අග විනිසුරු මොහාන් පීරිස් මහතා අනුරාධපුර විනිසුරුවරුන් ද සමග අනුරාධපුර අටමස්ථානයට ගොස් අටමස්ථානාධිපති නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන, ශ්‍රී මහා බෝධියට සුදු හා රතු නෙළුම් පුදා බෝසමිඳුන්ගේ ආශිර්වාද ද ලබා ගත්තේය.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් පැවසුවේ නඩු ප්‍රමාදයට විසඳුමක් අවශ්‍ය බවයි. ඒ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි අග විනිසුරු ප්‍රකාශ කළේය.
අනුරාධපුර පළාත් බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක, සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, දිසා විනිසුරු ලක්මාලී හේවාවසම් මෙනෙවිය, ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය, අතිරේක මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න, අතිරේක මහේස්ත්‍රාත් හා කම්කරු විනිශ්චය සභාවේ සභාපති අරෝෂ තෙන්නකෝන් මහත්වරු ද අග විනිසුරු සමග ශ්‍රී මහා බෝධියට ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක උතුම් වැඩක් (දී)
සුරේෂ් මාගම්මන, ටිකිරි බණ්ඩාර දෙදෙනාම සම්පුර්ණ ඇත්ත කියලා තියෙන්නේ. (නි)
ඒවා හොද වැඩ (දී)
ඔබට බුදු සරණයි, සාධු..සාධු..සාධු.. (දී)
උතුම් වැඩක් (දී)
ඒක හොදයි (දී)
අග විනිසුරු තුමා ප්‍රථමයෙන් කල වැඩේ උතුම් (දී)
පල්ලියෙදිවත් අගවිනිසුරැට මෙහෙම පිළිගැනීමක් තිබුණෙ නැහැ.. ආගමත් එක්ක දේශපාලනය කරන වෙන ලෝකෙ කිසිම රටක් දැක්කෙ නැහැ.!(නු)
නඩු කඩිනමින් අවසන් කිරීම පොදු ජනතාවත් ආරක්ෂාක අංශවලටත් මහා අස්වැසිල්ලකි.. අවධානය යොමු කළාට මයිදි ඒ සදහා ක්‍රියාත්මක වීමද අවශ්‍ය කරුණකි(නු)
පල්ලියෙවත් මෙයාට මෙහෙම පිළිගැනීමක් නැහැ... අපේ හාමුදුරුවරු පිළිගත්තාට....!(නු)
ඒක උතුම් වැඩක් මහත්මයා (දී)
තමන්ගේ සිත ප්‍රීතිමත් කරගත් පමණට බොහෝ දෙනාගේ සිත් ප්‍රීතියෙන් තැබිය හැක. (නි)
බෞද්ධ පොඩි පන්තියේ මිනිහෙකුට නම් ජය ශ්‍රී මහා හාමුදුරුවෝ වඳින්න ළඟට යන්න අවසර නැහැ. (නි)
අපේ හාමුදුරුවන් ළගට යන ඕනෙම කෙනෙකුට ආශිර්වාද කිරීමට බෞද්ධ දර්ශණය පැහැදිළිව සදහන් වෙනවා.. පෞද්ගලික තරාතිරම් ගතිපැවතුම් වැඩක් නැහැ..!(නු)
සන්තෝසයි (දී)
ඒවා විය යුතු වැඩ (දී)
අපි බෞද්ධයෝනෙ ප්‍රභාකරන් ආවත් ඔහොම කරනවා.....!(නු)
සහතික ඇත්ත... ක්‍රිස්තියානි කෙනෙක් වෙලත් පලිලයෙවත් මෙහෙම පිලිගැනීමක් නැහැනේ... ක්‍රිස්තියානි කියන්නේ මුදලට යට නොවන ආගමක් කියලා මට දැං හිතෙනවා.. රටට ගිය කලක්..!(නු)
එක හිමිනමක් අයුක්තියට අසාධාරණයට හිස නොනැමුවට තව සීයක් විතර හොයාගන්න පුළුවං කියලා පෙන්වා දුන්නාට ස්තුතියි..!(නු)