IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


96 ලෝක ශුරයෝ සෙනසුරාදා (12) යළිත් පිටියට බසිති

ආර්ථික හේතූන් නිසා පාසල් අධ්‍යාපනය අතර මග නතර විය හැකි දරු දැරියන්ගේ අධ්‍යාපනය ඉදිරියටත් පවත්වාගෙන යාමට ආධාර කෙරෙන බේබි ෂෙරමි ‘බිග් හාට්’ ව්‍යාපෘතිය වෙනුවෙන් 96 ලෝක ශූරයෝ ජනවාරි 12 වැනිදා කොළඹ එන්. සී. සී. කී‍්‍රඩා පිටියට පිවිසෙති. 1996 කි‍්‍රකට් ලෝක ශූරතාවය දිනාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සාමාජිකයෝ ශී‍්‍ර ලංකා පිලේ හිටපු කී‍්‍රඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් සමග එදින ප‍්‍රදර්ශන කි‍්‍රකට් තරගයකට සහභාගී වෙති.

බේබි ෂෙරමි ‘බිග් හාට්’ ව්‍යාපෘතියේ දායකත්වය ලබන ‘නැණ දිරිය’ වැඩසටහනට අවශ්‍ය ආධාර ලබා ගැනීමේ අරමුණින් හේමාස් පුද්ගලික සමාගම මෙම විස්සයි20 කි‍්‍රකට් තරගය සංවිධානය කරන අතර ‘බිග් හාට්’ ව්‍යාපෘති තානාපති ලෙස 1996 ලෝක ශූර කණ්ඩායමේ සාමාජික රොෂාන් මහානාම මහතා කටයුතු කරයි. රොෂාන් මහානාම මහතා වර්තමානයේදී අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරග තීරකවරයකු ලෙසින්ද කටයුතු කරයි.

”වසර 17 කට පසු අප නැවත වරක් එකතු වන මේ අවස්ථාව ඉතාම සුවිශේෂී එකක්”
”ශී‍්‍ර ලංකාවෙන් පිට සිටින කී‍්‍රඩකයින් පවා මේ අවස්ථාවට පැමිණ ස්වේච්ඡවෙන් මෙම උදාර කාර්යයට දායක වෙනවා” යයි කොළඹදී අද (8 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ රොෂාන් මහානාම මහතා පැවසීය.

ජනවාරි 12 වන දින පෙ. ව. 10.00 ට කොළඹ එන්. සී. සී. කී‍්‍රඩා පිටියේදී ඇරඹෙන මෙම විස්සයි20 කි‍්‍රකට් තරගය නැරඹීම සඳහා වන ප‍්‍රවේශ පත‍්‍රයක මිල රු. 50 කි.

1996 ලෝක ශූර කණ්ඩායමේ සිටි සාමාජිකයන් වන මාවන් අතපත්තු සහ කුමාර ධර්මසේන දෙදෙනාට මෙම අවස්ථාව සඳහා සහභාගි වීමට අවකාශ නොලැබී තිබේ. මාවන් අතපත්තු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරුවකු වශයෙන්  ඕස්ටේ‍්‍රලියාවේ තරග සංචාරයක නිරතව සිටින අතර කුමාර ධර්මසේන මහතා මේ වන විට අන්තර්ජාතික කි‍්‍රකට් තරගාවලියක විනිසුරුවරයකු ලෙස කටයුතු කරයි.

1996 ලෝක ශූර කි‍්‍රකට් කණ්ඩායම

අර්ජුන රණතුංග (නායක), අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, අසංක ගුරුසිංහ, හෂාන් තිලකරත්න, රොෂාන් මහානාම, රොමේෂ් කළුවිතාරණ, උපුල් චන්දන, චමින්ද වාස්, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, රවින්ද්‍ර පුෂ්පකුමාර සහ මුත්තයියා මුරලිදරන්

හිටපු කී‍්‍රඩකයන්ගේ කණ්ඩායම

සිදත් වෙත්තමුනි (නායක), තිලාන් සමරවීර, ප‍්‍රසන්න ජයවර්ධන, ග‍්‍රැහැම් ලැබ්රෝයි, බ්‍රෙන්ඩන් කුරුප්පු, කපිල විජේගුණවර්ධන, හේමන්ත වික‍්‍රමරත්න, රොජර් විජේසූරිය, රංජිත් මදුරුසිංහ, සංජීව වීරසිංහ, අශෝක ද සිල්වා සහ එරික් උපශාන්ත

 

 



අදහස් (0)

96 ලෝක ශුරයෝ සෙනසුරාදා (12) යළිත් පිටියට බසිති

සෑම් Tuesday, 08 January 2013 04:42 PM

අපෝ තිලාන් සමරවීර ගැහුවොත් පරදියි... (නු)

:       0       0

ලක්ෂාන් Tuesday, 08 January 2013 05:13 PM

හොද වැඩක්. (නි)

:       0       0

එච්.ඩබ්.සංජීව Tuesday, 08 January 2013 05:36 PM

ඒ කාලයේ අර්ජුන රණතුංග මහත්තයත් නායකයකු වශයෙන් හොද පෞර්ෂත්වයත් තිබුණා.. කණ්ඩායමේ සහයෝගය හොදට ලබාගන්න පුළුවං උනා.. ආසයි ඒ වගේ නායකයෙන් පිට්ටනිය හසුරවනවා බලන්න..!(නු)

:       0       0

ශිරාෂ් Tuesday, 08 January 2013 07:00 PM

96 යේ කණ්ඩායමේ නම් කියවද්දිත් ආසයි. (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 08 January 2013 07:05 PM

කාලෙකට පස්සේ නියම වැඩක්. අපෙන් උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

නිත්‍යා Wednesday, 09 January 2013 10:10 AM

කෙසේ හෝ නඟා සිටුවිය යුතුයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site