(බිඟුන් මේනක ගමගේ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් දේශපාලකයන් කළ හෙළිදරව් අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බව තමන්ට දැනුම් දී ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා ‘ලංකාදීප ’යට පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් තම සංවිධානය කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන සිදුවන්නේ යැයි ද ඔබේසේකර මහතා කීය.
අල්ලස් ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍යට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව සැලකිල්ලට ගන්නැයි ඉල්ලමින් එම සාකච්ඡාවේ වීඩියෝ පටය මීට පෙර අවස්ථාවකදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලබා දුන්නේ යැයි ද ඒ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් කොමිසමට කළ පැමිණිල්ලට අදාළව සාක්ෂි ලෙස මෙම වීඩියෝ පටය බාර දුනනේ යැයි ද ඔබේසේකර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර තිබුනා වගේ මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කරන්න බැරි විදීයට ව්‍යවස්ථාව සංසෝධනය කලානම් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයිනේ. ඒ උනාට කිසිම දේශපාලන පක්ෂයක් ඒකට කැමති නෑ.
රට වට කර වැට බැන්දත් කට වට කර වැට බඳින්න බැහැ කිව්වේ මෙවැනි නුවණැති කතා නිසයි
අල්ලස් හා දුෂණ කොමිසම කොරයි දැන්. නඩුවක් හරියට දාගන්න බැරි මිනිස්සු.