IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රට පුරා ලේ හිඟයක්: පරිත්‍යාගශීලීන්ට ආරාධනයක්



(සුජිත් හේවාජුලිගේ)

රුධිර හිඟයක් මතුව ඇති බැවින් රුධිරය පරිත්‍යාග කළ හැකි සැවොම පහත සදහන් ස්ථානයන් වෙත පැමිණ රුධිර පරිත්‍යාගය ලබාදෙන මෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලිමක් කළේය

යාපනය, අනුරාධපුර, කුරුණෑගල , රාගම, කඹුරුගමුව, කරාපිටිය, හම්බන්තොට,මහ රෝහල් සහ මහරගම අපේක්ෂා රෝහලද ඇතුළුව ජාතික රුධිර මධ්‍යස්ථානය නාරාහේන්පිට, යන ස්ථානයන් වෙත පැමිණ රුධිර පරිත්‍යාගයන් ලබා දිය හැකි බව අධ්‍යක්ෂවරයා පවසයි

උදේ 8.00 – 4.00 දක්වා මෙම මධ්‍යස්ථානයන් විවෘතව තැබෙන අතර නාරාහේන්පිට ප්‍රධාන රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පමණක් උදෑසන 8.00 - සවස 6.30 දක්වා කාලය ඇතුළත  විවෘතව තබන බව   සඳහන්වේ

දැනට පවතින අයපහත් කාලගුණික තතත්වය හේතුවෙන් රටේ  ප්‍රධාන රුධිර මධ්‍යස්ථාන වලට රුධිරය සපයා ගැනිම සදහා ජංගම සායන සංවිධානය කරන සංවිධායකවරුන්ට ජංගම රුධිර කදවුරු සංවිධානය කිරීමේ /ගැටලු අපහසුතා මතුව තිබෙන බැවින් හා බොහෝ ස්ථානයන් වෙත ළගාවීමේ අපහසුතා මතුව ඇතැයි  හෙතෙම පවසයි

ජාතික රුධිර පාරවිලයන සේවා පද්ධතිය පවත්වාගෙන යාම සඳහා දවසකට රුධිර ඒකක 1400 -1500 අතර ප්‍රමාණයක් අවශ්‍යය වන අතර එයින් සියට 85ට වැඩි ප්‍රමාණයක් ලැබෙනුයේ ජංගම රුධිර කඳවුරුවලින් යැයිද වෛද්‍ය එදිරිසිංහ පෙන්වා දෙයි



අදහස් (0)

රට පුරා ලේ හිඟයක්: පරිත්‍යාගශීලීන්ට ආරාධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site