පළාත් සභා පිහිටැවීම ඇතුළු බලය විමධ්‍යගත කිරීම සඳහා පැනැවූ 13 වැනි ආණ්ඩුක‍්‍රම සංශෝධන පමණක් නොව ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින් ජනාධිපතිට සියලූ බලතල දුන් 18 වැනි සංශෝධනයත්, විධායක ජනපති ක‍්‍රමයත් යන තුනම අවලංගු කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි. පක්‍ෂ මූලස්ථානයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඔහු පැවසුවේ දිවි නැගුම පනත සම්මත කර ගන්නට කැස කවන රජය නින්දෙන් අවදි වූ කාලයක මෙන් නන්දොඩවන බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අය ඕවා කියකියා තමයි අවුරුදු ගණනාවක්ම හිටියේ. (නි)
ඕවා කලින් කරගන්න එපායැ. (නි)
13 වෙනි සංශෝධනයපිළිබද ඔබේ අදහස තෝරන්න (ස)
අපේ ජනාධිපතිතුමාට චිරාත් කාලයක් රට පාලනයට ජය වේවා! (නි)
අපේ ජනාධිපතිතුමාට ජය වේවා ,.චිරාත් කාලයක රට පාලනය කරන්න ලැබේවා (ස)
හරියට හරි. (නි)
අපිට ටිල්විනුත් එපා. ජවිපෙත් එපා. (නි)
ජිනා එළුවගේ පස්සෙන් ගිය බල්ලා වගේ..!(නු)
මනාප ක්‍රමය නැතුව ආසන ක්‍රමය ආවොත් රතු කට්ටියට මොකද වෙන්නේ? (නි)
හරියට හරි. 13 පමණක් නොවෙයි, 18ත් එපා. දෙකම ඉවත් කරන්න. බොරුවට කෑගහන්න එපා. (නි)
අපි ජේ.වී.පී. නෙමෙයි. ඒත් අපි කියන්නෙත් ඔය දෙකම එපා කියලයි. (නි)
අනේ එහෙම කියන්න එපා. පොඩි කුමාරවරුන්ට තව කීයක් හරි ස්විස් බැංකුවලට දාන්න ඉඩදෙන්නකෝ. (නි)
13 හා 18ත් එපා. බඩු මිල වැඩි කරන්නත් එපා. (නි)
නායකකම් බලාගෙන කරන විහිලු නවත්වලා බලලෝබය ඉවත් කළොත්, පැහැදිලිව ප්‍රශ්නය සහ එහි බැරෑරුම්කම තේරෙයි. විරුද්ධ පක්ෂ සේරම එකතු වීම අවශ්‍යයි. පොදු විපක්ෂයක් හදලා, යුනියන් සියල්ල එකතුවෙලා සටනක් කළොත් දිනුම්. (නි)
දෙගොල්ලොම එකයි අපිට නම්. (නි)
සියල්ල එපා නම් ඒ අයට කිසිවක් ඉතුරු වෙන එකක් නැහැ. (නි)
88-89 කාලයේ මේ රටේ තරුණ තරුණියන් 60,000 ක් මැරෙන තැනට වැඩ සකස් කළේ 13 එපා කියලා. දැන් මොකද කට්ටියගෙ සැර බාල වෙලා. 18ත් එපා, විධායක ජනාධිපති ක්‍රමයත් එපා, කියල කියන්නෙ 13 ට තිබෙන අවධානය අඩු කරන්නයි. (නි)
අයියෝ සල්ලි
ජේ.වී.පී. එකත් එක්කමද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)