
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත
නොවැම්බර් මස 24 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් මත මෙම පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා පවසයි
ඒ අනුව නව නිවාඩු අයදුම්පත්‍ර හෝ නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර භාරගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ යුතු බව අමාත්‍යාංශ ලේකම්වරයා, සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයකින් දැනුම් දී ඇත
ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට වසර 5ක උපරිමයකට යටත්ව දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට අවස්ථාව ලබා දෙමින් 2022 වසරේ ජුනි මස 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කෙරිණ
දැනට දේශීය විදේශීය නිවාඩු ලබා සිටින නිලධාරීන් සඳහා අනුමත කර ඇති කාල සීමාවට අදාළව පමණක් එම නිවාඩුව ලබා ගැනීමේ හැකියාව පවතින බව චක්‍රලේඛයේ සඳහන්වේ.
මේ වන විට නිවාඩු සඳහා අනුමැතිය ලබා එම නිවාඩුව ගත කිරීමේ අපේක්ෂාවෙන් සිටින නිලධාරීන්ට අනුමත කර ඇති කාලසීමාවට අදාළ වන පරිදි නිවාඩුව ලබා ගැනීමේ හැකියාව පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝම සන්තෝසෙන් කියන්නේ රාජ්‍ය සේවකයන් පැල් බැදගෙන මේ ආන්ඩුව බලේට ගේන්න ඡන්දෙ දුන්නේ. මේ ඒවාට ප්‍රති උපකාර. ඡන්දේ කාලේ රජයේ ඔෆිස්වල වැඩට වඩා කලේ මාලිමාවට කඩේ යාමනේ. ආර්ථිකයේ නිර්වචනයවත් නොදන්නා රාජ්‍ය ඔෆිස්වල ආර්ථික ඔස්තාර්ලා තර්ක කලේ.150 පෙට්‍රල්, 33% ලයිට් බිල අඩුකිරීම විශාල වැටුප් වැඩිකිරීමේ පොරොන්දු වෙනුවෙන් හොදට කඩේ ගියා. ඒවා ප්‍රායෝගිකව කළ නොහැකි බවට ඔලුවෙන් හිටගෙන කීවත් පිළිගත්තේ නෑ. දැන් අද විදවපල්ලා.
ගෙදර හදිස්සියක් වුණාම ගෙදර ඈයෝ ගිය තැනකින් ආපහු එනවා. දාගත්තු වැඩ කැන්සල් කරනවා. ජාතියක්, ජම්මයක් නැති හැඟීමක් නැති එවුන් කීපදෙනා විතරක් පිස්සු කෙලිනවා. කවදත් එහෙම තමයි. අපි ඒවාට කලබල වෙන්නෑ.
දැන් සැපද...? රජයේ සේවක ගොබ්බයින්ට...
රටේ ජීවත් වෙන්න බැරි නිසා රටෙන් පිටවෙන්නේ මිනිස්සු... දැන් හරි බලමුකෝ දැන් නව බදවා ගැනීම් වෙන හැටි... මුන්ම තමයි රාජ්‍ය සේවයේ කාඩරය වැඩියි කියලා ප්‍රශ්න ඇද්දේ... ඒකට විසදුමක් විදියටයි ඔය දේ ගෙනාවේ. දැන් බලමු නව බදවා ගැනීම් කරයිද? එතකොට කාඩරය වැඩි නැද්ද කියලා...
ජෙප්පන්ට ජාතියක්, ජන්මයක්, ආගමක් නැති අය කියලා කියන්න එපා. හරි නැහැනේ.