IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අග විනිසුරු සිරිමා බෝධියට පියුම් පුදයි

අග  විනිසුරු මොහාන් පීරිස් මහතා අනුරාධපුර විනිසුරුවරුන් ද සමග අනුරාධපුර අටමස්ථානයට ගොස් අටමස්ථානාධිපති නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන, ශ්‍රී මහා බෝධියට සුදු හා රතු නෙළුම් පුදා බෝසමිඳුන්ගේ ආශිර්වාද ද ලබා ගත්තේය.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් පැවසුවේ නඩු ප්‍රමාදයට විසඳුමක් අවශ්‍ය බවයි. ඒ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි අග විනිසුරු ප්‍රකාශ කළේය.

අනුරාධපුර පළාත් බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක, සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, දිසා විනිසුරු ලක්මාලී හේවාවසම් මෙනෙවිය, ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය, අතිරේක මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න, අතිරේක මහේස්ත්‍රාත් හා කම්කරු විනිශ්චය සභාවේ සභාපති අරෝෂ තෙන්නකෝන් මහත්වරු ද අග විනිසුරු සමග ශ්‍රී මහා බෝධියට ගියහ.



අදහස් (0)

අග විනිසුරු සිරිමා බෝධියට පියුම් පුදයි

සමන් Sunday, 27 January 2013 03:30 PM

ඒක උතුම් වැඩක් (දී)

:       0       0

මේරි Sunday, 27 January 2013 04:17 PM

සුරේෂ් මාගම්මන, ටිකිරි බණ්ඩාර දෙදෙනාම සම්පුර්ණ ඇත්ත කියලා තියෙන්නේ. (නි)

:       0       0

ජීව Sunday, 27 January 2013 11:54 PM

ඒවා හොද වැඩ (දී)

:       0       0

ලලිත් Sunday, 27 January 2013 10:45 AM

ඔබට බුදු සරණයි, සාධු..සාධු..සාධු.. (දී)

:       0       0

සුභා Monday, 28 January 2013 12:19 AM

උතුම් වැඩක් (දී)

:       0       0

චමල් Sunday, 27 January 2013 10:46 AM

ඒක හොදයි (දී)

:       0       0

සිල්වා Sunday, 27 January 2013 11:50 AM

අග විනිසුරු තුමා ප්‍රථමයෙන් කල වැඩේ උතුම් (දී)

:       0       0

සුරේෂ් මාගම්මන Sunday, 27 January 2013 11:58 AM

පල්ලියෙදිවත් අගවිනිසුරැට මෙහෙම පිළිගැනීමක් තිබුණෙ නැහැ.. ආගමත් එක්ක දේශපාලනය කරන වෙන ලෝකෙ කිසිම රටක් දැක්කෙ නැහැ.!(නු)

:       0       0

නන්දලාල් Sunday, 27 January 2013 12:17 PM

නඩු කඩිනමින් අවසන් කිරීම පොදු ජනතාවත් ආරක්ෂාක අංශවලටත් මහා අස්වැසිල්ලකි.. අවධානය යොමු කළාට මයිදි ඒ සදහා ක්‍රියාත්මක වීමද අවශ්‍ය කරුණකි(නු)

:       0       0

ජෝසප් සෙනෙවිරත්නන Sunday, 27 January 2013 12:33 PM

පල්ලියෙවත් මෙයාට මෙහෙම පිළිගැනීමක් නැහැ... අපේ හාමුදුරුවරු පිළිගත්තාට....!(නු)

:       0       0

සිල්වා Sunday, 27 January 2013 12:58 PM

ඒක උතුම් වැඩක් මහත්මයා (දී)

:       0       0

සිල්වා Sunday, 27 January 2013 12:59 PM

තමන්ගේ සිත ප්‍රීතිමත් කරගත් පමණට ‍‍බොහෝ දෙනාගේ සිත් ප්‍රීතියෙන් තැබිය හැක. (නි)

:       0       0

චමිල Sunday, 27 January 2013 01:20 PM

බෞද්ධ පොඩි පන්තියේ මිනිහෙකුට නම් ජය ශ්‍රී මහා හාමුදුරුවෝ වඳින්න ළඟට යන්න අවසර නැහැ. (නි)

:       0       0

ලලිත් කටාර් Sunday, 27 January 2013 01:33 PM

අපේ හාමුදුරුවන් ළගට යන ඕනෙම කෙනෙකුට ආශිර්වාද කිරීමට බෞද්ධ දර්ශණය පැහැදිළිව සදහන් වෙනවා.. පෞද්ගලික තරාතිරම් ගතිපැවතුම් වැඩක් නැහැ..!(නු)

:       0       0

සිසිර Sunday, 27 January 2013 01:50 PM

සන්තෝසයි (දී)

:       0       0

ගාමිණි Sunday, 27 January 2013 02:15 PM

ඒවා විය යුතු වැඩ (දී)

:       0       0

සමන් ප්‍රදීපා Sunday, 27 January 2013 02:39 PM

අපි බෞද්ධයෝනෙ ප්‍රභාකරන් ආවත් ඔහොම කරනවා.....!(නු)

:       0       0

ටිකිරි බණ්ඩාර Sunday, 27 January 2013 02:43 PM

සහතික ඇත්ත... ක්‍රිස්තියානි කෙනෙක් වෙලත් පලිලයෙවත් මෙහෙම පිලිගැනීමක් නැහැනේ... ක්‍රිස්තියානි කියන්නේ මුදලට යට නොවන ආගමක් කියලා මට දැං හිතෙනවා.. රටට ගිය කලක්..!(නු)

:       0       0

තිලක් Sunday, 27 January 2013 02:45 PM

එක හිමිනමක් අයුක්තියට අසාධාරණයට හිස නොනැමුවට තව සීයක් විතර හොයාගන්න පුළුවං කියලා පෙන්වා දුන්නාට ස්තුතියි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site