IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පැය 67 ක් නුවරඑළිය අඳුරේ

(ආර්.එෆ්.එම්.සුහෙල්)

නුවරඑළිය නගරය හා අවට ප්‍රදේශයන් වන නානුඔය, මීපිළිමාන, ශාන්තිපුර යන ප්‍රදේශවල පිවිසුම් මාර්ග හා ස්ථාන රැසක නාය යෑම් හා ගංවතුර තත්වයන්ගෙන් ආපදා විශාල ප්‍රමාණයක් සිදු වී ඇති බව නුවරඑළිය ආපදා කළමණාකරණ ඒකකය අනාවරණය කරයි.

පසුගිය නොවැම්බර් 27 සවස 06.30 සිට අද (30) සවස 01.30 දක්වා පැය 67ක කාලයක් නුවරඑළිය දිස්ත්‍රික්කයට සහ ඒ අවට සීමාවන් වන ගම්පොල වැලිමඩ නාවලපිටිය යන ප්‍රදේශ වලට දුරකථන සබදතා අහිමිවිමෙන් කිසිදු තොරතුරක් හුවමාරු කර ගැනීමට නොහැකි විය.

මෙම පැය 70කට ආසන්න කාල සීමාව තුල සිදුවූ කිසිදු අනතුරක් කිසිවෙකුට වගකිව යුත්තන්ට දැනුවත් කිරීමට නොහැකි තත්වයක් හා අවශ්‍ය සහන සේවා සැපයීමට නෙනෙකි තත්වයක් හමුවේ මහ ජනතාව හා පොලිසිය ඇතුලු රාජ්‍ය නිලධාරින් දැඩි අපහසුතා රැසකට පත්විය. 

අධික වර්ෂාවෙන්  නුවරඑළිය ග්‍රෙගරි වැව වාන් දැමීමෙන් හා සොරව්ව විවර කිරීමෙන් එහි දැවැන්ත ජල කද ගලා බසින බැලැක්ෆූල් නානුඔය පාලම අසල පැරනි දුම්රිය මාර්ගයේ නිවාස 4ක් මුළුමනින්ම ජල පහරට ගසාගෙන ගොස් තිබේ.

නුවරඑළිය නගරයේ ප්‍රධාන වීදියේ මහ පරිමාණ වෙළඳ සැල් සියල්ල තුලට ගං වතුර ගැලීමෙන් විශාල අලාභ හානි සිදු වී තිබේ. 

සිදු වී ඇති අලාභ හානි වල වටිනාකම්  ප්‍රමාණයන් මේ වන විට ගණනය කිරීමට නොහැකි වන අතර දළ වශයෙන් කෝටි 50ක් 100ක් අතර අලාභයක් සිදු වී ඇති බව වෙළඳ ප්‍රජාව සදහන් කරයි. 

නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගය , ශාන්තිපුර ප්‍රධාන මාර්ගය අඹේවෙල, පට්ටිපොල ප්‍රධාන  මාර්ගය, මහනුවර නුවරඑළිය ප්‍රධාන මාර්ගය හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය , නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ග ඇතුළු මාර්ග රැසක පස් කදු කඩා වැටීමෙන් එම මාර්ග මුළුමනින්ම වසා දැමීමට රථවාහන පොලිසිය කටයුතු කර තිබිණ.

නාය යෑමෙන් හා ගංවතුර තත්වයන් ඇතිවී ආපදාවලට පත් වූ නුවරඑළිය නගරය හා සියලු මංමාවත් යථාතත්වයට පත් කිරීමේ කටයුතු නුවරඑළිය දිස්ත්‍රික් ආපාදා කළමණාකරන ඒකකය හා එක්ව නුවරඑළිය මහ නගර සභාවේ ආපදා කළමනාකරණ ඒකකය හා නුවරඑළිය මහ නගර සභාවේ හා ප්‍රාදේශිය සභාවේ නිලධාරින් හා සේවක මන්ඩලය එක්ව සිදු කරයි . 

 



අදහස් (0)

පැය 67 ක් නුවරඑළිය අඳුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site