(යොහාන් භාසුර)
රටතුළ පවතින ආපදා තත්වයත් සමඟ එළවළු මිල තුන්ගුණයකටත් වඩා ද, මාළු මිල දෙගුණයකින් ද, අද (30) පෙරවරුවේ ඉහළ ගොස් තිබුණි.
පෑලියගොඩ සහ දඹුල්ල ඇතුළු සියලුම ආර්ථික මධ්‍යස්ථානවල එළවළු නොමැතිව පාළුවට ගොස් තිබූ අතර එම ආර්ථික මධ්‍යස්ථානවල තිබූ සීමිත තොගවල තිබූ උඩරට එළවළුවල මිල විශාල ලෙස ඉහළ ගොස් තිබුණි.
පෑලියගොඩ එළවළු වෙළෙඳපොලේ කැරට් කිලෝවක් රුපියල් 1,500 ක ද, බෝංචි කිලෝවක් රුපියල් 1,300 ක ද, ලීක්ස් කිලෝවක් රුපියල් 1,200 ක ද, ගෝවා කිලෝවක් රුපියල් 900 ත් 1,000 ත් අතර ද, තොග මිල පැවැති අතර පැය කීපයක්ගතවීමට පෙර එම තොග ද අවසන් විය.
සෙසු එළවළු මිල ද ඉහළ ගොස් තිබූ අතර මෑ කිලෝවක් රුපියල් 600 ක්, වම්බටු කිලෝවක් රුපියල් 900 ක් සහ අමුමිරිස් කිලෝවක් රුපියල් 1500 ක් ලෙස මිල ඉහළ ගොස් තිබූ අතර සෙසු එළවළු ද තොග නොමැතිවීම කැපී පෙනුණි.
පෑලියගොඩ මාළු වෙළෙඳපොලේ බලයා සහ ලින්නා මාළු කිලෝවක් 800 ක් ද, සාලායා කිලෝවක් රුපියල් 600 ක් ද, ලෙස තොග මිල පැවැති අතර පෑලියගොඩ මාළු වෙළෙඳපොලේ මාළු තොග ඉතාම සුළු ප්‍රමාණයක් පැවතුණි.
පෑලියගොඩ මාළු වෙළෙඳපොලේ තොග වෙළෙන්දෙක් පැවසුවේ ධීවරයන්ට මුහුදු යෑමට නොහැකිවීම සහ ඉස්සෝ කොටු සගාගෙන යෑම නිසා මාළු තොග නොලැබුණු බවත් තවත් දින දෙකටවත් මාළු ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වියනොහැකි බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු වූ බල මාළු පාරිභෝගික ඇස් වසා ඇඟේ ගසන වෙළෙන්දන් ගෙන් පරිස්සම් විය යුතුයි. 28 වැනිදා මගේ හිතවතකු කුණු බල මාලු වෙළෙන්දෙකුට හසු වී ඇත.
ප්‍රවාහන ගාස්තු පවතින තත්ත්වයත් එක්ක වැඩිනම් සාධාරණ මුලක් අය කරලා, සාධාරණ ගානට විකුණන්න, එක මිලදී ගැනීමකට උපරිම බරක් තියාලා නියම මිලට දෙන්න — මේක අසාධාරණව හම්බ කරන් කන වෙලාවක් නොවෙයි.