතිය රජුට අවශ්‍ය විදියට නැත්නම්, තමන් කැමති තීරණය ලබාගත හැකි අයකු පත්කරගන්න ඕනේ. (ස)
මට මොකටද
අපි අගවිනිසුවරියට ඉන්නවා
මට වැඩක් නැහැ
රඛිත, ඔයාගේ කියමනට මමත් එකගයි. (නි)
ඔය අත්සන් කරපු අය අතර නඩුවට කතා කර නීතිඥවරුත් ඉන්නවද කියලා බලන්න (ස)
කොට්ටෝරුවා කෙසෙල් ගහට කොටපුදාට මට්ටු වෙනවලු. (නි)
කවුරු හරි කියනවාද අගවිනිසුරුවරියත් එක්ක එයාලට තියෙන සමීපතම ගැටලුව මොකක්ද කියලා? (නි)
පුදුමි එත් අත්තයි...!(නු)
මේක තමයි මේ ක්‍රමයේ තිබෙන ලොකුම වැරැද්ද. අපේ රටේ ඉන්න මිනිස්සු තමන්ම වළ කපා ගනිමින් යනවා. නීතිය බල්ලට ගියත් තමන්ට වාසියක් වෙනවා නම් එච්චරයි ඕනෑ. මෙතුමියටවත් පරක්කුවෙලා හරි ඇත්ත තේරුම් අරගෙන කෙළින් ඉඳගෙන යමක් කරන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. අහෝ අපේ විරුද්ධ පක්ෂ.....!!! (නි)
සමහරුන්ට කබරගොයිත් තලගොයි වෙනවා වගෙයි. (නි)
ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ
නියමයි අපි ඉගෙන ගත්ත කට්ටියව ලංකාවෙන් තුරන් කරමු.. කරදර වැඩියි මේ අය හිටියොත්..!(නු)
විධායක බලයේ අනිසි ප්‍රතිඵල.. රටේ බුද්ධිම්ත උගතුන් සහ බුද්ධිමත් ඡන්ද දායකයන් සිටීනම් මේවගේ ඒකාධිපති වැඩවලට අත් උස්සන මන්ත්‍රීන් සහ ඒකාධිපතිවාදීන් පළවා හැරීමට ඉදිරි මැතිවරණවලදී කතිරයෙන් පිළිතුරු දිය යුතුයි..!(නු)
ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ
ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ
ඕකට තමයි කියන්නෙ බල්ලොත් එක්ක නිදා ගත්තම නැගිටින්න වෙන්නෙ මැක්කොත් එක්ක කියල.(නු)
ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ
ජයවේවා