ආර්ථික හේතූන් නිසා පාසල් අධ්‍යාපනය අතර මග නතර විය හැකි දරු දැරියන්ගේ අධ්‍යාපනය ඉදිරියටත් පවත්වාගෙන යාමට ආධාර කෙරෙන බේබි ෂෙරමි ‘බිග් හාට්’ ව්‍යාපෘතිය වෙනුවෙන් 96 ලෝක ශූරයෝ ජනවාරි 12 වැනිදා කොළඹ එන්. සී. සී. කී‍්‍රඩා පිටියට පිවිසෙති. 1996 කි‍්‍රකට් ලෝක ශූරතාවය දිනාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සාමාජිකයෝ ශී‍්‍ර ලංකා පිලේ හිටපු කී‍්‍රඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් සමග එදින ප‍්‍රදර්ශන කි‍්‍රකට් තරගයකට සහභාගී වෙති.
බේබි ෂෙරමි ‘බිග් හාට්’ ව්‍යාපෘතියේ දායකත්වය ලබන ‘නැණ දිරිය’ වැඩසටහනට අවශ්‍ය ආධාර ලබා ගැනීමේ අරමුණින් හේමාස් පුද්ගලික සමාගම මෙම විස්සයි20 කි‍්‍රකට් තරගය සංවිධානය කරන අතර ‘බිග් හාට්’ ව්‍යාපෘති තානාපති ලෙස 1996 ලෝක ශූර කණ්ඩායමේ සාමාජික රොෂාන් මහානාම මහතා කටයුතු කරයි. රොෂාන් මහානාම මහතා වර්තමානයේදී අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරග තීරකවරයකු ලෙසින්ද කටයුතු කරයි.
”වසර 17 කට පසු අප නැවත වරක් එකතු වන මේ අවස්ථාව ඉතාම සුවිශේෂී එකක්”
”ශී‍්‍ර ලංකාවෙන් පිට සිටින කී‍්‍රඩකයින් පවා මේ අවස්ථාවට පැමිණ ස්වේච්ඡවෙන් මෙම උදාර කාර්යයට දායක වෙනවා” යයි කොළඹදී අද (8 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ රොෂාන් මහානාම මහතා පැවසීය.
ජනවාරි 12 වන දින පෙ. ව. 10.00 ට කොළඹ එන්. සී. සී. කී‍්‍රඩා පිටියේදී ඇරඹෙන මෙම විස්සයි20 කි‍්‍රකට් තරගය නැරඹීම සඳහා වන ප‍්‍රවේශ පත‍්‍රයක මිල රු. 50 කි.
1996 ලෝක ශූර කණ්ඩායමේ සිටි සාමාජිකයන් වන මාවන් අතපත්තු සහ කුමාර ධර්මසේන දෙදෙනාට මෙම අවස්ථාව සඳහා සහභාගි වීමට අවකාශ නොලැබී තිබේ. මාවන් අතපත්තු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරුවකු වශයෙන් ඕස්ටේ‍්‍රලියාවේ තරග සංචාරයක නිරතව සිටින අතර කුමාර ධර්මසේන මහතා මේ වන විට අන්තර්ජාතික කි‍්‍රකට් තරගාවලියක විනිසුරුවරයකු ලෙස කටයුතු කරයි.
1996 ලෝක ශූර කි‍්‍රකට් කණ්ඩායම
අර්ජුන රණතුංග (නායක), අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, අසංක ගුරුසිංහ, හෂාන් තිලකරත්න, රොෂාන් මහානාම, රොමේෂ් කළුවිතාරණ, උපුල් චන්දන, චමින්ද වාස්, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, රවින්ද්‍ර පුෂ්පකුමාර සහ මුත්තයියා මුරලිදරන්
හිටපු කී‍්‍රඩකයන්ගේ කණ්ඩායම
සිදත් වෙත්තමුනි (නායක), තිලාන් සමරවීර, ප‍්‍රසන්න ජයවර්ධන, ග‍්‍රැහැම් ලැබ්රෝයි, බ්‍රෙන්ඩන් කුරුප්පු, කපිල විජේගුණවර්ධන, හේමන්ත වික‍්‍රමරත්න, රොජර් විජේසූරිය, රංජිත් මදුරුසිංහ, සංජීව වීරසිංහ, අශෝක ද සිල්වා සහ එරික් උපශාන්ත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ තිලාන් සමරවීර ගැහුවොත් පරදියි... (නු)
හොද වැඩක්. (නි)
ඒ කාලයේ අර්ජුන රණතුංග මහත්තයත් නායකයකු වශයෙන් හොද පෞර්ෂත්වයත් තිබුණා.. කණ්ඩායමේ සහයෝගය හොදට ලබාගන්න පුළුවං උනා.. ආසයි ඒ වගේ නායකයෙන් පිට්ටනිය හසුරවනවා බලන්න..!(නු)
96 යේ කණ්ඩායමේ නම් කියවද්දිත් ආසයි. (නි)
කාලෙකට පස්සේ නියම වැඩක්. අපෙන් උණුසුම් සුභ පැතුම්! (නි)
කෙසේ හෝ නඟා සිටුවිය යුතුයි (ස)