ආයුර්වේද වෛද්‍යවරයා හා නීති නිලධරයා රිමාන්ඩ් ආයුර්වේද නිෂ්පාදන කිහිපයක් සඳහා 2018 බලපත්‍රයක් ලබා ගැනීමට රුපියල් ලක්ෂ තුනක් ඉල්ලු බව කියන නාවින්න ආයුර්වේද කාර්යාලයේ වෛද්‍යවරයා සහ නීති නිලධාරී ලබන 5 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කළේය. 29 March 2018
බන්ධනාගාර හිටපු අධිකාරි අත්අඩංගුවට 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට මැගසින් බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත. 29 March 2018
බ්‍රිතාන්‍යය ප්‍රහාරකයන්ට අනතුරු අඟවයි බ්‍රිතාන්‍ය ආරක්ෂා කිරීමට කළ හැකි සියල්ල සිදු කරන බව සතුරන්ට අනතුරු අඟවමින් බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ ප්‍රකාශ කර ඇත. 29 March 2018
සාමාන්‍ය පෙළ විභාගයෙන් පළමු වැනියෝ හය දෙනෙක් 2017 දෙසැම්බර මාසයේ දී පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසු සිසුවියෝ හය දෙනෙක් දිවයිනේ ප්‍රථම ස්ථාන දිනා ගැනීමට සමත්ව සිටිති. 28 March 2018
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරයි 2017 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මීට ටික වේලාවකට පෙර නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව කියයි. 28 March 2018
යුරෝපා සංගම් තානාපතිවරු මහනුවර සංචාරයක යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවේ තානාපති තුන්ග් ලායි මාර්ග් සහ යුරෝපීය රටවල මෙරට තානාපතිවරු පිරිසක් අද (28) තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශ්වයේ මහානායක සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහානායක හිමිවරු මුණු ගැසී සාකච්ඡා පැවැත්වූහ. 28 March 2018
කම්කරු දිනය කල් දැමුවාට පෙරටුගාමීන්ගේ විරෝධය වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඞ නගන ජාත්‍යන්තර කම්කරු දිනය කල් දැමීමට රජය ගත් තීරණය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (28) පැවසීය. 28 March 2018
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි පැය තුන ඇතුළත අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තව පැය තුනක් ඇතුළත නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියයි. 28 March 2018
සෙල්ලම් කරමින් සිටි දරුවා තෙප්පමින් වැටී මරුට කල්පිටිය උච්චිමුණේ දූපතේ පදිංචි හය හැවිරිදී පිරිමි දරුවකු අද රාත්‍රී තෙප්පමකින් කළපුවට වැටී මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය කියයි. 28 March 2018
ලක්ෂ 16ක හොර සිගරට් ගුවන් තොටේදී අල්ලයි විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ශීතකරණයක බහා නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කිරීමේ දී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි. 28 March 2018
පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අත්අඩංගුවට 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද (28) පස්වරුවේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 28 March 2018
එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ හෙට අගමැති හමුවෙති අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන් අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට (29) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 28 March 2018
සම්බන්දන්ට එරෙහිව ඇතුළෙන්ම පැමිණිල්ලක් දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර්.සම්බන්දන් මහතා තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකර ඇති බවට චෝදනා කරමින් එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා කථානායක කරූ ජයසූරිය මහතා වෙත ලිඛිත පැමිණිල්ලක් සිදුකර තිබේ. 28 March 2018
මහබැංකුව රනිල්ගෙන් ඉවත් කරයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති ධුරය දරණ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යංශය යටතට පවරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. 28 March 2018
බලශක්ති සුරක්ෂිතතාවට සුළං බල මෙහෙයුමක් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා සුළං බල මෙහෙයුමක් දියත් කිරීමට විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ තීරණය කර තිබේ. 28 March 2018
විශ්වාසභංගය ගැන ශ්‍රීලනිප මතය හතර වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අප්‍රේල් 04 වැනි දින ගන්නා බව පක්ෂයේ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. 28 March 2018
ජුලම්පිටියේ ඥනරත්න නාහිමියෝ අපවත් වෙති ඉන්දියාවේ සංකස්සපුර මෛත්‍රී බුද්ධ මහා විහාරයේ නිර්මාතෘ සහ විහාරාධිපති ආචාර්ය ජුලම්පිටියේ ඥනරත්න නාහිමියෝ කොළඹ පෞද්ගලික රෝහලකදී අද (28) අපවත් වූහ. 28 March 2018
උදයංග වීරතුංග අත්අඩංගුවට ගත්තේ ඩුබායි පොලිසියෙන් - ඇමැති රාජිත රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගත්තේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ මගින් නොව ඩුබායි පොලිසියෙන් බවත්, ඔහු අත්අඩංගුවට ගත් සැණින් මෙරරට බාර නොදෙන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 28 March 2018
තලවකැලේට වැසි සමඟ අයිස් කැට තලවකැලේ නගරය හා ඒ අවට ප්‍රදේශයන්ට අද (28) සවස පතිත වූ අධික වර්ෂාවත් සමඟ අයිස් කැට වැටුණු බව ප්‍රදේශවාසීහු කියති. 28 March 2018
ඇලෝසියස්ගේ පෙත්සම විභාගයෙන් විනිසුරු ප්‍රසන්න ඉවතට බ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගම සතු බැංකු ගිණුම් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණයට එරෙහිව එම සමාගම සහ එහි සභාපති අර්ජුන් ජෝසෆ් ඇලෝසියස් මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් තමන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අද (28) ප්‍රකාශ කළේය. 28 March 2018
තිස්තුන් වසරකට පසු ඝාතකයින්ට මරණ දඬුවම මහමගදී ඇගේ හැපුනැයි පුස්තකාලයට පැමිණ පිහියෙන් ඇන තරුණයෙකු මරාදැමීමේ චෝදනාවට වරදකරුවන් වු පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඊයේ (28) මරණ දඬුවම නියම කළේය. 28 March 2018
ඉන්ධන බද්ද මාර්තු සිට පහතට ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල අඛණ්ව වැඩි වෙමින් තිබුණද ජනතාවට සහනදීමේ අරමුණින් ඉන්ධන වෙනුවෙන් අයකරන බද්ද මාර්තු මාසයේ දී පහත දැමු බව මහා භාණ්ඩාගාරය සඳහන් කරයි. 28 March 2018
ලංකාවට ජීඑස්පී දෙන්න ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වෙයි ශ්‍රී ලංකාවට විශේෂ ප්රතිලාභ සහිත වරණීය තීරුබදු සහනය පිළිබඳ පොදු ක්‍රමය (ජී.එස්.පී) නැවත ලබාදෙමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අයවැය පනතට අත්සන් තබා ඇතැයි කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය අද (28) සඳහන් කළේය. 28 March 2018
තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව හෙට සිරිකොතේදී එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී හෙට (29) පැවැත්වේ. 28 March 2018
ඉංගිරියේ පුද්ගලයෙක් වෙඩි වැදී මරුට ඉංගිරිය අරකැවිල නිවසක ඇදක් මත දී අද (28) පුද්ගලයෙක් වෙඩි වැදි මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 28 March 2018
වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි වැඩබලන අගවිනිසුරුවරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 28 March 2018
බදුල්ලෙත් පුරපති පුටුව පොහොට්ටුවට පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයට බලය හිමිව තිබූ බදුල්ල මහනගර සභාව අද (28) පොදුජන පෙරමුණේ ප්‍රියන්ත අමරසිරි මහතා නගරාධිපති ලෙස විවෘත ඡන්දයෙන් තේරිපත් විය. 28 March 2018
සිවිල් සංවිධාන නියාමන පනත ඉවත් කරයි සිවිල් සංවිධාන නියාමනය කිරීම සදහා රජය ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකින් පසු ඉවත් කර ගත් බව සිවිල් සංවිධාන එකමුතුවේ නියෝජිත රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (28) පැවසීය. 28 March 2018
ඝණ පූරණයක් නැතැයි හම්බන්තොට මහ නගර සභාව කල් යයි හම්බන්තොට මහ නගර සභාවේ ඝණ පුරණය නොමැති කම හේතුවෙන් නගරාධිපති පත් කිරීම තවත් මසකින් කල් තැබිමට දකුණු පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතා සභාව කල් තබමින් අද (28) තීරණය කළේය. 28 March 2018
රත්නපුර මහ නගරසභා ජයත් පොහොට්ටුවට රත්නපුර මහ නගර සභාවට නගරාධිපතිවරයෙක් තෝරාපත්කර ගැනීම සඳහා පැවති රහස් ඡන්දයේදී ඡන්ද 12ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඒ.එම්.ටිරොන් හිරන්ත අත්තනායක මහතා නගරාධිපතිරයා ලෙස අද (28) තේරීපත් විය. 28 March 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026