
( ටී.කේ.ජී.කපිල )
ඉන්දියාව විසින් නම් කර ඇති " සාගර බන්ධු " මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් අද (6) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මෙම ගුවන් යානය තුළ අඩි 110 ක් දිගැති , මෙට්‍රික් ටොන් 65 ක් බරැති බේලි පාළමක් , ජේ.සී.බී.බැකෝ යන්ත්‍රයක් සහ ඉන්දීය යුධ හමුදාවේ ඉංජිනේරු බළකායේ ඉංජිනේරුවරුන් 13 දෙනෙකු ද පැමිණ සිටියහ .
ඉන්දීය ගුවන් හමුදාවට අයත් සී.- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (6) දින පස්වරු 03.15 ට ඉන්දියාවේ අග්‍රා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම භාණ්ඩ තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බළකායේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දීය ආධාර රැගත් 9 වැනි යානයත් එයි