නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අද (27) අනුරාධපුර ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, මිරිසවැටිය, ජයන්ති විහාරය ආදී සිද්ධස්ථානවලට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.
මිරිසවැටියේදී ඊතල වැටුණුවැවේ ඥාණතිලක නාහිමි ද, රුවන්වැලි සෑයේදී පල්ලේගම හේමරතන නාහිමි ද, සම්බුද්ධ ජයන්ති විහාරයේදී නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි ද නව අග විනිසුරුට සෙත් පතා ආශිර්වාද කළහ.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැකීමට නියමිතව සිටියේ පෙරවරු 10.30ටය.
පල්ලේගම හේමරතන හිමියන් සෙත්පතමින් අගවිනිසුරුට පැවසුවේ ඉතා භාර දූර කාර්යක්, ඉතා පරිස්සමෙන් සිදු කර සැමට යුක්තිය හා සාධාරණය ඉටු කිරීමේ වගකීම ඔහුට පැවරී ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ලැබුණු රාජකාරිය හරියටම කරන්න. (නි)
මුුල රටවැසියාම ඔබතුමාට ආශිර්වාද පතනවා, යහපත් ලෙස රාජකාරිය කිරීමට. (නි)
කවුරු නැතිවුණත් රට වෙනුවෙන් අපි හැමවිටම ඉන්නවා. (නි)
දෝහා ඔයා වෙන්න ඇති.. අපි නම් ඕවට නැහැ..,!(නු)
හැමදෙනාම අතේ දුරින් තියාගන්නවානම් ඔබතුමාට රාජකාරිය කරන්න පහසු වෙයි.. අපේ සුභ පැතුම්..!(නු)
සාධු,,,, සාධු,,,, සාධු,,,, (දී)
අපි පොඩ්ඩක් බලා ඉදිමු මොකද වෙන්නේ කියලා. එකපාරටම මනුස්සයෙක් ගැන තීරණය කරන්න අපිට බැහැ. (නි)
නන්දලාල් මෙතුමාට දේශපාලක උත්තමයන් අතේ දුරින් තියාගන්න බැරි වෙයි. (නු)
සන්තෝසයි (දී)