කම්කරු අමාත්‍යංශයේ අතිකාල දීමනා කප්පාදුව අත්හිටුවයි
කම්කරු,වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන්ගේ අතිකාල හා ගමන් වියදම් 50 %කින් කපා හැරීමට අමාත්‍යංශ පරිපාලනය ගෙන ඇති තීන්දුව වහාම අත්හිටුවා පෙර පරිදි ගෙවීම් සිදු කරන ලෙස කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ සෙනෙවිරත්න මහතා අමාත්‍යංශ ලේකම්වරයාට අද (31) උපදෙස් දී ඇත.