(එච්.එම්. ධර්මපාල) 

දෙහිවල  වනරතන පාර නිවාස සංකීර්ණය ක්‍රීඩාපිටිය අසලදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

පාතාල කණ්ඩායම් දෙදෙක ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද  පොලීසිය කියයි .

තුවාල කරු රෝහලට ඇතුළු කරන විටත් මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. වැඩිදුර විමර්ශන දෙහීවල පොලීසිය විසින් සීදු කරනු ලබයි.