
(රෝෂන් තුෂාර)
යතුරුපැදියක ලියාපදිංචි පොත සංශෝධනය කරදීම සඳහා අල්ලස් කොමිසමේ නිලධාරියෙකුගෙන් රුපියල් තිස්දහසක මුදලක් ඉල්ලා රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය අසල ගැවසෙන තැරැව්කරුවෙකු ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (28) නියෝග කළාය.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මදුරප් පේරුවගේ උපාලි පෙරේරා සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් කියා සිටියේ 2021 වසරේ සිට අල්ලස් කොමිසමේ විමර්ශන අංශයේ රාජකාරී කටයුතු වල නියුතු නිලධාරියෙකුගෙන් මෙසේ අල්ලස් ඉල්ලා ලබාගෙන ඇති බවය.
සැකකරු දසක තුනකට අධික කාලයක් තිස්සේ නාරාහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කාර්යාලය අසළ ගැවසෙමින් එහි සේවාව ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙ සේවා ඉටුකර දීමට කටයුතු කළ තැරැව්කරුවකු බවද,නාරාහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය අසළ "කාක්කන්" නැමැති ඒ අනුවර්ත නාමයෙන් හඳුන්වන තැරැව්කරුවන් මුදල් හා අල්ලස් ලබා ගනිමින් සිටින බවට අල්ලස් කොමිසමට නිර්නාමික පෙත්සම් රැසක් ලැබී ඇති බවද පැවසීය.
එම ජනතා පෙත්සම් අනුව සිදු කළ ආවේක්ෂණ රාජකාරීටයුතුවලදී මෙම සැකකරුද හඳුනාගෙන සිටි පුද්ගලයෙකු බවත් සඳහන් කළේය. සැකකරු සතුව මුළු දිවයිනටම සාම විනිසුරු යන නිල මුද්‍රාවක් තිබී අත්අඩංගුවට ගත් බවත් සඳහන් කළේය.
යතුරු පැදියක අනු ලියාපදිංචි සහතිකය මුල් ලියාපදිංචි පොත ලෙස සංශෝධනය කර ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට පැමිණි අල්ලස් කොමිසමේ නිලධාරියාව අසල කඩයකට රැගෙන ගොස්,අදාල කාර්යය මෝටර් රථ දෙපාර්තමේන්තු නිලධාරීන් මගින් කරදීමට රුපියල් තිස් දහසක මුදලක් අවශ්‍ය බව පවසා මෙම රුපියල් දස දහස ලබාගෙන ඇති බව ට කරුණු ඉදිරිපත් කළේය.
සැකකරු සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති එබැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියේය
පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය. විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසටද දන්වා සිටියාය.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
RMV අසල අල්ලස් ගත් තැරැව්කරු රිමාන්ඩ්