සිරකරු සිද්ධිය: නීතිඥ සංගමයෙන් ජනපතිට ලියුමක් ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයන්හි ක්‍රියාත්මක වන නිලධාරි අධිරාජ්‍ය බිඳ දැමීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට යවන ලද ලිපියකින් පෙන්වා දී ඇත. 14 June 2025
ජනපති ජර්මනියේ ලාංකිකයන් හමුවෙයි ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමු විය. 14 June 2025
මුරකරු මරා කෝටි 2ක වෑන් රථයක් කොල්ල කාලා වෙන්නප්පුව උල් හිටියාව ප්‍රදේශයේ නිවසකට ඊයේ (13) පැමිණි සැකකරුවන් පිරිසක් එහි සිටි මුරකරු ඝාතනය කර නිවසේ තිබූ රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් වටිනා සුඛෝපභෝගී වෑන් රථයක් කොල්ල කා පලා ගොස් ඇති බව වෙන්නප්පුව පොලිසියිය පවසයි. 14 June 2025
උණ හෙම්බිරිසාව තියෙනවනම් දරුවන් පාසල් යවන්න එපා උණ සෙම්ප්‍රතික්ෂාව කැස්ස ඇති දරුවන් පාසල් සහ පෙර පාසල් යැවීමෙන් වළකින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි. 14 June 2025
ඉරාන - ඊශ්‍රායලය ගැටුම් උග්‍ර වෙයි ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස ඊශ්‍රායලය තම දිගුකාලීන සතුරාට එරෙහිව මෙතෙක් සිදු කළ විශාලතම ගුවන් ප්‍රහාර මාලාව ඊයේ(13) දියත් කිරීමෙන් පසුව අද(14) අලුයම සහ ඊයේ(13) රාත්‍රියේ ඊශ්‍රායලය ඉරානයටත්, ඉරානය ඊශ්‍රායලයටත් මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කර ගත්තේය. 14 June 2025
හිරගෙදර ලොක්කන්ගේ බැංකු ගිණුම් අවුස්සයි බන්ධනාගාර සියලු ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත. 14 June 2025
මෝල්ගස් පහරින් අයෙක් මරුට හොරණ දඹර ප්‍රදේශයේ නිවෙසක දී දෙදෙනකු අතර සිදු වූ බහින් බස්වීමක් දුර දිග ගොස් මොල් ගස් පහර කෑ අයකු මියගොස් ඇති බව හොරණ පොලිසිය පවසයි. 14 June 2025
ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඝාතනයක් වැළකේ මරදාන පංචිකාවන්ත අම්මාන් කෝවිල අසල දී ඊයේ (13) මධ්‍යම රාත්රියේදී පුද්ගලයකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කළද ගිනි අවිය ක්‍රියාත්මක නොවීමත් සමග ඉලක්ක කරු පැනගොස් ඇතැයි මරදාන පොලිසියය කියයි. 14 June 2025
කේ.කේ.එස් පොලිසිවලට තර්ජනාත්මක ඇමැතුමක් ’’කන්කසන්තුරය ප්‍රදේශයේ පොලිස් ස්ථාන දහයකට ප්‍රහාරයක් එල්ල කරනවා’’ යැයි කන්කසන්තුරය පොලිසියට ආ තර්ජනාත්මක ඇමතුම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. කේ. වුට්ලර් මහතා පැවසීය. 13 June 2025
ක්‍රම වෙනසක් ගැන කිව්වත් කිසිම ක්‍රමයක් වෙනස් වී නෑ වත්මන් රජය ක්රමයේ වෙනසක් ඇති කරන බවට පොරොන්දු වුවත් අද වන තෙක් කිසිම තැනක කිසිම ක්‍රම වෙනසක් සිදුවී නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 13 June 2025
සිරකරු සිද්ධියට අධිකරණ ලේකම් CIDයට? ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් සිරකරුවන් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය ඇතුළු තවත් රජයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන්ද . ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනෙනු ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය මාධ්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය. 13 June 2025
‘පාස්කු ප්‍රහාර’ ගැන පොරොන්දු ආණ්ඩුව ඉටුකළේ නෑ ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කර ‘පාස්කු ප්‍රහාර’ විමර්ශන පිළිබඳව දුන් පොරොන්දුව ඉටුවී නොමැති වීම සහ ඒ සඳහා මූලික වැඩපිළිබවෙළක් හෝ ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකිරීමෙන් සසළ වී සිටින බව මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (12) පස්වරුවේ පැවසූහ. 13 June 2025
ජර්මන් ව්‍යාපාරික සංසදය ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපාරික සංසදය අද (13) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සංගම් (DIHK)මුලස්ථානයේදී පැවැත්විණි. 13 June 2025
ජනපති ජර්මන් ආර්ථික ඇමතිනී හමුවෙයි ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පස්වරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan) මහත්මිය හමු වී සාකච්ඡා පැවැත්වීය. 13 June 2025
’’සභිකයන් 330 කගේ නම් තවම නෑ’’ පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභික දූර 330 ක් වෙනුවෙන් නාම යෝජනා දේශපාලන පක්ෂ තවමත් එවා නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි 13 June 2025
ජනපති අරමුදල ඔන්ලයින් වෙයි ජනාධිපති අරමුදලේ සියලු සේවා මාර්ගගත ක්‍රමයට සැපයීම ජුනි මස 21 වැනි දා සිට ආරම්භ කරන බව ජනාධිපති කාර්යාලය කියයි. 13 June 2025
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිගෙන් ලාංකිකයන්ට නිවේදනයක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග මතුව ඇති නොසන්සුන් තත්වය හමුවේ ටෙල අවිව්හි බෙන් ගුරියන් ගුවන් තොටුපොළ සහ ඊශ්‍රායල ගුවන් සීමාව වසා දැමීමට බලධාරීන් කටයුතු කර ඇති බැවින් ඊශ්‍රායලයට පැමිණෙන සහ ඊශ්‍රායලයෙන් පිටත්ව යන ලාංකිකයින් නැවත දැනුම් දෙන තුරු ගුවන් ගමන් පමා කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා අද (13) ප්‍රකාශ කළේය. 13 June 2025
ජනපතිගෙන් ජර්මන් ආයෝජකයන්ට ඇරැයුම් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ නව ආයෝජන අවස්ථා පවතින හෙයින් එම ක්ෂේත්රයේ ආයෝජන සඳහා ජර්මානු ආයෝජකයින්ට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මනියේ දී පැවසීය. 13 June 2025
මුජීබර්ට අපහාසා කළැයි ප්‍රදීප් චාල්ස් අතුළු පිරිසට වාරණයක් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමාන් මහතාට අපහාසාත්මක හා අගතිදායක ප්‍රකාශ කර එම ප්‍රකාශ අන්තර්ජාලයේ පළකළේ යැයි කියන එක්සත් ජාතික ස්වයං රැකියාව වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති හා සමගි ජන බලවේයේ හිටපු සාමාජික ප්‍රදීප් චාල්ස් මහතා ඇතුළු පිරිසකට කොන්දේසි සහිත වාරණ ආඥාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද(13) නිකුත් කළාය. 13 June 2025
චාවකච්චේරි පුංචි මන්ත්‍රීට උසාවියෙන් තහනමක් චාවකච්චේරි නගර සභාවේ නාගරික මන්ත්‍රී යශෝකුමාර් දුෂ්‍යන්තම් මහතාට ඔහුගේ මන්ත්‍රීධූරයේ කටයුතු කිරීමේ වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් අද නිකුත් කළේය. 13 June 2025
කෙහෙළියට - ජයම්පතිට එරෙහි නඩුවට දින දෙයි තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකතන බිල ලෙස රුපියල් ලක්ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ ‘දූෂණය’ වරද කළ බවට චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහත්වරුන්ට එරෙහි නඩුව සැප්තැම්බර් 25 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා අද (13) තී 13 June 2025
‘කැෆේන්’ තහනම් උත්තේජක ලැයිස්තුවෙන් ඉවතට ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇති ‘ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග’ සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය. 13 June 2025
මහාමායාවන්ගේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති කාර්යාලයේ නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය අද (13) ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි. 13 June 2025
අත් බෝම්බ දෙකක් විකිණූ යුද හමුදා සෙබළු දෙකක් අත්අඩංගුවට ජීව අත්බෝම්බ දෙකක රුපියල් 60,000 කට අලෙවි කළ බව කියන යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනකු සහ එය මිලදී ගත් පුද්ගලයා ඊයේ (12) රාත්‍රි අත්අඩංගුවට ගත් බව යුද හමුදා පොලිසිය පවසයි. 13 June 2025
ඉරාන - ඊශ්‍රායල යුද උණුසුම නිසා මෙරට ගුවන් ගමන් මාර්ගත් වෙනස් කරයි ඉරාන - ඊශ්‍රායල අතර යුද උණුසුම වර්ධනය වීමත් සමග ඉරානයේ ගුවන් අවකාශය වසා දමා ඇති හෙයින් යුරෝපයට කෙරෙන ගුවන් ගමන්වල වෙනසක් කෙරෙන බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය . 13 June 2025
පාර්ලිමේන්තුව 17 සිට 20 දක්වා රැස්වෙයි පාර්ලිමේන්තුව ලබන 17 වැනි අඟහරුවාදා සිට 20 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ. 13 June 2025
අ‘පුර බන්ධනාගාර අධිකාරීගේ ඇප ඉල්ලුම ප්‍රතික්ෂේප කරයි ජනපති පොදු සමාවට මුවා වී අනීතිකව සිරකරුවකු නිදහස් කළැයි කියන සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අනුරාධපුර අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය. 13 June 2025
අලි වැට රකින්න 3451ක බලකායක් විදුලි වැට නඩත්තු බහුකාර්ය සංවර්ධන වනජිවී සහකරුවෝ 3451ක් අද ස්ථිර පත්වීම් ලැබූහ. 13 June 2025
කතරගම දෙවොලෙන් කතරගම ප්‍රා:රෝහලට වාට්ටු සංකීර්ණයක් රෝහල් කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් වෙනුවට, පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් හැදීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 13 June 2025
හිටිහැටියේ වාහනයක් ගිනි ගනී කොළඹ නගර සභාව ආසන්නයෙන් ගමන් ගත ත්‍රිරෝද රියක් හදිසියේ අද දහවල් ගිනි ගැනීමකට ලක් විය. 13 June 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026