සමස්ත ලංකා 20 න් පහළ සත් සාමාජික රගර් තරගාවලිය අද සහ හෙට (16 සහ 17) යන දින වලදී කොළඹ රාජකීය කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා පාසල් කණ්ඩායම් 25 ක් සහභාගීවීමට නියමිතය.

පළමු වටයේ තරග වලදී එම කණ්ඩායම් 25 කාණ්ඩ 8 ක් යටතේ ලීග් ක‍්‍රමයට තරග වදින අතර ඒ ඒ කාණ්ඩ වලින් පළමු, දෙවන සහ තෙවන ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් දෙවන වටයේදී කුසලාන, පළඟ, බඳුන සහ පළිහ ශූරතා වෙනුවෙන් තරග වැදීමට නියමිතය.

තරගාවලියට සහභාගි වන පාසල්

-    ‘එ’ කාණ්ඩය - මහනුවර ධර්මරාජ විදුහල, වෙස්ලි විදුහල සහ ආනන්ද විදුහල
   ‘බී’ කාණ්ඩය - කොළඹ රාජකීය විදුහල, කොළඹ මහානාම විදුහල සහ පානදුර රාජකීය විදුහල
-    ‘සී’ කාණ්ඩය - කොළඹ ශාන්ත පීතර විදුහල, කොළඹ ලූම්බිණී විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල
-    ‘ඞී’ කාණ්ඩය - මහනුවර ත‍්‍රිත්ව විදුහල, බොරැුල්ල සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විදුහල, පන්නිපිටිය ධර්මපාල විදුහල
-    ‘ඊ’ කාණ්ඩය - කොළඹ ඞී. එස්. සේනානායක විදුහල, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ පිළියන්දල මධ්‍ය මහා විදුහල
-    ‘එෆ්’ කාණ්ඩය - කොළඹ ඉසිපතන විදුහල, ගල්කිස්ස ශාන්ත තොමස් විදුහල සහ කොළඹ කේරි විදුහල
-    ‘ජී’ කාණ්ඩය - ගල්කිස්ස විද්‍යා විදුහල, කොළඹ නාලන්දා විදුහල සහ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල
-    ‘එච්’ කාණ්ඩය - මහනුවර කිංස්වුඞ් විදුහල, මොරටුව වේල්ස් කුමර විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල