204 දෙනකුගේ සිරුරු හමුවෙලා අනතුරට පත් වී කඩා වැටුණු එයාර් ඉන්දියා 171 බෝයිං ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයේ සිටි දෙසිය හතලිස් දෙදෙනාගෙන් 204 දෙනකුගේ මළසිරුරු මේ වනවිට සොයාගෙන ඇති බව අහමදාබාද් පොලිසිය පවසයි. 12 June 2025
මහනුවර නගරසභා රැස්වීම විපක්ෂය වර්ජනය කරයි මහනුවර මහ නගර සභාවේ මංගල මහා සභා රැස්වීම ආරම්භ වී පැය හතරකට පසුව , නගර සභාවේ ස්ථාවර කාරක සභා අටට පත්කල යුතු නියෝජිතයන් 48 දෙනා අතරට සභිකයන් පත් කිරීමේදී අසාධාරණයක් වූ බව පවසමින් නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු 21 දෙනෙක් සභාව වර්ජනය කරමින් සභා ශාලාවෙන් පිටතට ගියහ. 12 June 2025
අකුරණ බලය සජබට මෙවර පළාත් පාලන මැතිවරණයෙන් සියයට 50ක බහුතර බලයක් හිමි නොවූ අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජනබලවේගය හිමි කරගත්තේය. 12 June 2025
පොලිස් ස්ථානාධිපතිවරුන් 11ක් සාමාන්‍ය රාජකාරියට පොලිස් ස්ථානාධිපති තනතුරේ සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 11 දෙනකු සාමාන්‍ය රාජකාරී සදහා යොදවා ඇති බව ද පොලිස් මූලස්ථානය පවසයි. 12 June 2025
’’බේකරි නිෂ්පාදන මිල ඉහළ යන්නේ නෑ’’ විදුලිය ගාස්තුව සියයට 15 කින් ඉහළ දැමීමට සාපේක්ෂව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘ලංකාදීප’යට අද (12) පැවසීය. 12 June 2025
තුසිත හල්ලොලුවට වෙඩි තැබූ තවත් අයෙක් රඳවා ප්‍රශ්න කරන්න අවසර ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව ගමන්ගත් මෝටර් රථයකට වෙඩි තැබීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවකු පැය 48ක් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා අද (12) අවසර ලබා දුන්නේය. 12 June 2025
දුම්රිය අවලංගු වීමේ දෛනික පාඩුව විගණනයක් කරන්න දුම්රිය අවලංගු වීම හේතුවෙන් සිදුවන දෛනික පාඩුව සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙස කෝපා කමිටුව නිර්දේශ කළේය. 12 June 2025
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කළ බව අධිකරණ අමාත්‍යංශය අද (12) නිවේදනය කළේය. 12 June 2025
පන්ති කාමරයට අත්තක් කඩා වැටී සිසුවෙක් මරුට: 17ක් රෝහලට බලන්ගොඩ රජවක මහා විදුහලේ ගොඩ නැගිල්ලක් මතට ගසක කොටසක් කඩා වැටිමෙන් එක් දරුවකු මියගොස් තවත් 17කු පමණ තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 12 June 2025
ලබන වසරේ සිට බේත් හිඟයක් නෑ ලබන වසරේ සිට රජයේ රෝහල් පද්ධතියේ අඛණ්ඩ ඖෂධ සැපයුමක් පවත්වාගෙන යාමට අවශ්‍ය කරන සියලුම ඉදිරි සැලසුම් මේ වන විට සකස්කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 12 June 2025
දේශබන්දු කමිටුව 16සිට දිගටම වැඩ වැඩ තහනමට ලක් කෙරුණු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශන කරන ත්‍රිපුද්ගල මැතිසභා කමිටුව ලබන 16 සඳුදා සිට දිනපතා රැස්වීමට තීරණය කළේය. 12 June 2025
අසැභි දර්ශන අන්තර්ජාලයට මුදා හැරි සිවුරු දැරු අයෙකුට සිර දඬුවම් පෙම්වතිය හා එක්ව කළ අනග රැගුම්, ප්‍රේම වියෝවෙන් පසු අන්තර්ජාලයට මුදා හැරියේ යැයි කියන අනුරාධපුරයේ චීවරධාරියකුට මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද නියෝග කළාය. 12 June 2025
ඉපලෝගම අනතුරින් අයෙක් මරුට අටක් රෝහලට කල්මුනේ සිට ඉපලෝගම දක්වා ධාවනය වෙමින් තිබු වැන් රථයක් එහි රියදුරාට වේගය පාලනය කර ගැනිමට නොහැකිව ඉපලෝගම හන්දිය ආසන්නයේ පිහිටි විහාරස්ථානයක තාප්පයේ ගැටිමෙන් 48 හැවිරිදි පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයන් 08 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඉපලෝගම පොලිසිය කියයි. 12 June 2025
ලොකු පැටීගෙන් තොරතුරු රැසක් එළියට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ’’ලොකු පැටී’’ නැමැත්තා සන්තකයේ පවතින බව කියන ගිනි අවි 6 න් දෙකක් සොයාගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. 12 June 2025
මගීන් 242ක් සමග එයාර් ඉන්දිය යානයක් කඩා වැටේ ඉන්දියාවේ අහ්මදාබාද් සිට එංගලන්තයේ ලන්ඩන් අගනුවර තෙක් පියාසර කිරීමට ගුවන්ගත වූ ඉන්දීය මගී ගුවන් යානයක් කඩා වැටුණි. ගුවන් යානයේ මගීන් 242 දෙනකු සිටි බව මාධ්‍ය වාර්තා කරයි. 12 June 2025
කොළඹ-නුවර දුම්රිය ගමන් ඇරැඹේ කොළඹ මහනුවර දුම්රිය මාර්ගයේ මහනුවර දුම්රිය ස්ථානය ආසන්නයේ විලියම් ගොපල්ලව මාවතේ උසාවි සංකීර්ණය අසල දුම්රිය මාර්ගයේ සිදුවූ ගිලා බැස්මක් හේතුවෙන් තාවකාලිකව නවතා දැමුණු මහනුවර දුම්රිය ස්ථානයේ මෙහෙයුම් කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 12 June 2025
පොලීසියේ 34කට ස්ථාන මාරු ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ අනුමැතිය පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හා පොලිස් පරීක්ෂකවරු 34 කුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි 12 June 2025
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී ඉල්ලා අස්වෙයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බන්ධනාගාර අධිකාරී ගාමිණී බී. දිසානායක ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන්නේය. 12 June 2025
සිරකරු මගඩි මඩින්න ප්‍රතිභාගෙන් යෝජනාවක් සිරකරුවන් සම්බන්ධයෙන් වන අනීතික ක්‍රියා වැළැක්වීමේ පියවරක් ලෙස දිවයින පුරා බන්ධනාගාරවල සිටින සිරකරුවන් සම්බන්ධයෙන් නිශ්චිත ඩිජිටල් දත්ත පද්ධතියක් වහාම ස්ථාපනය කරන්නැයි මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා ඉල්ලීමක් කරයි 12 June 2025
ඖෂධ සංස්ථාවේ ලොක්කන් 3කට හොර පාරෙන් කෝටි ගාණක් ගෙවලා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිල වාහන හිමිකාරීත්වය නොමැති කළමනාකරුවන් තිදෙනෙකුට නීති විරෝධීව රුපියල් එක්කෝටි හැත්තෑ පන් ලක්ෂයක ප්‍රවාහන සහ ඉන්ධන දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ. 12 June 2025
සත්ව සංගණනයේ තොරතුරු එළියට මෙරට ගොවිබිම් සහ ගෙවතු ආශිතව රිලවුන් මිලියන 5.17 ක් ලක්ෂ 50 කට අධික සංඛ්‍යාවක් සහ වඳුරන් මිලියන 1.74 ක් හෙවත් ලක්ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් සත්ව සංගණනයේදී හෙළි වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 12 June 2025
ආයතන හතරකට ’’ටෝනි බ්ලෙයාර්’’ මූල්‍ය-තාක්ෂණ සහය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ගෝලීය වෙනසක් සඳහා වන ටෝනි බ්ලෙයාර් ආයතනයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 12 June 2025
ගිය වසරේ වගා හානි වන්දි සියල්ල ගෙවා අවසන් කරයි 2024 යල කන්නයට අදාල සියලුම වගා වන්දි මේ වන විට ගෙවා අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. 12 June 2025
මතට ඇබ්බැහි වන කතුන්ට පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් මත් ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවුවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 12 June 2025
රනිල් රුසියාවට යයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා අද අලුයම රුසියාව බලා පිටත්ව ගියේය. 12 June 2025
මී උණ වැඩියි: පරිස්සමෙන් දිවයින පුරා මී උණ රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 12 June 2025
බහින්බස් වීම පිහි ඇනුමකින් කෙළවර වෙයි මතුගම , යටදොළ නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ (11) රාත්‍රි සිය සහෝදරියගේ පුතාට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි. 12 June 2025
හිරගෙදර තවත් මුල් පුටු පෙරැළෙයි? බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තවත් මුල් පුටු ගණනාවක් ඉදිරි දිනවල වෙනස් කෙරෙනු ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 12 June 2025
ගුවන් යානයක් පැහැර ගන්නා බවට බොරු පැමිණිල්ලක් දාලා ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් යානයක් පැහැර ගැනීමට ලක් කරන බවට දුරකථනය හරහා අසත්‍යය පැමිණිල්ලක් සිදු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. 12 June 2025
මිලි මිටර් 100 තද වැසි අදත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම,දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 June 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026