(දයාරත්න ඇඹෝගම)
කවුරු කොහොම කිව්වත් තමන් ජාතික ආණ්ඩුවක් සැදිමට එක් නොවන බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රසේන මහතා අද (27)දින අනුරාධපුරයේදි පැවසිය.
අනුරාධපුර කුරුන්දන්කුලම පිහිටි ඒ මහතාගේ නිවසේදි පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව පැවසිය.
එම මාධ්‍ය හමුවේදි මාධ්‍යෙව්දින් අමතමින් එස්.එම්.චන්ද්‍රසේන මහතා මෙසේද පැවසිය.
ඒ.ජ.ප.ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව යහපාලන ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වා අවරුදු හතරකට පස්සේ එහි අසාර්ථකභාවය නිසා තමයි මම ශ්‍රී.ල.නි.පය ඉන් ඉවත් උණේ.
ඉවත්වෙලා තිබුණ අඩුපාඩු ජනාධිපතිපති තුමා පෙන්නලා දුන්නා.
ජනධිපතිතුමා අගමැතිරයාට මුණටම මේවා කිව්වා. බැදුම්කරය ගැනත් එතුමාට කිව්වා.ඒ තිබුණ සියලුම් ගැටළු කිව්වා.ඉතින් මාධ්‍යවලින් මොනවා කිව්වත් මන් දන්නේ නැහැ ආයේ මේ අයට එකතුවෙලා ජාතික ආණ්ඩු හදන්න පුළුවන් වෙයි කියල.
එහෙම උනොත් ජනතාවට ඒක අප්‍රසන්නම දෙයක් වෙයි. අද ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එකතු වෙලා ඉදිරි කටයුතු ඉතා සාර්ථකව කරගෙන යනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුම පාරම් බාන අය තමා පෝලිමේ මුලින්ම ඉන්නේ.
කවුද මේ?
මෙයා මොන පාටියේ කෙනෙක්ද? මොනවද කරලා තියෙන්නේ?
ලෙඩ්ඩු නොඑන එකම තමයි හොඳ, රටටත්, ආණ්ඩුවටත් කාටත්...
ජනාධිපතිතුමා අගමැතිරයාට මුහුණටම මේවා කිව්වා පමණක්ද? ජනාධිපති ඔහුගේ නොහැකියාවත් නොකියාම කිව්වා ෆයිල් නැතිවුණු කතාවේදී... මහින්ද කල්ලියේ දූෂණ, වංචා ගැනත් කියලා තියනවා. ඒ කියන්නේ මේ පාර්ශව තුනක්ම දූෂිත බව පැහැදිලියි...
සමාවෙන්න ඔබව වෙන්දේසියේ තියන්න තරම් වටිනාකමක් නැහැ.
මෙයා තමයි එල්.ටී.ටී.ඊ. එක මාවිල්ආරු සොරොව්ව වහපු වෙලාවේ වගා වන්දි ටික රුපියල් කෝටි 14ක්.. ගැහැණු කෙනාගේ නමට ගිණුමක් අාරම්ඹ කරලා එම සල්ලි හොරකම් කරපු පාහරයා මේ සිද්ධිය එදා මහින්දට දැනුම් දුන්නත් ඔහු නැසුණාවගේ හිටියා. පසුව ජවිප එකේ බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ සියලු විස්තර සහිතව පෙන්වා දුන්නා. එහෙත් වෙච්ච දෙයක් නැහැ.. මේකතමයි මොවුන්ගේ දේශපාලනය... නරුමයන් තමයි ඕකේ අතිබහුතරය.. ඉතින් තව උඩ පැන පැන ඡන්දය දීපල්ලා..
කවුද මේ? මෙයා හිතන් ඇති ලොක්කෙක් කියලා....
බැසිල්ගේ උදලුතල ලක්ෂ දෙකක් බෙදලා මිනිස්සු රවටලා මනාප අරන් හිතනවා ඇති රජවරු කියලා පව්..
අනේ ඔයා යන්න එපා... අර පවුලගේ නමට දාපු සල්ලි වලින් චුට්ටක් අරගෙන දැමූ හොඳ ජෝගියක්... ඒ සල්ලි අාපහු දුන්නේ එහෙම නැහැනේ?