කොළඹ වාහන ආනයනකරුවන් කිහිපදෙනකුගෙන් රුපියල් තිස් ලක්ෂයක පමණ වංචාවක් කළැයි සැකපිට අත්අඩංගුවටගත් කැමරන් ජාතිකයින් දෙදෙනෙක් නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා විසින් ලබන 16 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබුහ. තමන් ආයොජකයන් බව පවසමින් මොවුන් ව්‍යාපාරිකයන් වෙත ගොස් ඔවුන්ගේ මුදල් පෙන්වන ලෙස ඉල්ලා එම මුදල් පැහැරගෙන දිවු අවස්ථා කිහිපයක් ගැන ලැබුණු පැමිණිලි මත මොවුහු අත්අඩංගුවට ගනු ලැබූහ. කැම්ගේන් කවුඩාන් හරෙයි හා ඉබොම් සයිමන් තෙරේ ක්‍රිස්ටියොන් එසේ රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති ඔවුන් වෙනුවෙන්පෙනී සිටි නිතීවේදියා පැවැසුයේ ශ්‍රී ලංකාවේ ආයෝජනයට විශාල මුදලක් අවශ්‍ය හෙයින් එම දෙදෙනා ඉන්දියාවට යෑමට තීරණය කර සිටිය දී කූටෝපක්‍රමයකට අසු වූ බවයි. කැමරුන් ජාතිකයන් දෙදෙනාගේ උපක්‍රමය වී ඇත්තේ ශ්‍රී ලංකා අයෝජකයාගේ සියලු මුදල් පෙන්වූ එම මුදල් සොරාගෙන දීවීම මොවුන්ගේ උපක්‍රමය වී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය. මේ දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දිවිලි හරියන්නෙ නැහැ අපේ පොලිස් අයියලත් එක්ක. (නි)
අනේ! කවදාවත්ම ඔය අයට ලංකාවට ඇතුල් වෙන්න වීසා දෙන්න එපා. මීගමුවෙත් මෙයාලා වැහි වැහැලා. අපේ කෙල්ලෝ කොල්ලෝ රවට්ටගෙන තවම ඉන්නවා. ඔන් එරියිවල් වීසා ක්‍රමයට යුරෝපා සුද්දන් විතරක් ආවහම අපේ රටට ඇති. (නි)
මොවුන්ට බරපතළ වැඩ සහිත අවුරුදු 10ක වත් සිර දඬුවම් දියයුතුයි. මොවුන්ගේ ශ්‍රමය ලබාගත යුතුයි. නිකන් නම් යවන්න එපා පුතෝ! (නි)