දුම්වැටි සමඟ ගුවන්තොටේදී හතරක් අල්ලයි
රුපියල් අට කෝටි හතලිස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් සිව් දෙනෙකු සමඟ , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් අද(07) අත් අඩංගුවට ගෙන තිබේ .