බටලන්ද මීළඟ විවාදය මැයි බටලන්ද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ මීළඟ විවාදය මැයි මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇත. 13 April 2025
ගැබිණියක - මවක සමග මෝටර් රථයක් පැහැර ගන්න හදලා ව්‍යාපාරිකයකුගේ ගැබිණි බිරිඳ සහ මව මෝටර් රථයේ සිටියදී එය පැහැරගෙන යමින් සිටි කොල්ලකරුවකු පසුපස හඹා ගිය පොලිසිය මෝටර් රථයට වෙඩි තබා මෝටර් රථය බේරාගෙන ඇතත් සැකකරු පලා ගොස් ඇතැයි කොටහේන පොලිසිය කියයි. 13 April 2025
තවත් අන්තවාදයක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක් ’’සුපර් මුස්ලිම්’’ නමින් යම් අන්තවාදී මතවාදයක් මුස්ලිම් සමාජයේ ගොඩ නැගෙමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැගෙනහිර පළාතේ පැවති ජනහමු කිහිපයක් අමතමින් පැවසීය. 13 April 2025
කෝටි 200ක කුඩු මහ මුහුදෙන් අල්ලයි රුපියල් කෝටි 200 කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග බහු දින ධීවර යාත්‍රාවක් සමග ධීවරයන් හය දෙනකු ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 13 April 2025
තැනින් තැනට අද සවසත් වැස්ස මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 April 2025
ධීවර වරායෙන් කුඩු පන්නන්න හදලා හෙරොයින් මත්ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝවේ පැකට් 98 ක් මාලු ප්‍රවාහනය කරන අධි ශීතකරණ සහිත ලොරියකින් කුඩාවැල්ල ධීවර වරායෙන් පිටතට ගෙන යාමට තැත්කල සැකකරුවන් දෙදෙනෙක් තංගල්ල පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් විසින් කුඩාවැල්ල ධීවර වරායේ ගේට්ටුව අසලදී අද (13) අලුයම 01 ට පමණ අත් අඩංගුවට ගනු ලැබූහ . 13 April 2025
දින නවයක් හිරුගේ විදුලිය එපා කියයි පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය දිවයින පුරා සිටින වහල මත සූර්ය පැනල සවි කර ඇති බල ශක්තිය හිමියන්ගෙන් ඉල්ලා සිටී. 12 April 2025
සෙනඟට තෙරපුණු දැරියට ජනපති අත දෙයි අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය. 12 April 2025
දරුවන්ට අමානුෂිකව සැලකූ ගුරුවරයා සොයා මෙහෙයුමක් කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අදාළ ගුරුවරයා සැඟවී සිටින බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය පැවසීය. 12 April 2025
නීති කැඩූ අපේක්ෂක 14ක් මාට්ටු මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 12 April 2025
හිටපු ජනපතිවරයෙකුට සිතාසි යාවි කියලා කවදාවත් හිතුවද? මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය. 12 April 2025
මුණුපුරා බක් පොහෝදා ආච්චි - සීයා කපා කොටා ඝාතනය කරලා සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැකපිට අත් අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය කියයි. 12 April 2025
රට තුළ සංහිඳියාව ඇති කිරීමට රජය කැප වෙනවා රටතුළ නිර්මාණය කරන ගැටුම් හේතුවෙන් ජනතාව තව දුරටත් දුක් විඳිය යුතු නැති බවත් රට තුළ සංහිඳියාව ඇති කරන්න රජය කැපවී සිටින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 12 April 2025
ගුවන් යානයේ දී කතකට අතවර කරන්න ගිය ඉන්දීයානුවා අල්ලයි ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගී කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කළ ඉන්දීය ජාතිකයෙකු අද (12) ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 12 April 2025
කොස්තාපල්ට පහර දෙන්න ගිය බස් රියදුරු අත්අඩංගුවට අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන මගීන් 60 කට අධික පිරිසක් නංවාගෙන බීමත්ව බස් රථයක් ධාවනය කරමින් යතුරුපැදියකින් යමින් සිටි කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ අනතුරට ලක් කිරීමට උත්සාහ දරා අනතුරුව යකඩ කොල්ලකින් පහර දීමට තැත් කළ සැකකාර රියදුරු අත් අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි 12 April 2025
කෝප් එකෙන් අලුත් වැඩක් දූෂණ වංචා අක්‍රමිකතා වැඩි වශයෙන් සිදුවන සහ ප්‍රශ්නගත ආයතනවලට ඉදිරියේදී හදිසියේම කඩා වැදී ඒවායේ කටයුතු නිරීක්ෂණය කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. 12 April 2025
කමිටුව පත් කරන්න කතානායක ලියුම් යවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීමට පත් කෙරෙන කමිටුව සඳහා සාමාජිකයන් පත් කරන ලෙස කතානායකවරයා අගවිනිසුරුවරයා ඇතුළු අදාළ පාර්ශවවලට ලිඛිතව දැනුම්දී ඇත. 12 April 2025
පිල්ලෙයාන් දින 90ක් රඳවන්න අවසර හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. 12 April 2025
රනිල්ට අල්ලසට එන්න 23 න් පසු දිනයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබන23වැනිදායින් පසු කැඳවීමට එම කොමිසම තීරණය කර ඇත. 12 April 2025
ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල නායයාම යලි සක්‍රිය වෙයි ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම යලි සක්‍රිය වීමට පටන් ගෙන ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (12) පැවසීය . 12 April 2025
බටලන්ද හැදුවේ තෙල් පිරිපහදුව රකින්න සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය බටලන්ද කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතුව බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 12 April 2025
හාලිඇළ නගරයේ මළසිරුරු දෙකක් හාලිඇල නගරයේදී අභිරහස් ලෙස මියගොස් සිටි නාදුනන තරුණයන් දෙදෙනකු ගේ මළසිරුරු දෙකක් අද (12) සොයා ගත් බව හාලිඇල පොලිසිය පවසයි . 12 April 2025
අවුරුද්දට ගමේ යන්න ලංගමෙන් ඩබල් ඩෙකර් එළඹෙන අලුත් අවුරුද්ද නිමිත්තෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගම්බිම් බලා යන ජනතාව විශාල පිරිසක් කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණීමත් සමග ඔවුන්ට ගම්බිම් බලා යාමට ඩබල් ඩෙකර් බස් යෙද වීමට බලධාරීහු කටයුතු කළහ. 12 April 2025
දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක් ගැටේ කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක් හරහා ත්‍රිරෝද රථයක් ධාවනය කිරීමේදී දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරින් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කල බව කොස්ගම පොලිසිය පවසයි. 12 April 2025
නිදහසේ නාන්න ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක් නාන කාමරයට යන ඇමෙරිකානුවන්ට, පහසුවෙන් ස්නානය කළ හැකි ආකාරයේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය. 12 April 2025
මීතොටමුල්ල ඩිපෝව ගරා වැටිලා මීතොටමුල්ල සී.ටී.බී ඩිපෝවේ කාර්යාලීය ගොඩනැගිලි මේ වන විට ගරා වැටෙමින් පවතින බව කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර එහි කළ නිරීක්ෂණයකදී දැක බලා ගත්තේය. 12 April 2025
පොඩ්ඩන්ගේ ගතමනාව ලොක්කොත් අරන් පාර්ලිමේන්තුවේ රැස්වීම් සවස 5.30න් පසු පැවැත්වෙන අවස්ථාවලදී සාමාන්‍ය සේවක සේවිකාවන්ට හිමිවන රුපියල් 750 ප්‍රවාහන දීමනාව (Transport Allowance) පාර්ලිමේන්තුවෙන් වාහන ලබාගෙන ඇති සහ වාහන දීමනාවට හිමිකම් කියන ප්‍රධානීන්ද කාලයක සිට ගැනීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවන බව පාර්ලිමේන්තු සේවකයෝ පෙන්වා දෙති. 12 April 2025
ඇමති නිවාස කැලෑවට ගිහින්: අවුරුද්දෙන් පසු තීරණයක් ඇමති නිවාස කාලයක් තිස්සේ වසා දමා තිබීම හේතුවෙන් වල් වැදී ඒවා ජරාවාස වෙමින් තිබෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. 12 April 2025
සියලු හිරකරුවන්ට බන්ධනාගාරයෙන් තෑග්ගක් බන්ධනාගාර ගත රැදවියන්ට සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඥාතීන් හෝ අමුත්තන් විවෘතව බැලීමට අවස්ථාව උදාකර දෙන බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා පැවසීය. 12 April 2025
ඇමති, නි.ඇමති විස්සක් තෙල් එපා කියති : මැතිසබා ලේකම්ට ලියුමක් වර්තමාන රජයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නැති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිඛිතව දැනුම් දී ඇත. 12 April 2025
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025