ආයුර්වේදයේ මුදල් වංචා කළ එකම පවුලේ තුනක් රිමාන්ඩ්
ශ්රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පරිගණක මෘදුකාංග පද්ධතියේ දත්ත වෙනස් කරමින් රුපියල් 27,031,024.15 මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි කළමනාකරණ සහකාර (ගිණුම්) , ඔහුගේ බිරිඳ සහ සහෝදරිය 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ අතිරේක මහේස්ත්රාත් සංජය ලක්මාල් මෙන්ඩිස් විජේසිංහ මහතා නියෝග කළේය.