ජීවිතය යනු අනපේක්‍ෂිත සහ අපේක්‍ෂිත සියල්ලට මුහුණ දිය යුතු දෙයක් නම්? උපේක්‍ෂා ඒ සියල්ලටම මුහුණ දෙමින් ඉදිරියට යන්නීය. ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක හා රංගන ශිල්පිණියක ලෙසය. අප ඇය සමඟ සඳැල්ලට කතාකිරීමට සූදානම් වන්නේ රංගන ශිල්පිණියකගේ භුමිකාවේ සිටය. අනුරුද්ධ ජයසිංහගේ ‘‘බෝම්බ සහ රෝස’’ Bombs and Rose චිත‍්‍රපටය සමග ඇය මේ දිනවල අපට හමුවෙයි. සාමාන්‍ය ජීවිතයේ ඇය දැන් හුදෙකළාය. ඒ සියල්ලට සාපේක්‍ෂ වූ කතාබහකට අපි උපේක්‍ෂා එක්කර ගනිමු.
|
|
|
|
උපේක්‍ෂා කොහොමද ජීවිතේ අලූත් තොරතුරු?
හොඳින් සුරක්‍ෂිතව දුක - සතුට සියල්ල සමබරව ජීවිතය ගෙවනවා.
සුරක්‍ෂිතව කිව්වේ? පසුගිය කාලයේදී සුරක්‍ෂිත බවක් තිබුණෙ නැද්ද?
දේශපාලන සහ සමාජීය ජීවිතයේ වගේම, පුද්ගලික ජීවිතයේත් පසුගිය කාලයේ යම් යම් ගැටළු තිබුණා. එවිට සමහර අවස්ථා මට දැනුණෙ සුරක්‍ෂිත නැහැ කියලයි. අද නම් පෞද්ගලික ජීවිතේ සහ රාජකාරී ජීවිතේ සියල්ලෙන් සුරක්‍ෂිත බව හැඟෙනවා.
පසුගිය දිනවල ඔබගෙ දික්කසාදය ගැනත් පුවත් පළවුනා. ඒ ගැන ඔබට හැඟෙන්නෙ කොහොමද?
ක්ෂේත‍්‍රයට පා තැබුවේ දික්කසාද බලාපොරොත්තුවෙන් නෙවෙයි. මම වගේම ඕනෑම කෙනෙක් එය අපේක්‍ෂා කරන්නෙ නැති වෙන්න පුළුවනි. කලා ක්ෂේත‍්‍රයේ දී විශේෂයෙන්ම අපට හිතන්න පැති බොහෝමයි. සමාජයේ, කලාවේ, ජනප‍්‍රිය චරිත ලෙස එවැනි තීරණ අපේක්‍ෂා කරන්නෙ නැහැ. මාත් එවැනි දෙයක් අපේක්‍ෂා කළේ නැහැ. නමුත් දෛවය සියල්ල වෙනස් කළා. ඒත් ශ්‍රී ලාංකික කාන්තාවක් ලෙස මට ඒ ගැන සතුටු වෙන්න බැහැ. අපි සංස්කෘතියක් සහ විනයක් - හරයක් තියෙන රටක්.
කෙසේ වෙතත්, එහෙම වෙන්න ඇත්තෙ ඇයි කියලාද අද ඔබ විශ්වාස කරන්නේ?
බොහෝ විට එදා මගේ දැනුම අනුව ඒ කළ දෙයට අම්මාගෙන් අවසර ලැබුණෙත් නැහැ. එය නොතකා කළ දෙයක්. කොහොමටත් විවාහයට පෙර අප අතර නොයෙක් ප‍්‍රශ්න තිබුණා. මම හිතුවේ විවාහයෙන් පසු සියල්ල හරියයි කියලයි. ඒත් මං හිතන්නෙ දැන් තව දුරටත් ඒ කිසිවක් ගැන කතා කිරීම පළකට නැති දෙයක්.
මෙවැනි දේ හමුවේ සමාජය කාන්තාවක දෙස බැලිය යුත්තේ කොහොමද කියලාද ඔබ හිතන්නෙ? විශේෂයෙන්ම නළු - නිළියන් යන ජනප‍්‍රිය චරිත මේ විදියට සිදුවීම් වලට මුහුණ දුන් පසු බැලිය යුත්තේ කොහොමද?
නළු - නිළියන් විතරක් නෙවෙයි. සදාචාරයක් ඇති රටක අපි හැමෝම යහපත් දේ අනුගමනය කළ යුතුයි. අප ජනප‍්‍රිය කියනවාට වඩා අපත් අන් අය මෙන් සාමාන්‍ය අය බව හිතන්න ඕනැ. ජනප‍්‍රිය නිසා බලපෑමක් කළ හැකි වෙන්න පුළුවනි. ඇත්තටම ජනප‍්‍රිය ක්ෂේත‍්‍රයක ගෙවන අපේ ජීවිතත් බොහෝ මානුෂිකයි. සමාජයේ අනෙක් අය මෙන් අපිත් දවසින් දවස ජීවිතය ඉගෙන ගන්න අයයි.
ධනය, බලය, ජනප‍්‍රියත්වය ලැබෙන තරමට ජීවිතය අතිශයින්ම සංකීර්ණ වෙන්න පුළුවනි. නමුත් ඒ සියල්ල හමුවේ අතිශය සරල - සාමාන්‍ය චරිතයක් වීම මගේ අරමුණයි. සමාජය අප දිහා ඒ විදියට බලනවා නම් මම කැමතියි. කලාකරුවන් වූ නිසාම අපි කවුරුවත් අංග සම්පූර්ණ අය නොවෙයි. අඩු පාඩු තිබෙන්න පුළුවනි. ඒවා හදාගෙන ගමනක් යා යුතුයි.
කෙසේ වෙතත් මේ සියල්ල අතරේ ඔබම ප‍්‍රකාශ කර තිබුණේ ඔබට ගැලපෙන්නෙ අකලංක වගේ කෙනෙක් කියලයි. එහි සත්‍යතාවය?
එක්තරා අවස්ථාවක් අප දෙදෙනා සජීව රූපවාහිනී වැඩ සටහනකට සහභාගි වුණා. ඒක ඇත්තටම අපි විහිළුවට කිව්වේ. ඒ වැඩ සටහන ගලාගෙන ගිය විදියට. ඒ ගැන ඇත්තටම කතා කරන්න එපා කියලත් අපි ඒ වෙලාවෙ කිව්වා. නමුත් ඒක කලා ලොවේ ලොකු ප‍්‍රවෘත්තියක් වුණා.
අකලංක හා ඔබ අතර ඇත්තටම එවැනි සබඳතාවයක් නැද්ද?
ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ සින්ඩරෙල්ලා නමැති අපූරු සිනමා නිර්මාණයේ ප‍්‍රධාන චරිත ද්විත්වයකට අපි දෙන්නා දායකවුණාට පස්සේ තමයි එවැනි කතාවක් ඇති වුනේ. අපි මාස පහක් විතර එකට වැඩ කටයුතු කළා. ඒ දීර්ඝ කාලය එක්ක ආපු කතා විතරයි. ඇත්තටම අකලංක මාගේ හොඳ යාළුවෙක්.
අද ඔබ ගැන කතාවන තවත් මාතෘකාවක් වන්නේ ‘‘බෝම්බ සහ රෝස’’ චිත‍්‍රපටය නිසයි. ඒ ගැන කතා කළොත්?
මේ චිත‍්‍රපටය රූගත කළේ වසර කීපයකට පෙරදීය. එහි මා රඟපාන චරිතය හරිම සෙල්ලක්කාර චරිතයක්. පේ‍්‍රක්‍ෂකයා ඒ ගැන මොන ආකල්පයෙන් බලාවිද යන්න අද මට ප‍්‍රශ්නයක්. සමහරවිට ඒ චරිතයට සාපේක්‍ෂව සමාජය මගෙන් ප‍්‍රශ්න කරන්න බැරි නැහැ. කොහොම වුනත් අනුරුද්ධ ජයසිංහ මහතාගේ ‘‘බෝම්බ සහ රෝස’’ අලූත් අත්දැකීමක් වේවි.
උපේක්‍ෂා අවංකවම ඔබ ගැන ඔබට හිතෙන්නේ කොහොමද?
මම කවුද? එහෙම නේද? ම්ම්... ම්.......ම් මම, මම හිතන්නේ සරලව ඉන්න කෙනෙක් නිතරම හොඳින් ඉන්න උත්සාහ ගන්න කෙනෙක්. උප්පත්තියෙන්ම මම හොඳයි කියලා මවාගෙන ජීවත්වෙන බොහෝ පිරිස් සමාජයේ සිටිනවා. හැබැයි එය මවා පෑමක් විතරයි. හොඳින් ජීවත් වෙන්න නම්, ජීවිතයෙ අප කරන - කියන සියල්ලට අවංක වීම වගේම කැපවෙන්න ඕනෑ. මම හිතන්නෙ එහෙමයි. හොඳ සිහි බුද්ධියෙන් ජීවත් වීම වැදගත්. අවංකව ජීවත් වෙන්න උත්සාහ ගන්න චරිතයක්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව සෙරෙප්පු පහර දියයුත්තේ ඡන්දදායකයින්ටයි. (නි)
සුභ අනාගතයක පෙර නිමිති! (නි)
නංගි, දැන්වත් අම්මා කියන දේ අහන්න. එතකොට වරදින්නේ නැ.. (ස)
මාර ලස්සන කොල්ලෙක් අකලංක කියන්නේ. ඒ අතින් නම් මම උපේක්ෂා එක්ක පුදුම ඉසිරියාවක් තියෙන්නේ. (නි)
අකලංක අපි තරම් හොද නැහැ නංගී. අපි ගම්පහ ඔයාට මනාප දීපු අය.(නදී)
ඔබ දක්ෂ කෙනෙක් සුභපතනවා ඔබට (දී)
ජීවිතේ යම් යම් කාලවලදී ගන්න තීරණ සමහරවිට වරදිනවා. නමුත් ඒ ගැන නොසිතා පෞද්ගලික හා වෘත්තීය ජීවිතය සමබර කර ගැනීම ඉදිරියට හොදයි. මම අක්කට සුභපතනවා.(නදී)
ඉතින් අපිට මොකද (දී)
සමහර ඡායාරූප දැක්කහම මට නිකන් මොකක්දෝ වගේ. (නි)
මෙන්න බොලේ ආශ්චර්යය! (නි)
සුභ පතනවා. (නි)
උපේකෂා ස්වර්ණමාලිගේ විතරක් නෙවෙයි අකලංක මගෙත් හොඳම හොඳ යාලුවෙක්. එයා හරි හොඳයි අනේ. මම දැකපු පිරිමින්ගෙන් කරුණාවන්තම පිරිමියා. (නි)
අකලංක කියන්නේ හොද කෙනෙක් (දී)
ඔබ දක්ෂ ශිල්පිනියක් (දී)
අත්තද... (දී)
අපිනම් කැමති නෑ එයාට මොකද අපි මේවගේතව දේවල් දන්නාව අපි කුවේට් හිටියා. (අ)
මට ඔයාව දැක්කහම මොකක්දෝ වෙනවා නංගී. (නි)
ඔබට ජයවේවා, සුබපැතුම් (දී)
නංගී, ඔබ ඉතාමත්ම ලස්සනයි. (නදී)
ශා නියමයි (ස)
ප්‍රසිද්ධීය ඔළුවට ගත්තම තමන්ට තමන්වම අමතකවෙනව.(ස)
විශිෂ්ටයි ! (ස)
අයෙත් අපි ඔබට නෑ. (ත)
මේ ඉතින් අපේ මහජන නියෝජිතයොනේ... (නි)
අක්කේ මම ඔයාට සුබ පතනවා . දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා (ස)
අපේ බුද්ධිමත් ජනතාවට ජය වේවා! (නි)
සන්තෝසයි ඔබ ගැන (දී)
අනාගතය සුභ වේවා! (නි)
ආනේ ඇත්තද? (නි)
දන්නෝ දනිති... (නි)
ඇයි විවාහය ගැන ඉක්මන්න වෙන්න හිතුවේ.(නදී)
මුහුණ නම් හරිම අහිංසක පාටයි. (නි)
අර අහවල් තරුණ නිළියත් කිවුවේ අර හාදයා හොඳ යාලුවෙක් කියලානෙ. හිහ් හිහ්.. (නි)
ඔයානම් මාර නිළියක් (ස)
ඔබට අනාගතයේදී කිසිදු කරදරයක් නොවේවා! (නි)
පේනවද අපේ බුද්ධිමත් ජනතාවගේ තේරීම්? (නි)
ඔබට ශුද්ධ වූ වැලන්ටයින් මුණිවරයාගේ ආශිර්වාදය ලැබේවා! (නි)
කාලෙකට පස්සේ තමයි දැක්කේ (දී)
ලංකාදීපයට පින් මේ වගේ පින්තුර ඉදලා හිටලා හරි දාලා අපිව දැනුවත් කරනවාට. (නි)
එන්න නම් එපා ආයෙත් ඡන්දෙ ඉල්ලාගෙන.(නදී)
ටිකක් ජනප්‍රිය වෙන්න බැලුවේ නැද්ද ? (නි)
ඉතින් අපිට මොකද? (ස)
ඔබට සුබ අනාගතයක් (දී)
හරි යන කොට ස්වාමියා එපාවෙලා... අන්තිමට අමාරුවේ වැටුනා නේද? (ස)
කරන දෙයක් දැන්ම කරන්න වෙයි. (නි)
අපෝයි! (නි)
සිනමාවට ඔබ වැඩියෙන් එක්වන්න...(ස)
අනාගතයේ හොදින් ජීවත් වෙන්න.(නදී)
ලස්සන කතාවක් තියෙනවා (දී)
කොහොමත් ඵල තියන ගහටනේ පොලු ගහන්නේ. ඔබේ ගමන ඉදිරියටම යන්න. (නි)
ඔබ මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින් සතුටු කරන්න නිතර නිතර එහෙ යනවා වගේම ඉතාලියටත් එන්න.(නදී)
හොද රංගන ශිල්පිනියක් (දී)
වුණ දේවල් වලින් පාඩමක් ඉගෙන ගත්තා නම් දැන්වත් හොඳ හැදිච්චකමක් තියෙන, වැඩිහිටියන්ට ගරු කරන අවංකව ආදරය කරන, ඔබට ගරු කරන, ඔබේ අනාගත දියුණුව පතන, විනීත, සංවරශීලී, තැන්පත්, දැන උගත්, බුද්ධිමත්, හොඳ අධ්‍යාපන මට්ටමක් තියෙන කඩවසම් බහුශ්‍රැත තරුණයෙකු ඔබේ අනාගත සහකරු වශයෙන් තෝරා ගෙන ඔබේ ජීවිතය සරු කර ගන්න. ඔබට සුබ අනාගතයක් වේවා යැයි පතමි !!! (නි)
අකලංක ඇය ක්‍රිකට් ගහයිද?(නදී)
සන්තෝසයි ඔබ ගැන (දී)
චතුරිකා.... ඔන්න ඕකට තමයි පැහැදිලි ඊෂියාව කියන්නේ (ස)
ඔබ හොද කළා කාරිනියක් (දී)
ඔබට සිංහලත්, ඉංග්‍රීසිත් හරියට කතා කරන්න බැහැ කියන්නේ ඇත්තද?(නදී)
අපි ඔය දෙන්නා ගැනම හොදට දන්නවා. (නි)
ගම්පහ ජනතාවට ජයවේවා! (නි)
හොද අනාගතයක් පතනවා (දී)
මම හිතන්නේ ඇත්තෙන්ම ඔයා හොඳ කෙනෙක් , ඔයාට කවදාවත්ම වරදින්නේ නෑ කියලා මගේ හිත කියනවා. මට හිතුනු දෙයක් වැරදිලා නෑ. පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා (ස)
ජයන්ත සමග එකඟයි මාත් (ස)
අහිංසක කොල්ලන්ව නම් අමාරුවෙ දාන්න එපා...(ස)
හැමෝටම වරදිනවා තමයි නංගී. හැබැයි හැමදාම වරදින්නේ නැහැ. (නි)
අනේ අපේ කොල්ලට නම් කරදර කරන්න එපා හොදේ. (නි)
ලංකාවේ මිනිසුන්ගේ බුද්ධියේ තත්ත්වය ගැන තේරුම් ගන්න අමාරුයි. (නි)
ඔයා හිතුවද නංගි මේක අරාබිය කියලා? (නි)
මේක අරාබිය කියල හිතුවාද (අ)
ඇයි, එයා අපෙත් හොද යාලුවෙක් (දී)
ඉතින් මොකද්ද කියන්නේ (දී)
වරුණි කියන කතාව ඇත්ත. (නි)
ඔබ දක්ෂ නිලියක් (දී)
කවදා හරි අර නයි නළගන ඡන්දෙ ඉල්ලුවොත් පබාටත් වඩා අපේ බුද්ධිමත් ජනතාව ඡන්දෙ දෙනවා. (නි)
අනේ අක්කේ, ඔයාව දැක්ක ගමන් මට මතක් වුණේ අර නයි නළඟන., ඔයාලා දෙන්නා හරියට අක්කයි නංගියි වගේ. (නි)
ඔබට සුභ පැතුම් (දී)
කළා ජීවිතය කියන්නේ පුදුම දෙයක් (දී)
මෙයාට ඡන්දෙ දුන්න අයට ජයවේවා!(නදී)
මම ඔයාට එක උපදේශයක් දෙන්නම්. ඔයාගේ ජීවිතය සතුටින් ගතකරන්න අවශ්‍ය නම් දේශපාලනයෙන් සහ කලාවෙන් ඈත් වෙන්න. (නි)
ඡන්දදායක අපිට මී හරක් වලිගෙන් ගහන්න ඕනෑ. (නි)
අන්තම ඡායාරූපය දැක්කහම මට නිකන් මොකක්දෝ වගේ. (නි)
මෙයා ගිය උඩ... (නි)
සඳුනි, මමත් හිතනවා වයස අවුරුදු 44 ක පුද්ගලයෙකු ලෙස ඔයා කියන කතාව හරියටම හරි කියලා. මොකද මමත් මගේ පුද්ගලික ජීවිතයේ මුල් කාලයේදී ගත්ත ඇතැම් වැරදි තීරණ නිසා පසු කාලයක ගොඩාක් දුක් වින්දා. නමුත් පසුව අත්දැකීම් වැඩ වෙද්දී ඒ වගේම ගත්තු තීරණය 100% ක් හරියට හරි ගියා. දැන් මට ඒ කාලේ ආයේ මතක් කරලා රස විඳීන්න පුලුවන් කම තියෙනවා. (නි)