(ටී.කේ.ජී.කපිල)

ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක්  අද දිවයිනට ළඟා විය.

මෙම ගුවන් යානය තුළ ජල පිරිසිදුකරණයන් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය සදහා අවශ්‍ය තවත් උපකරණ රාශියක් අඩංගු ඇසුරුම් 17 ක මෙට්‍රික් ටොන් 2.6 ක් බරැති මෙම ආධාර තොගය තිබුණි .

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත නියෝජ්‍ය තානාපති ඔලීවියර් ප්‍රාස් ( Olivier Praz ) , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීහු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .