(චමිල් රූපසිංහ)
පෝස්ටර්, බැනර් හා අවිධිමත් වෙළඳ නාම පුවරුවලින් අපවිත්‍රවී ඇති මහනුවර නගරය අලංකාරවත් නගරයක් බවට පත් කිරීම සඳහා මහනුවර නගරයේ පෝස්ටර් ඉවත් කිරීම අද (27) මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් ආරම්භ කෙරිණ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සහ මහනුවර නගරාධිපති කේසර සේනානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර නගරයේ තිබූ පෝස්ටර් ඉවත් කිරීම සිදු කෙරිණ.
පෞද්ගලික උපකාරක පංති, දේශපාලන වැඩසටහන්, විවිධ වෙළඳ දැන්වීම් වලින් යුතු පෝස්ටර් රැසක් ගලවා ඉවත් කෙරුණු අතර නගරයේ දිරා ගිය ගස්වල අතු ඉවත් කිරීම ද මහනුවර මහ නගර සභාවේ සේවකයන් විසින් මෙහිදී සිදුකරනු ලැබීය.
පැය තුනක පමණ කාලයක් මෙම ශ්‍රමදාන ව්‍යාපාරය මහනුවර නගරයේ ස්ථාන කිහිපයකදී ක්‍රියාත්මක වූ අතර මහනුවර නගරයේ අවිධිමත් පරිදි පෝස්ටර් ඇලවීම තහනම් කරන බවත් එලෙස පෝස්ටර් අලවන පිරිස් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවත් මහනුවර පුරපති කේසර සේනානායක මහතා ප්‍රකාශ කළේය.
මහනුවර මහ නගර සභාවේ පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් , මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාව සඳහා එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප මෙය අගය කරන්නෙමු. මහනුවර පමණක් නොව මුළු දිවයිනේම මෙය සිදුවිය යුතුය. මෙසේ පෝස්ටර් අලවන හරකුන්ට සහ පෝස්ටර් වල ඉන්න මී හරකුන්ට, හැල කිඹුල්ලුන්ට, අතිරේක පන්ති මහෞෂධ පණ්ඩිතයන්ට විරුද්ධව නීති මාර්ගයෙන් දඬුවම් කළ නොහැකිද? මොකද මෙම පෝස්ටර්වල මුද්‍රණය කළ තැන, සියලුම විස්තර තියෙනවා නොවේද? රතු හරකුන් නම් අමුතුම තාලේකටනේ පෝස්ටර් වල ලියලා තියෙන්නේ...
මේක හොඳ වැඩක්.. මෙය අනෙකුත් දිස්ත්‍රික්කවලටත් යෙදෙව්වා නම් හොඳයි.. චිත්‍රපටි, ටියුෂන් පෝස්ටර බිත්තිවල, ගස්වල හැමතැනම.. අලවලා.. ආණ්ඩුකාරතුමාට අපේ ආචාරය!!!
මීඩියා ෂෝ දාලා වැඩක් නැහැ. විකල්පයක් හඳුන්වා දෙන්න පෝස්ටර් වෙනුවට... මේ ටිකේ පෝස්ටර් ගහන්නේ ටියුෂන් මාස්ටර්ලා හින්දා ගලවයි. ඡන්දේ කාලෙක ඕව ගැලෙව්වොත් මැරුම් කන්නත් වෙයි... දැන්වීම් වෙනුවෙනුත් නියමිත ස්ථාන නම් කරන්න. ලෝකේ වෙන රටවල ඒවා නගර සභාවෙන්ම ඉදිකරලා ආදයමක් වුණත් ගන්නවා...
අන්තිම දක්ෂයෙක් වගේ...
කඩදාසි පෝස්ටර් වෙනුවට හොඳ විකල්පයක් නම් ඉලෙක්ට්‍රොනික් දැන්වීම් පුවරු ඇති කිරීම. අවශ්‍ය කෙනෙකුට මුදලක් ගෙවා තම ප්රචාරක කටයුතු කර එවැනි පුවරුවල කර ගත හැකියි. නමුත් ලංකාවේ පෝස්ටර් මත වැඩියෙන්ම යැපෙන්නේ දේශපාලකයින් වන අතර, ඔවුන් කිසිදිනක යහමගට ගත හැකි අයවලුන් නම් නොවේ.
අගමැති රනිල් මෙයා වගේ හොඳ මිනිස්සුන්ව අතුගාලා, මහ බැංකු හොරු ටික ලං කරගත්තා...
හැම තාප්පෙකම පෝස්ටර් ගහන්න ඉගැන්නුවේ ජවිපෙ තමයි.
මහ ඇමතිවරු ඉන්නේ මේවා කරන්නද ?
දහම්, මොහු මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මිස මහඇමැති නොවේ.
ගුණරත්න ආණ්ඩුකාර මහත්තයා සහ දකුණේ කීර්ති ආණ්ඩුකාර මහත්තයා පොදු ගැටලු ගැන හොද අවදානයක් යොමු කරමින් මේ දිනවල කටයුතු කිරීම වටිනා දෙයක්.
මෙයා කොම්පැනියක ඩිරෙක්ටර් වුනොත් ඔෆිස් එක අතුගාන්න පටන් ගනීවි..
බොරු ෂෝ.. තව ටික දවසකින් මේ ගොයියා ඇහැට දකින්නත් නැති වෙයි.
මෝඩ මිනිස්සු, පෝස්ටරයක් ගලවගන්න දන්නේ නැහැ. තව කොහෙද රට පාලනය කරන්නේ. ප්‍රේසර් ක්ලීනින්ග් ගන් එකක් ඕනේ ඔය වැඩේට .