නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පිළිගැනීමේ නිළ උත්සවය අලුත් කඩේ දී අද පැවැත්විණි. එහි පින්තුර ගැනිමට ගිය දෙස් විදෙස් මාධ්‍ය ඡායාරූප ශිල්පීන්ට එහි ඇතුළු වීමට ඉඩ ලැබුණේ නැත. පොලිසිය පැවැසූයේ උසාවි මාෂල්වරයා ඒ සඳහා අවසර දී නැති බවයි.
නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පිළිගැනීමේ නිළ උත්සවය අලුත් කඩේ දී අද පැවැත්විණි. එහි පින්තුර ගැනිමට ගිය දෙස් විදෙස් මාධ්‍ය ඡායාරූප ශිල්පීන්ට එහි ඇතුළු වීමට ඉඩ ලැබුණේ නැත. පොලිසිය පැවැසූයේ උසාවි මාෂල්වරයා ඒ සඳහා අවසර දී නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකද රටේ ප්‍රජාතන්ත්‍රවාදය? (නි)
ඇත්ත නේන්නම් සම්මානි කියන කතාව. (නි)
එහෙම තහංචි දාන්න මේවා හෙරට කරන්න ඕනෑ දේවල් නෙමෙයිනේ. (නි)
මධ්‍යවේදි මහත්වරුනි, ලොකු මිනිස්සු, දේශපාලකයන් පස්සේ යන්නේ නැතුව දුක්විදින අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න වෙත ඔබගේ කැමරාව යොමු කරන්න. (නි)
ලංකාවෙ උසාවි ඉතිහාසයේ පළමුවරටයි මේවගේ හැංගිමුත්තම් කළේ... (නු)
උත්සවයේ අමුත්තො අඩු ඇති.. ඒකයි ඡායාරෑප ගන්න එපා කියන්නේ..!(නු)
මාතර දුසන්ත, දුක්විදින මිනිස්සු අවසානෙට යන්නෙ උසාවියට තමයි. මේ රටේ දැන් නීති හැදෙන්නෙ සාමාන්‍ය මිනිසුන්ට පීඩා කරන්නයි තෝරු මෝරු නිදහස් කරන්නයි. අනේ ඇමරිකාවවත් අපේ රට ආක්‍රමණය කරලා අධිකරණය සහ නීතිය සාධාරණව ස්ථාපිත කළොත්! (නි)
මෙහෙම ගියොත් එතුමාට හැමදාම ඉන්න වෙන්නේ හැංගිලා. (නි)
මාධ්‍යයකින් එන්න තරම් එතන වැඩි දෙනෙක් සෙනග නැතුව ඇත්ද දන්නෙ නැහැනේ. (නි)
මනමාලයා විතරක් ඉන්න මගුල් ගෙවල් වල ෆොටෝ ගන්නෙ නැහැල්ලු. (නි)
ලැජ්ජා ඇති ෆොටෝ ගන්න. (නි)
පොටෝ එකක් හදමු (ස)
නැතුව, නැතුව , අමරිකාවේ ජනාධිපති දිවුරුම් දීමත් රූපවාහිනියෙන් පෙන්නුවේ නැහැනේ. (ස)
පින්තූරයක් ගත්තට එච්චර ලොකු හානියක් වෙනවද? (නි)
මුහුණේ අප්සට් එකක්ද කියන්න බැහැනේ. අපි දන්නෙ නැහැනේ හරියටම. (නි)
හොඳයි ඒ වියඳම ඉතිරියි නේ (ස)
අපි එතුමව හදුනන්නේ නැතුවයැ, ෆොටෝ අරන් පෙන්නන්න? (නි)
හොද වැඩ ප්‍රසිද්ධියේ කරන සිරිතක් නැහැනේ. (නි)
සහභාගීවන නීතිඥ පිරිස වැඩි නිසා පෙන්නන්න ගියොත් මාධ්‍යකරුවන් අමාරුවේ වැටෙයි කියා ගත්ත තීරණයක් වෙන්න ඇති. (නි)
ඡායාරූප ගත්තහම ආපු මිනිස්සු ගණන වැඩි බව පෙනිලා ඊර්ෂ්‍යා කරයි කියලා වෙන්න ඇති. (නි)
සම්මානි කියන 'හොඳ වැඩ' මම දන්නවා. (නි)
කැමරා මොකටද ??? මොනවා ඡායාරූප ගත කරන්නද (ස)