IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බිඳ වැටුණු ජල සැපයුම් දින තුනෙන් හදනවා

(අංජුල මහික වීරරත්න)

 දිස්ත්‍රික්ක ගණනාවක බිඳවැටී තිබෙන ජල සැපයුම දින තුනක් ඇතුළත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ඒ. එම්. පී. සී. ටී. බණ්ඩාර මහතා පැවසීය.

ජල සැපයුම  කඩිනමින් ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදාවේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ විදුලිබල මණ්ඩලයේද සහාය ලබා ගෙන තිබෙන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ඒ. එම්. පී. සී. ටී. බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පසුගිය දිනවල දිවයිනට බලපෑ අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක ගණනාවක ජල පිරිපහදු මධ්‍යස්ථාන සහ ජල පොම්පාගාර ජලයෙන් යටවූ බවත්, එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ ජල පිරිපහදු මධ්‍යස්ථාන සහ ජල පොම්පාගාරවලට විශාල හානියක් සිදුව තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

තිස්සමහාරාමය, කතරගම, බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, අම්පාර, , උතුරු මැද, උතුර සහ වයඹ පළාත්වලට මේ වන විට ජල සැපයුම බිඳවැටී තිබෙන බවත් පැවසූ සභාපතිවරයා, මේ වන විට ගාල්ල, අනුරාධපුර, මඩකලපුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජල සැපයුම සියයට සියයක්ම යථා තත්ත්වයට පත් කර තිබෙන බව කීය.

එසේම බස්නාහිර පළාතේ අඹතලේ, ලබුගම, කලටුවාව සහ බියගම යන ප්‍රධාන ජලමූලාශ්‍රවලට හානියක් සිදුව නොමැති බවත් කැලණි ගඟ පිටාර ගැලීමෙන් එම ජල පිරිපහදු මධ්‍යස්ථාන සහ ජල පොම්පාගාරවලට තිබූ අවදානමද මේ වන විට පහව ගොස් තිබෙන බවත් ජලසම්පාදන  මණ්ඩලයේ සභාපතිවරයා  සඳහන් කළේය.

ජල සැපයුම බිඳ වැටී තිබෙන බොහෝ ප්‍රදේශවලට ජල බවුසර් ආධාරයෙන් ජලය ලබාදීමට පියවර ගෙන තිබෙන බවද ඔහු කීය.

 ජල සැපයුම බිඳ වැටී තිබෙන අනිකුත් ප්‍රදේශවල ජල සැපයුම යථාවත් කිරීමට ත්‍රිවිධ හමුදාවේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, විදුලිබල මණ්ඩලයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේත් සහාය ඇතිව පියවර ගෙන තිබෙන බවත්, ඒ අනුව ඉදිරි දින තුන ඇතුළත ජල සැපයුම සියයට සියයක්ම ලබාදීමට හැකියාව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය

 

 



අදහස් (0)

බිඳ වැටුණු ජල සැපයුම් දින තුනෙන් හදනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site