ශ‍්‍රී ලංකා පාසල් අත්පන්දු සංගමය සංවිධානය කරන ‘නියෝ අභියෝග කුසලාන’ සමස්ත ලංකා පාසල් අත්පන්දු (හෑන්ඩ්බෝල්) තරගමාලාවේ වයස 19 න් පහළ තරගාවලිය අනිද්දා (1) ඇරැඹෙයි. තරගාවලිය නොවැම්බර් මස 3 වැනිදා දක්වා කොළඹ ඞී. එස්. සේනානායක විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙවර තරගාවලියට බාලක කණ්ඩායම් 22 ක් සහ බාලිකා කණ්ඩායම් 12 ක් සහභාගිවේ. පසුගිය වසරේදී අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියෙන් පාසල් තුළ ආරම්භ කළ අත්පන්දු ක‍්‍රීඩාව මේ වන විට පාසල් 50 කට වැඩි සංඛ්‍යාවක ජනප‍්‍රිය ක‍්‍රීඩාවක් බවට පත්ව තිබේ. මෙම තරගාවලිය පසුගිය වසරේදී පළමු වරට පැවැත්විණ.
පසුගිය වසරේ බාලක ශූරතාව මොරටුව වේල්ස් කුමර විදුහල දිනාගත් අතර ඞී.එස්. සේනානායක විදුහල අනුශූරතාව හිමිකර ගත්තේය. ගල්කිස්ස උසස් බාලිකා විදුහල සහ නුගේගොඩ අනුලා විදුහල පිළිවෙලින් බාලිකා ශූරතාව සහ අනුශූරතාව එවර දිනා ගත්තේය.
පාසල් අත්පන්දු තරගමාලාවට අනුග‍්‍රහය දක්වන නියෝ හෝම්ස් සමාගම මෙම තරගාවලියට ද අනුග‍්‍රහය දක්වයි. තරගාවලියේදී දස්කම් දක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ශ්‍රී ලංකා පාසල් අත්පන්දු සංචිතයට ඇතුළත් කර ගන්නා බව පාසල් අත්පන්දු සංගමයේ ලේකම් කපිල ප‍්‍රදීප් මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
19 න් පහළ සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගාවලිය අනිද්දා සිට