IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


GSP+ ගන්න විපක්ෂයේ සහාය දෙනවා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජීඑස්පී ප්ලස්  දිනා ගැනීම සඳහා විපක්ෂයේ සහාය  දීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය

මෙම බදු පහසුකමෙන් රටේ කර්මාන්තශාලා රැකීරක්ෂා බිහිවන බවද   ඔහු සඳහන් කළේය.

වර්තමාන ඇමෙරිකානු  ජනාධිපතිවරයාගේ  බදු ප්‍රතිපත්තිය අනුව මේ බදු පහසුකම දිනා ගැනීම ලොකු අභියෝගයක් බව තමා පිළිගන්නේ යැයිද විපක්‍ෂනායකවරයා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ  වෙළඳ  වාණිජ ආහාර සුරක්ෂිතා සහ  සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

පාරිභෝගිකයාගේ ආරක්ෂාව සුරක්ෂා කරන අලුත් ක්‍රමවේදයකට යා යුතු බවත් අලුත් නීති හඳුන්වා දිය යුතු බවත්  ප්‍රේමදාස මහතා පැවසීය.

ජනතාව ජීවත්වන්නේ  සතුටින්ද කියන කාරණය රජය සොයා බැලිය යුතු බව පැවසූ විපක්ෂනායකවරයා ඔබලාට දස ලක්ෂ ගණනින්   උදව් කළ   ශුද්‍ර කුඩා   මධ්‍ය පරිමාණ  කර්මාන්තකරුවන් අමතක නොකරන්නැයි  ඉල්ලීමක් කරන බවද ප්‍රකාශ කළේය.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා:

ලබන සැප්තැම්බර් මාසයේදී මේ ගැන සාකච්ඡා කරනවා. ඇමරිකාව තමයි අපේ ලොකුම අපනයනකරුවා. අපේ පැත්තෙන් කළ හැකි මැදිහත්වීම කරනවා



අදහස් (0)

GSP+ ගන්න විපක්ෂයේ සහාය දෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 104 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site