හත්වන ජගත් යොවුන් ස්ක‍්‍රැබල් ශූරතාවලියේ (ඉංගී‍්‍රසි අක්‍ෂර වලින් කරනු ලබන කී‍්‍රඩාවකි). අවුරුදු 14 න් පහළ ශූරතාව දිනාගැනීමට වත්තල ලයිසියම් ජත්‍යන්තර පාසලේ මිගාර ජයසිංහ සමත්විය.
මෙම තරගාවලිය එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවැත්වුණ අතර ඒ සඳහා එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ටේ‍්‍රලියාව, තායිලන්තය, නයිජීරීයාව, පාකිස්තානය, මැලේසියාව, සිංගප්පූරුව, ටි‍්‍රනිඩෑඞ් සහ ටොබැගෝ යන රටවල් ද ඇතුළත්ව ප‍්‍රබල රටවල් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 60 කට ආසන්න පිරිසක් සහභාගී වූහ.
මෙහිදී ශී‍්‍ර ලංකාව නියෝජනය කල ලයිසියම් ජත්‍යන්තර පාසලේ එල්. යෝගනාදන් සහ හයටි රසුල් යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ දෙදෙනාද පිළිවෙලින් 32 වන සහ 45 වන ස්ථාන දිනාගත්හ.
(ඉංගී‍්‍රසි මාධ්‍ය ස්ක‍්‍රැබල් ලෝක සංගමයේ ප‍්‍රධානී, කේරන් රිචඞ්ස් මහත්මිය අතින් මිගාර ජයසිංහ සිය සම්මානය ලබාගත් අවස්ථාව)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් , ජය වේවා !! (ස)
ජය වේවා. මේ වගේ ක්‍රීඩාවකින් ලෝකයේ පළමු තැන ගන්න ලැබුන එක කොතරම් අපහසුද? එත් මේ දරුවා රටට ගෙන ආ ගෞරවය පිලිබදව වගකිව යුතු අය ඇස් ඇරලා බැලුවා මදි මගේ හිතේ.ලංකාදීප පමණි මේ ගැන ලිවේ.ලයිසියම් ජත්‍යන්තර පාසලේ ඔබ රටට ආඩම්බරයක්.(ස)
සුබ පැතුම් පුතේ (ස)
මගේ සුබ පැතුම්. ඉතා දක්ෂ කී‍්‍රඩකයකුට පවා ස්ක‍්‍රැබල් සෑමවිටම දිනීමට බැරිය. දිනුම රැඳී ඇත්තේ අතට ලැබෙන අකුරුත් තමාදන්නා ඉංගී‍්‍රසි වචන සංඛ්‍යාවත් අනිත් කී‍්‍රඩකයින්ගේ දැනුමත් මතය. දිනීමට වාසනාව මෙන්ම දක්ෂතාවය සහ ඉංගී‍්‍රසි වචන නිවරැදිව ලිවීමේ දැනුම තිබිය යුතුය. දිනුවේ නැතත් ඉංගී‍්‍රසි භාෂාවේ දැනුම වැඩිවන නිසා ස්ක‍්‍රැබල් වලට සහබාගීවූ සැම කී‍්‍රඩකයාම දිනුම්.(ස)