
(අංජුල මහික වීරරත්න)
ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී සහ සැලසුම් සකස් කිරීමේදී නිවැරදි දත්ත ඉතා වැදගත් බැවින් සෑම විටම නිවැරදි දත්ත ඉදිරිපත් කිරීම නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
ආපදාවෙන් හානි වූ වගා බිම් සඳහා වන්දි ලබා දීමේ කටයුතු මෙම දෙසැම්බර් 30 වනදා පෙර අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා එම වන්දි මුදල්, එය ලැබීමට සුදුසුම පිරිස් වෙත ලබා දීම වෙනුවෙන් නිවැරදි දත්ත වෙන් කර හඳුනා ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මීට පෙර රටේ සහල් අතිරික්තයක් තිබෙන බවට අදාළ ආයතන දත්ත ඉදිරිපත් කළද සහල් හිඟයකට මුහුණ දීමට සිදුවු අන්දමද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම කරුණු පෙන්වා දුන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ මාතලේ දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යළි ගොඩනැඟීම පිළිබඳ අද (06) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආපදා වගා වන්දි දෙසැම්බර් 30ට කලින්